නීතිවිරෝධී මත්පැන් ලීටර් 75ක් සමඟ සැකකරුවෙකු හලාවත කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2026 ඔක්තෝබර් 13 වැනිදා දහවල් හලාවත පොලිස් වසමේ ලාඩියවැල්ල ප්රදේශයේදී ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
එහිදී නීතිවිරෝධී මත්පැන් බෝතල් 100ක් අඩංගු ලීටර් 75ක තොගයක් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 46ක් වන හලාවත ප්රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු වැඩිදුර විමර්ශන සඳහා හලාවත පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හලාවත පොලිසිය විසින් සිදුකරනු ලබයි.
















