2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම සඳහා ඇමරිකාවේ රැඳී සිටින එංගලන්ත පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ සපත්තු ඇතුළු අත්‍යවශ්‍ය ක්‍රීඩා උපකරණ තොගයක් සොරාගෙන ඇති බව වාර්තා වේ.
එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩා උපාංග ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයකින් මෙම භාණ්ඩ සොරාගෙන ඇත්තේ ෆ්ලොරිඩාවේ පිහිටි පුහුණු කඳවුරේ සිට මිසූරි හි ස්වෝප් පාපන්දු ගම්මානය වෙත උපකරණ රැගෙන යමින් සිටියදීය. සොරකම් කරන ලද භාණ්ඩ අතර නිල තරගාවලි පාපන්දු බෝල, පුහුණු උපකරණ සහ එංගලන්ත කණ්ඩායමේ තරු ක්‍රීඩකයින්ට අයත් විශේෂිත සපත්තු ද වන බව විදෙස් මාධ්‍ය පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලොස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුව විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. ලෝක කුසලාන තරගාවලියක් වැනි උසස් ආරක්ෂක තත්ත්වයක් පවතින අවස්ථාවක මෙවැනි සොරකමක් සිදුවීම පිළිබඳව පාපන්දු ලෝලීන් අතර දැඩි කතාබහක් සහ විමතියක් ඇතිව තිබේ.
















