• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

“ආහාර අහේනියක් දිඹුලාගල ගම් 08ක දරුවෝ පාසල් ගමන නවත්වති” – පුවත සාවද්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි

1 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්, දිඹුලාගල ප්‍රාදේශීය ලේකම්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, පාසල් විදුහල්පතිවරු සහ ප්‍රදේශවාසීහූ අදාළ පුවත්පත් වාර්තා අසත්‍ය බව තහවුරු වු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

මෙරට ප්‍රධාන ජාතික පුවත්පත් හතරක් 2022 ඔක්තෝබර් 31 වන සඳුදා දින මනම්පිටිය නිමල් ජයරත්න මාධ්‍යවේදියාගේ නමින් ප්‍රධාන සිරස්තලයක් ද සහිතව “දිඹුලාගල ගම් 08ක දරුවන්ගේ පාසල් ගමන නැවතී ඇති බවත්, ආහාර අහේනියක් නිසා ආයෙත් කැලෑ අල හාරනවා, කැලෑ කොළ කනවා” යනුවෙන් වාර්තා කර ඇත.

මේ පිළිබඳ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. ඒ. ධර්මසිරි මහතාගෙන් සහ දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සිදු කළ ලිඛිත විමසීමකදී ඔවුන් විසින් දන්වා ඇත්තේ එම පුවත සාවද්‍ය බවයි.

දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් ඇතුළු නිලධාරීන් ආදිවාසීන් පදිංචි ප්‍රධාන ගම්මානය වන දළුකාන වසමට ගොස් මේ පිළිබඳ සොයා බලා ඇති අතර, එහිදී ආදිවාසී නායිකා කේ. ලිසිනෝනා මහත්මිය සමඟ ද සාකච්ඡා කර ඇත.

එහිදී ඇය ප්‍රකාශ කර ඇත්තේ ආර්ථික අපහසුතා පවතින පවුල් ඇති නමුත් ආහාර හිඟකමක් හේතුවෙන් සම්පූර්ණයෙන් පාසල් ගමන අතරහැර දමා සිටින ළමූන් ගම්මානයේ නොමැති බවයි.

මේ පිළිබඳ ප්‍රදේශවාසීන් කිහිපදෙනකු වෙතින් විමසා බැලීමට ද ප්‍රාදේශීය ලේකම් ඇතුළු නිලධාරීන් කටයුතු කර ඇති අතර, ඔවුන් ද ප්‍රකාශ කර ඇත්තේ එම පුවත්පත්වල සඳහන් ප්‍රවෘත්තිය කිසිසේත්ම සත්‍ය නොවන බවයි.

තම දරුවන් කැලෑ කොළ කන තරම් ආහාර අහේනියක නොමැති බවත් ආර්ථික අපහසුතා සහ දෙමාපියන්ගේ හේතු මත හෝ වැඩිහිටියන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම වැනි හේතු නිසා ඇතැම් ළමුන් කඩින් කඩ පාසල් යන බවත් එය ගම්මානයේ අතිශය සාමාන්‍ය සිද්ධියක් බවත් ඔවුන් පවසා තිබේ.

මේ පිළිබඳ දළුකාන මලියදේව ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලය සමඟත් ඒ මොහොතේ එම පාසලට පැමිණ සිටි දෙමාපියන් සමඟත් ප්‍රාදේශීය ලේකම් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සාකච්ඡා කර ඇත.

එම දෙමාපියන්ද ප්‍රකාශ කර ඇත්තේ, එම පුවත පිළිගත නොහැකි අසත්‍ය පුවතක් බවත් සෑම දිනකම පාසලේ දරුවන් සඳහා උදෑසන සහ දිවා ආහාර වේල් දෙකක් ලබාදෙන බවත් ආහාර පමණක් නොව දරුවන්ට අවශ්‍ය ඇඳුම්, පොත්පත්, පෑන් පැන්සල්, පොත් බෑග් ඇතුළු අධ්‍යාපනයට අවශ්‍ය බොහෝ දෑ විදුහල්පතිතුමියගේ මැදිහත්වීමෙන් එම පාසලේ ළමුන් වෙත ලබාදෙන බවයි.

එමෙන්ම පුවත්පත් සඳහන් කරන ආකාරයට අඛණ්ඩව පාසල් නොපැමිණෙන ළමුන් එම පාසලේ කිසිවකුත් නොමැති බව ද විදුහල්පතිතුමිය දන්වා ඇත.

මේ පිළිබඳ වැඩිදුරටත් විමර්ශනය කළ ප්‍රාදේශීය ලේකම් සඳහන් කර සිටින්නේ තමන් අද උදෑසන පාසලට ගිය අවස්ථාවේ ළමුන්ට පිළිගැන්වීමට වර්ග පහකින් සමන්විත පෝෂ්‍යදායි දිවා ආහාරවේලක් සූදානම් කර තිබූ අයුරු දුටූ බවයි.

විදුහල්පතිතුමිය විසින් ප්‍රකාශ කර සිටියේ ඒ සඳහා පිටස්තර දානපතීන්ගේ උදව් ලැබෙන බවත්, ආහාරවලට අමතරව දරුවන්ගේ සියලු අවශ්‍යතා වෙනුවෙන් රජයට අමතරව දානපතියන් තම පාසලට උදව් කරන බවයි.

මෙම සිද්ධිය පදනම් කරගෙන ඇති ආදිවාසී නායිකා කේ. ලිසිනෝනා මහත්මියගේ මිණිබිරිය මෙම පාසල වෙත පැමිණෙන අතර එම දරුවාට ද සියලුදේ ලබාදෙන බව එම දරුවා විසින්ම ප්‍රකාශ කර ඇත.

මේ පුවත පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූ විදුහල්පතිතුමිය ප්‍රකාශ කර සිටින්නේ මේ පුවත කියවීමෙන් තමා පුදුමයට හා කණගාටුවට පත් වූ බවත් පුවත්පතේ සඳහන් ආකාරයට ළමුන් තම පාසලේ නොමැති බවත්ය.

අනතුරුව නිලධාරි කණ්ඩායම සොරිවිල දෙමළ කනිෂ්ඨ විද්‍යාලය හා සිංහල කනිෂ්ඨ විද්‍යාලය වෙත ද ගොස් මේ සම්බන්ධයෙන් සොයා බැලූ අතර, එම විදුහල් දෙකෙහිම ද ළමුන් සඳහා උදෑසන හා දහවල් ආහාර වේල් පිරිනමන බවත් ආහාර හිඟකම නිසා අඛණ්ඩව පාසල් නොපැමිණෙන ළමූන් තම පාසල්වල නොමැති බවත් සඳහන් කර තිබේ.

ආර්ථික අපහසුතා තිබෙන ළමුන් සාමාන්‍ය පරිදි සිටින බවත් විශේෂයෙන්ම දෙමාපියන්ගේ වුවමනාවක් නොමැතිකමින් ළමුන් කිහිපදෙනක් කඩින් කඩ පාසලට පැමිණීමේ තත්ත්වයක් පවතින නමුත් එම දෙමාපියන් දැනුවත් කර එය මඟහරවා ගැනීමට පියවර ගනිමින් සිටින බව එම විදුහල්පතිවරු පෙන්වා දෙති.

කෙසේ වෙතත් පුවත්පත්වල සඳහන් ආකාරයට ආහාර අහේනියක් මත දරුවන් පාසල් නොපැමිණීමේ කිසිදු තත්ත්වයක් නොමැති බව ද වැඩිදුරටත් ඔවුහු අවධාරණය කර සිටිති.

Post Views: 10
Previous Post

අගමැති මාතලේ යටවත්ත කුරුදු සකසන මධ්‍යස්ථානයක් නිරික්ෂණය කරයි

Next Post

ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන 26 වන ගුණ සමරුව අදයි

editor

editor

Next Post

ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන 26 වන ගුණ සමරුව අදයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025

Recent News

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved