හෝම් ලෑන්ඩ්ස් (Home Lands) සමාගම විසින් කොළඹ වරාය නගරයේ ක්‍රියාත්මක කරන, ඇමරිකානු ඩොලර් මිලියන 300ක් වටිනා සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් වන “සෙන්ට්‍රල් පාර්ක් බොලිවාර්ඩ් පෝර්ට් සිටි කලම්බු” (Central Park Boulevard Port City Colombo) නිල වශයෙන් දියත් කෙරිණි.
මෙම ව්‍යාපෘතිය එළිදැක්වීමේ තරු පිරුණු උත්සවය පසුගිය දින (12) කොළඹදී පැවැත්විණි. ඒ සඳහා විශේෂ ආරාධිතයින් ලෙස බොලිවුඩ් සුපිරි තරු වන ශිල්පා ෂෙට්ටි, ආදිත්‍ය රෝයි කපූර් සහ ජැකලින් ෆර්නැන්ඩස් එක්ව සිටියහ. එමෙන්ම, මෙම ව්‍යාපෘතියේ නවතම සන්නාම තානාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පුරාවෘත්තයක් වන මහේල ජයවර්ධන මහතාව ද මෙහිදී හඳුන්වා දෙන ලදී.
මෙය කොළඹ වරාය නගරයේ මධ්‍යම උද්‍යාන දිස්ත්‍රික්කයේ පිහිටි නිවුන් කුළුණු ව්‍යාපෘතියකි. මහල් 37කින් යුත් මෙම ව්‍යාපෘතියට සුඛෝපභෝගී නිවාස ඒකක 640කට වඩා ඇතුළත් වේ. ඉන්දියන් සාගරයේ සහ කොළඹ වෙරළ තීරයේ දර්ශනීය දසුන් මෙන්ම, වරාය නගරයේ අක්කර 40ක හරිත උද්‍යාන භූමියට මුහුණලා මෙය පිහිටා ඇත.
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ නිශ්චල දේපළ ක්ෂේත්‍රයේ සිදු වූ විශාලතම දියත් කිරීමක් ලෙස සැලකෙන අතර, ජාත්‍යන්තර මට්ටමේ සුඛෝපභෝගී ජීවන රටාවක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම මෙහි අරමුණයි.
















