27 April 2024
#දේශීය

කළුතර ග්‍රාම නිලධාරී කොට්ඨාස 05 හුදෙකලා කරයි

කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 05ක් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු හුදකලා ගම්මාන ලෙස නම් කර ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දී ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තෙම්න්තුව පැවසුවේ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොරක්ගොඩ,බේරගම, දාපිලිගොඩ, කැකුලන්දර උතුරු සහ පාලින්ද නුවර ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ බෙල්ලන යන ප්‍රදේශ එලෙස හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *