27 April 2024
#දේශීය

අලුත් සන්ධානයේ වැඩ පැත්තකට දමා ලාන්සා විදේශ ගත වෙයි

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට සහාය ලබා දීමට ආරම්භ කල සන්ධානයේ ප්‍රධානත්වය ගෙන කටයුතු කල නිමල් ලාන්සා මේ වන විට විදේශගතව ඇති බව දැනගන්නට ඇත.

කෙසේ වෙතත් පසුගිය සතියේ අඟහරුවාදා දින එම සන්ධානය සම්බන්ධයෙන් මහින්ද අමරවීරගේ නිවසේ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මෙතෙක් එම සන්ධානයේ කිසිදු සාකච්ඡාවක් නොපැවැත් වු බව එම සන්ධානයට සහාය පල කිරීම සඳහා සහභාගී වු මන්ත්‍රීවරයෙක් අප වෙත පවසා සිටියේය.

මේ වන විට බැසිල් රාජපක්ෂ විසින් මෙම සන්ධානය සම්බන්ධයෙන් දැඩි විචෙනාත්මකව කටයුතු කිරීම් සිදු කර ඇති අතර සන්ධානයේ සිටින කිසිදු මන්ත්‍රීවරයෙකුට යළි පාර්ලිමේන්තු යාමට නොහැකි වනු ඇති බව ඔවුන් මෙම සන්ධානයේ ඇතැම් අයට දැනුම් දී ඇති බව වාර්තා වේ. මන්ද ප්‍රාදේශිය මට්ටමේ තවමත් බලය ඇත්තේ පොහොට්ටු නායකයින්ට බවත් ඔවුන්ට පිටින් ගොස් ඡන්දය ඉල්ලන කිසිවෙකුට යළි පාර්ලිමේන්තු යාමට හැකියාවක් නොවනු ඇති බව බොහෝ දෙනාගේ මතය වේ.

කෙසේ වෙතත් මෙම සන්ධානයේ ඉදිරි කටයුතු සිදු කිරීමටනම් නායකත්වය හිමි විය යුතු වන්නේ කා හට ද යන්න සාකච්ඡා වී ඇති අතර එය මුලදීම එහි නායකත්වය අනුර ප්‍රියදර්ශන යාපා හට ලබා දුන්නේනම් වඩා සුදුසු වනු ඇති බව එයට සම්බන්ධ වු මුල් පිරිසේ අදහස විය. නමුත් එය එසේ වුවහොත් පක්ෂපාතිත්වය නොමැතිව කටයුතු සිදු වනු ඇති හෙයින් අනුර ප්‍රියදර්ශනව නායකත්වයට පත් නොකිරීමට කටයුතු සිදු කලේය.

සන්ධානයේ පෙනෙන්නට අර්බුදයක් නොමැති වුවත් මේ වන විට නායකත්වය ලබා ගැනිමට ඇතැම් අය නම් යෝජනා වෙමින් පවතින අතර මේ අර්බුදය හමුවේ නිමල් ලාන්සා විදේශ ගත වී ඇත. ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කලේ සන්ධානයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් උණුසුම කතාබහ අඩු වන තෙක් විදේශ ගත වන ලෙස දැනුම් දී ඇති බවයි.

අද (08) නිමල් ලාන්සා විදේශ ගතව ඇති අතර ඔහුගේ සමීපතයෙකුගෙන් අප කල විමසීමකදී පවසා සිටියේ ඔහු සිය පුත්‍රයාගේ ඉගෙනීමේ කටයුතු වෙනුවෙන් එයට අදාල කටයුත්තක් වෙනුවෙන් විදේශ ගත වු බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *