27 April 2024
#දේශීය

යුවාන් වෑන්ග් -5 චීන පර්යේෂණ නෞකාව හම්බන්තොට වරායට පැමිණෙයි

විදේශ කටයුතු අමාත්‍යාංශය ලබාදුන් අවසරය මත යුවාන් වෑන්ග් -5 චීන පර්යේෂණ නෞකාව හම්බන්තොට වරාය වෙත පැමිණ තිබේ.

එම නෞකාව වරාය වෙත ළඟාවීමට නියමිතව තිබුණේ පසුගිය 11 වැනිදා තිබුණු අතර මෙය ඔත්තු බැලීමේ නෞකාවක් ලෙස හඳුන්වමින් ඉන්දියාව ඊට දැඩි අප්‍රසාදය පළ කිරිමත් සමඟ මෙරටට පැමිණිම ප්‍රමාදයට ලක්කෙරිණි.

අද දිනයේ නෞකාවට හම්බන්තොට වරායට පැමිණීමට විදේශ කටයුතු අමාත්‍යාංශය නිල අවසරය ලබා දී තිබේ.

ආහාර සහ ඉන්ධන ඇතුළු මූලික පහසුකම් සපයාගැනීම සඳහා එම නෞකාව එළඹෙන 22 වනදා දක්වා හම්බන්තොට වරායේ නැංගුරම් ලා තැබීමට නියමිතය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *