27 April 2024
#දේශීය

ප්‍රාදේශීය සභා, නගර සභා, මහා නගර සභා සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ආණ්ඩුව ගරුකරනවා- අගමැති

ප්‍රාදේශීය සභා, නගර සභා, මහා නගර සභා සංශෝධන නමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වු පෞද්ගලික මන්ත්‍රී යෝජනාව, ආණ්ඩුව මුල්වී ඉදිරිපත් කළ එකක් නොවන බවත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ආණ්ඩුව හැමවිට ම ගරු කරන බවත්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (08) දින පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමින්.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද අදහස් පල කලේය “ ආණ්ඩුව කිසිම වෙලාවක මේ පනතේ මූලාරම්භකයෙක් නෙවෙයි. ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී තිබෙන තීන්දුවට ආණ්ඩුව හැමතිස්සෙම ගරු කරනවා. කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ පුද්ගලික මන්ත්‍රීවරුන්ට ඕනෑම දෙයක් ඉදිරිපත් කළ හැකියි. මේ කොයි ආණ්ඩුව කාලයේත් ඒ කාලයේත්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමත් දන්නවා, අපේ අත්තනායක ඇමතිතුමා ඉදිරිපත් කරලා වෙච්චි දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට. ඉතින් ඒ නිසා අපි වගකීමෙන්, ජ්‍යෙෂ්ඨයන් හැටියට පුද්ගලික මන්ත්‍රීවරුන්ට ඉඩ දී, ඒ අයගේ අයිතිවාසිකම් පිළිබඳ හැසිරෙන්න පුළුවන්. නමුත් ඔවුනට ඕන ඕන දේ කරන්න බෑ.” යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *