• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

ශ්‍රී ලංකාවේ අනාගතය බල ගැන්වීමට කොළඹ වරාය නගරයේ කාර්යභාරය

8 August 2023
in ව්‍යාපාර
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු අවසන් වන විට ශ්‍රී ලංකාවේ ආර්ථික අනාගතය බල ගන්වන්නේ කෙසේ ද?

යන්න පිළිබඳ ව අවධානය යොමු කිරීම වැදගත් ය. ඇතැම් වැරදි වැටහීම් නිසා කොළඹ වරාය නගරය සම්බන්ධව ඇති වූ විවිධ මතභේදාත්මක මතවාද පිළිබඳ ව ද මෙහි දී අවධානය යොමු කෙරිණි.

විචාරකයින් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව සහ දකුණු ආසියාව ආශ්‍රිත සුවිශේෂී සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස අගයන අතර, එය කොළඹ ආශ්‍රිතව සක්‍රීය ව්‍යාපාරික කලාපයක් නිර්මාණය කිරීම, විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ සේවා අපනයන අංශය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරයි. එම නිසා මේ සම්බන්ධ සුවිශේෂී කරුණු පිළිබඳ ගැඹුරින් අවධානය යොමු කිරීම වැදගත් වේ.

මෙහි දි අවධානය යොමු කළ යුතු එක් පොදු දුර් මතයක් වනුයේ කොළඹ වරාය නගර ව්‍යාපෘතියෙහි අවසාන අයිතිය පිළිබඳවයි. ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක සෘජු විදේශ ආයෝජනයක් (FDI) හරහා, ගොඩ කර ගත් හෙක්ටයාර 269 ක සමස්ත භූමි ප්‍රමාණයේ අයිතිය ශ්‍රී ලංකාව සතු වන බව පැවසිය යුතු ම කරුණකි. විශේෂයෙන් ස්ථාපිත කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව (CPCEC), වරාය නගරය තුළ ඇති සියලු‍ ම ඉඩම් බදු දෙන්නා ලෙස ක්‍රියා කරන අතර, එම කොමිසම ඉඩම් හිමියා මෙන් ම ප්‍රතිලාභ හිමිකරු වන ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා බැඳී සිටී. එමෙන් ම මෙම ව්‍යාපෘතියෙහි සංවර්ධකයා ලෙස කටයුතු කරන CHEC Port City Colombo (Private)Limited සිදු කර ඇති දැවැන්ත ආයෝජනයට ප්‍රතිලාභ වශයෙන් මුදල් ඉපයීම වෙනුවෙන් හෙක්ටයාර 116ක් පමණ වන බිම් කොටස් ප්‍රමාණයක් සීමිත කල්බදු පදනම මත එම සමාගම වෙත ලබා දී ඇත.

ඉදිරි වසර පහ තුළ සංවර්ධනය කිරීම සඳහා හෙක්ටයාර 65ක පමණ ඉඩම් කැබලි 23ක් හඳුනාගෙන තිබෙන අතර, එය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ඩොලර් බිලියන 5.6 ක් පමණ වන මුදල ආයෝජනය කිරීමට බලාපොරොත්තු වේ. එහි ආර්ථිකමය බලපෑම බෙහෙවින් වැදගත් වනු ඇති බව ද පැවසිය යුතු ම කරුණකි. ඊට අමතර ව කොළඹ වරාය නගරය තුළ ජාත්‍යන්තර මට්ටමේ මූල්‍ය මධ්‍යස්ථාන, පාසල්, හෝටල්, රෝහල් ආදී පහසුකම් පිහිටුවීමට අනුමැතිය ද ලැබී ඇත.
දේශීය ව්‍යාපාරවලට කොළඹ වරාය නගරය තුළ ඕනෑ තරම් අවස්ථා ඇති අතර, විදේශ මුදල් භාවිතයෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ප්‍රථම විශේෂ ආර්ථික කලාපය (SEZ) වන කොළඹ වරාය නගරය වෙත භාණ්ඩ හෝ සේවා සපයන ඕනෑ ම දේශීය ව්‍යවසායක් මෙන් ම වරාය නගරය තුළ ස්ථාපිත ඕනෑ ම ආයතනයක් අපනයනකරුවන් ලෙස සලකමින් විදේශ මුදලින් ගෙවීම් කටයුතු සිදු කෙරෙයි. මෙය සුළු, මධ්‍යම හා මහා පරිමාණ දේශීය සමාගම්වලට සිය භාණ්ඩ හා සේවා සැපයීම සඳහා දොරටු විවර කරන අතර, එය මෙරට ආර්ථිකය නැංවීමෙහි ලා ධනාත්මක සහයෝගයක් ලබා දෙනු ඇත. එමෙන් ම වරාය නගර ව්‍යාපෘතිය කෙටි කාලීන ව ඇති කරන බලපෑම පිළිබිඹු කරමින්, පස් අවුරුදු සැලැස්ම හරහා ඉදිරි වසර පහ තුළ දේපළ සංවර්ධනය සඳහා පමණක් ඩොලර් බිලියන 5 කට වැඩි ආයෝජන ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වන අතර, එමගින් සෘජු රැකියා 120,000 කට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය වනු ඇත. එහි දී වඩාත් වැදගත් වන්නේ, ගෙවුම් ශේෂයේ බලපෑම ඩොලර් බිලියන 1.6 කට ආසන්න වීම බවත් එබැවින් ශුද්ධ විදේශ මුදල් ගලා යාම ඩොලර් බිලියන 1.8 කට ආසන්න වීමයි.

‘සුදු අලියෙකු‘ ලෙස කොළඹ වරාය නගරය හඳුන්වමින් ඇතැමුන් විසින් සිදු කරන ලද ප්‍රකාශයන් සාවද්‍ය වන අතර, සියලු‍ නඩත්තු වියදම් සංවර්ධක සමාගම විසින් ආවරණය කරයි. මේ සඳහා මහජන මුදල් භාවිත කර නොමැති බවත්, මෙම වටිනා වත්කම හරහා මුදල් ඉපයීම රජයේ වගකීමක් බවත් අවධාරණය කළ යුතුය. එමෙන් ම විදේශ ආයෝජන ආකර්ෂණය කර ගනිමින් මෙරට ආර්ථික අනාගතය ශක්තිමත් කිරීම සඳහා කොළඹ වරාය නගරය සතු හැකියාව ඉතා වැදගත් ය. කොළඹ වරාය නගරය යනු සෘජු විදේශ ආයෝජන මගින් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක එක ම සංවර්ධන ව්‍යාපෘතිය වන අතර, ඒ සඳහා කිසිදු ආකාරයකින් මහජන මුදලින් අරමුදල් සපයා නොමැත. ඒ අනුව මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ජනතාවට ආර්ථිකමය වශයෙන් ඉතා වැදගත් වත්කමක් බව ද පැවසිය යුතු ම ය.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය ආශ්‍රිත ගැටලු‍ රැසක් ආමන්ත්‍රණය කිරීමට බලාපොරොත්තු අරමුණු කරයි. මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රය නැංවීම සඳහා රට පුරා දැවැන්ත ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු අතර, ඒ සඳහා යම් කාලයක් ගත වනු ඇත. ව්‍යාපාර දර්ශක ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන් කාලයක් තිස්සේ වරාය නගර ව්‍යාපෘති කණ්ඩායම කැප වන අතර, වර්තමානය වන විට කොළඹ වරාය නගරය ව්‍යාපාර සක්‍රීය පරිසරයක් (BEE)ලෙස හැඳින්විය හැකි ය. ව්‍යාපාර දර්ශකය මීට වසරකට හෝ දෙකකට පෙර ලෝක බැංකුව විසින් අත්හිටුවීමට කටයුතු කළ අතර, දෙවන බාධකය ලෙස මූල්‍ය අවදානම හැඳින්විය හැකිය. අපගේ මුදල් ඒකකය පසුගිය වසර 10 තුළ ක්‍රමානුකූල ව අවප්‍රමාණය වී ඇති අතර, දේපළ වෙළෙඳාම් සහ යටි තල පහසුකම් සංවර්ධනයේ දී බොහෝ ආයෝජකයින්ට එය විශාල අභියෝගයක් වූ බවත්, එම ආයෝජකයින් නැවත පැමිණෙන කාලය වන විට රුපියල අවප්‍රමාණය වීම නිසා ඔවුන්ගේ ප්‍රතිලාභ දැඩි ලෙස අඩු වන බවත් පෙන්වා දිය යුතු ම කරුණකි. ගෝලීය ආර්ථික පසුබෑම සහ ශ්‍රී ලංකාව තුළ පවතින ආර්ථික අර්බුදය මධ්‍යයේ විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම අභියෝගයක් වුව ද විශේෂයෙන් ඉන්දියාව, ගල්ෆ් රටවල්, අග්නිදිග ආසියාව, සිංගප්පූරුව සහ චීනය වැනි ආයෝජකයින් සමඟ පැවති සාකච්ඡා සාර්ථක වී ඇත. උපායමාර්ගික වැදගත්කම පිළිබඳ පනතේ සඳහන් ප්‍රධාන රෙගුලාසි කැබිනට් මණ්ඩලය විසින් මෑතක දී අනුමත කිරීමත් සමඟ බොහෝ ආයෝජන අවසන් අදියර වෙත පැමිණ ඇති බවත්, එමගින් මතබේදාත්මක සංවාද අවසන් වන බවත් පැවසිය යුතු ම ය. ඉදිරි දශකය තුළ ඉන්දියාව සැලකිය යුතු වර්ධනයක් අත් කර ගැනීමට පිළිබඳ ව අනාවැකි පළ හැකි අතර, සමීපතම අසල්වැසියා ලෙස අපට ඉන්දීය වර්ධනය නිසා ඇති වන බලපෑම්වලට සාර්ථක ව මුහුණ දිය හැකි විය යුතු වේ. එහි දී විදේශ ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව තරඟකාරී ලෙස ස්ථාන ගත කිරීමට හැකි නම්, මෙම සැලසුම් සාක්ෂාත් කර ගැනීමේ හැකියාව පවතින බව පෙන්වා දිය හැකිය.

මෙරට රජය විසින්, බදු සහන හා ලිහිල් බැංකු රෙගුලාසි හරහා ජාත්‍යන්තර ආයෝජකයින් සඳහා ව්‍යාපාරික හිතකාමී පරිසරයක් නිර්මාණය කරමින් සිටින අතර, කලාපීය සහ ගෝලීය ව්‍යාපාර සඳහා එය ඉතා ආකර්ෂණීය වනු ඇත. වරාය නගර විශේෂ ආර්ථික කලාප නීතිය ක්‍රියාත්මක වීමත් සමඟ ව්‍යාපාරයක් ආරම්භ කිරීම, ඉදිකිරීම් බලපත්‍ර, වීසා බලපත්‍ර ලබා ගැනීම ආදී සියලු‍ අවශ්‍යතා අනුමත කරනු ලබන තනි ආයතනයක් ලෙස වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභාව පවතින අතර, එමඟින් ව්‍යාපාර පවත්වාගෙන යාමේ අසමසම පහසුව ආයෝජකයි වෙත ලැබෙන බවත්, මූල්‍ය අවදානම් අවම කිරීම සහ විදේශ විනිමය නීති ලිහිල් කිරීම මගින්, දකුණු ආසියානු කලාපීය මූලස්ථානයක් බවට පත් වෙමින් ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම ප්‍රධාන අරමුණක් බවත්, තරඟකාරී ව්‍යාපාර පිරිවැය සහ වෙරළබඩ ජීවන රටාව, නවීනතම විනෝදාස්වාද පහසුකම් සහ ආගන්තුක සත්කාරය ඇතුළු ගුණාත්මක වරප්‍රසාද හා සේවා අන්තර්ගත කොළඹ වරාය නගරය යනු සුවිශේෂී ගෝලීය ව්‍යාපෘතියක් බවත් පැවසුවහොත් එය නිවැරදිය.

අනාගතයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නංවමින්, නව වෙළෙඳපොළ වෙත පිවිසීමට මෙන් ම ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයන විවිධාංගීකරණය කිරීමට සහ පුළුල් කිරීමට කොළඹ වරාය නගරය සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කරනු ඇත. සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිතව මෙරටට ගලා එන වාර්ෂික විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් බිලියන 5 කට වඩා අඩු බව පෙන්වා දිය හැකි අතර, ශ්‍රී ලංකාවේ දිගු කාලීන වර්ධනීය අපේක්ෂා සපුරාලීමේ අරමුණින් ක්‍රියාත්මක වන කොළඹ වරාය නගරයෙහි උපාය මාර්ගික පිහිටීම, ජෛව විවිධත්වය සහ සංචාරකයින් වෙත ලබා දෙන සේවා යන සුවිශේෂතා උපයෝගී කර ගනිමින් සංචාරකයින් ආකර්ෂණය කර ගත හැකි ය. එම නිසා ම කොළඹ වරාය නගරයේ සාර්ථකත්වය, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය උත්තේජනය කිරීමට, රැකියා උත්පාදනය කිරීමට මෙන් ම සමස්ත ශ්‍රී ලාංකේය ජාතියේ වර්ධනයට උපකාරී වන බවත්, එම නිසා සෑම ශ්‍රී ලාංකිකයෙකුගේ ම සහයෝගය මෙම ව්‍යාපෘතිය වෙත ලැබිය යුතු බවත් අවධාරණය කළ යුතු ය.

පිටපත – PR

Post Views: 36
Previous Post

ප්‍රාදේශීය සභා, නගර සභා, මහා නගර සභා සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ආණ්ඩුව ගරුකරනවා- අගමැති

Next Post

අලුත් සන්ධානයේ වැඩ පැත්තකට දමා ලාන්සා විදේශ ගත වෙයි

editor

editor

Next Post

අලුත් සන්ධානයේ වැඩ පැත්තකට දමා ලාන්සා විදේශ ගත වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025

Recent News

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved