27 April 2024
#Uncategorised

අගමැති මාතලේ යටවත්ත කුරුදු සකසන මධ්‍යස්ථානයක් නිරික්ෂණය කරයි

“ජාතික ආර්ථික පුනර්ජීවන හා ආහාර සුරක්ෂිතතා” වැඩසටහනෙහි මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට සමගාමීව, මාතලේ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, මාතලාපිටිය ග්‍රාම සේවා වසමේ පවත්වාගෙන යන, කුරුඳු අපනයනය මධ්‍යස්ථානයක් නිරීක්ෂණයටද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉකුත්දා එක්විය.

කාබනික පොහොර යොදාගෙන ක්‍රියාත්මක මෙම කුරුඳු වගා ව්‍යාපෘතිය මගින්, මසකට ටොන් 20 පමණ, අගය එකතු කර කුරුඳු අපනයනය කෙරේ.

එහිදි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මිය ඇතුළු නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දුන්නේ, මෙවැනි ආදර්ශමත් ගොවි මහතුන් නගාසිටුවීමට අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙසයි. රටට ආදායම උපයන මෙවැනි ව්‍යාපෘති ශක්තිමත් කිරීමට රජය ඉදිරියේදී නව වැඩපිළිවෙළක් සකසා ඇති බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම අවස්ථාවට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, මාතලේ දිස්ත්‍රික් සම්බන්ධයෙන් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ , පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන යටවත්ත ප්‍රාදේශීය සභා සභාපති ලාල් අත්තනායක,මාතලේ මහ දිසාපති තේජානි තිලකරත්න,යන මහත්ම මහත්මින් මෙන්ම රාජ්‍ය නිලධාරීහුද එක්ව සිටියහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *