බටහිර ආසියාවේ පවතින දැඩි නොසන්සුන්කාරී වාතාවරණය සමනය කිරීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් විසින් සිව්වැදෑරුම් සාම යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. අබුඩාබිහි ඔටුන්න හිමි කුමරු වන ෂෙයික් කලීඩ් බින් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් (Sheikh Khaled bin Mohamed bin Zayed Al Nahyan) සමඟ බීජිං නුවරදී පැවැති හමුවකදී චීන ජනාධිපතිවරයා මෙම යෝජනා ඉදිරිපත් කළ බව ෂින්හුවා පුවත් සේවය වාර්තා කරයි.
පකිස්ථානයේදී පැවැති අමෙරිකා – ඉරාන සාම සාකච්ඡා එකඟතාවයකින් තොරව බිඳ වැටීමෙන් පසු කලාපීය යුධමය තත්ත්වය උත්සන්න වී ඇති මොහොතක මෙම යෝජනාවලිය ඉදිරිපත් වීම සුවිශේෂී වේ. මැදපෙරදිග ස්ථාවරත්වය ඇති කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් සිදු කිරීමට චීනය සූදානම් බව මෙම පියවර හරහා යළිත් තහවුරු කර තිබේ.














