27 April 2024
#දේශීය

කැළණියේ තරුණයෙකු හදිසියේම CIDයෙන් අත්අඩංගුවට

විදේශිය රටක නිශ්පාදිත ගිනිඅවියක්, එම අවියට යොදන මැගසින් 02 ක්, නීති විරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද යතුරුපැදියක් හා උපයාගත් ආකාරය හෙලිකිරීමට නොහැකි මුදල් රුපියල් දෙකෝටි හැටපන්ලක්ෂයක් සන්තකයේ තබා සිටි අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (20) අලුයම 4 ට පමණ පෑලියගොඩ, වාසල ප්‍ර දේශයේදී යුධ හමුදා බුද්ධි අංශය මගින් ගෝණහේන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර වෙත ලබා දෙන ලද තොරතුරක් මත ගෝණහේන විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් විසින් වැටළිමක් සිදු කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35 ක් වු වනවාසල පාර ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි. සැකකරුව පැය 72 ක කාලයක් රැදවුම් නියෝග ලබා ගෙන කොළඹ අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *