බන්ධනාගාරගතව සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ සිවුර ගැලවීම සම්බන්ධයෙන් පළ වූ යෝජනාවකට විරෝධය පළ කරමින් මහජන අත්සන් ලබාගැනීමේ වැඩසටහනක් අද (13) ගම්පොලදී පැවැත්විණි.
“ගම්පොල හඬ අවදි කරමු” යන තේමාව යටතේ පැවැත්වූ මෙම වැඩසටහන පස්වරු 2.00 සිට ගම්පොල දුම්රිය ස්ථානය ඉදිරිපිටදී සංවිධානය කර තිබුණි.
උඩ පළාත ශාසනාරක්ෂක මණ්ඩලය සහ ගම්පොල හෙළ බොදු පදනම එක්ව සංවිධානය කළ මෙම අත්සන් ව්යාපාරය සඳහා ජාති හා ආගම් භේදයකින් තොරව ජනතාවට සහභාගී විය හැකි බව සංවිධායකයන් සඳහන් කර තිබේ.
















