27 April 2024
#දේශීය

ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ වැඩසටහනට මධ්‍යම පළාතේ නිළධාරින් සූදානම් කෙරේ

ජාතික ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ වැඩසටහන පළාත් මටිටමින් බලගැන්වීමේ එක් අදියරක් ලෙස මධ්‍යම පළාතේ නිළධාරින් දැනුවත් කිරීම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී ඊයේ (21 ) සිදුවිය.

ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා මූලිකත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් ක්‍රියාවට නංවනු ලබන මෙම වැඩසටහනට සමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව , ජීවනෝපාය සංවර්ධන කමිටුව, දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීමේ සංවර්ධන කමිටුව, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව යන කමිටු යටතේ ක්‍රියාවට නැංවීමට යෝජනා ව් ඇත.

පළාත් ප්‍රධාන ලේකම් , පළාත් ආණ්ඩුකාර ලේකම් ප්‍රමුඛ මධ්‍යම පළාත් සභාවේ අමාත්‍යාංශ ප්‍රධානීන් , මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරුන්, මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම්, කලාපීය ආර්ථික සංවර්ධන මධ්‍යස්ථානයේ සභාපතිවරයා ඇතුළු නිලධාරි මහත්ම මහත්මීන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *