• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නිවැරදි තොරතුරු ජනගත කිරීමේ වගකීම ඉටුකිරීමට කැපවන්න – ජනපති

7 October 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වත්මන් අභියෝගයෙන් රට ගොඩගැනීමට නම් රට තුළ ස්ථාවරභාවයක් ඇති කළයුතු බවත්, ඒ සඳහා නිවැරදි තොරතුරු ජනගත කිරීම අත්‍යවශ්‍ය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ රාජ්‍ය සන්නිවේදන යාන්ත්‍රණය පිළිබඳ සියලු කැබිනට් අමාත්‍යවරුන්ගේ, රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සහ ආණ්ඩුකාවරුන්ගේ මාධ්‍ය ලේකම්වරුන් දැනුවත් කිරීම සඳහා අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වුණු වැඩමුළුව අමතමිනි.

ප්‍රචාරණයක් නොමැතිව කිසිවක් සාර්ථක කරගත නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට ගොඩගැනීමේ රජයේ වැඩපිළිවෙළ නොපමාව ජනතාවට හෙළි කිරීමට කැපවන්නැයි සියලු මාධ්‍ය ලේකම්වරුන්ට ජනාධීපතිවරයා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,” මෙවැනි වැඩමුළු පැවැත්වීම කාලෝචිත පියවරක් බව කිව යුතුයි. මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් දැක්වීමට මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම දැන් කතා කළා ඇති. ඒ කතාවල හරය රටට ලබාදීමයි දැන් තිබෙන්නේ. ආණ්ඩුවේ වැඩපිළිවෙළ රටට දන්වන්න තිබෙනවා. අපි ඉතා අසීරු කාලයක ඉන්නේ. මම හිතන්නේ 20 වන ශතවර්ෂයේ නෙවෙයි ඊට පෙරවත් මෙවැනි තත්ත්වයකට අප මුහුණ දී නැහැ. අපිට මෙයින් ගොඩඑන්න තිබෙනවා. ජනතාව බොහෝ දෙනෙක්ට බලාපොරොත්තු නැති වෙලා තිබෙනවා. අපි ඒ තත්ත්වය නිවැරදි කළ යුතුයි. ආණ්ඩුවේ වැඩපිළිවෙළ කුමක්ද කියා සඳහන් කළයුතුයි. රටේ තිබෙන ප්‍රශ්න ගැන අපි අවධානයෙන් ඉන්නේ, හැම ප්‍රශ්නයකටම දැනට විසඳුම් සොයන්න බැරි වුණත් අපි ඒ ප්‍රශ්න ගැන දන්නවා. ඒ පිළිබඳ ජනතාවට පණිවිඩයක් ලබා දිය යුතුයි. හැමකෙනාම දැන ගන්න ඕන මොකක්ද ආණ්ඩුව කරන්නේ කියලා. වැරදි මත තිබෙනවනම් ඒවා නිවැරදි කරගන්න ඕන. මේ අසීරු කාලයෙන් අපි ගොඩඑන්න ඕන. රටේ අස්ථාවර භාවයක් තිබුණොත් ගොඩඑන්න බැහැ. රටේ ස්ථාවර භාවයක් තිබෙන්න ඕන. ඒ ස්ථාවර භාවය ඇති කරන්න ඕන නිවැරදි තොරතුරු ලබා දීලා.
අද විද්‍යුත් මාධ්‍යයෙන්, මුද්‍රිත මාධ්‍යයෙන් නොවෙයි ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබෙන්නේ සමාජ මාධ්‍යයෙන්. එහි හොදයි, නරකයි දෙකම තිබෙනවා. ඒක මුළු ලෝකයේම තිබෙන ප්‍රශ්නයක්. අපිට එය විශේෂයෙන්ම බලපාන්නේ මේ අවස්ථාවේදී. ඉතින් ඔබ සියලුදෙනාට මේ වගකීම ඉෂ්ට කරන්න තිබෙනවා. ඔබේ වගකීම නිසි ලෙස ඉටු නොකළහොත් මුළු රටටම තවත් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. ඔබ අද හමුවන්නේ ඒ පණිවිඩය ලබාදීමටයි. මෙම වැඩමුළුවට සියලු මාධ්‍ය ලේකම්වරුන්ට ආරාධනා කර තිබෙන බව මට දැන ගන්න ලැබුණා. නමුත් පැමිණීමේ ලේඛනය අනුව අද මේ සඳහා සහභාගී වී සිටින්නේ 83%ක පමණ පිරිසක්. ආවේ නැත්තේ කවුද කියලත් හොයන්න ඕන. මොකද මේ අයට වගකීමක් පැවරී තිබෙනවා. කොහොමද මාධ්‍යයට කරුණු පැහැදිළි කරන්නේ, කොහොමද වැරදි මත නිවැරදි කරන්නේ, ඒ සඳහා විශාල ප්‍රචාරන ව්‍යාපාරයක් ගෙනියන්න තිබෙනවා. ප්‍රචාරය නැතිව කිසිවක් සාර්ථක වෙන්නේ නැහැ.
මීට අමතරව තවත් වැඩසටහන් තිබෙනවා. ඒ පිළිබඳවත් ඔබ දැනුවත් විය යුතුයි. ඒ තමයි නිදහසින් පසු 75 වන සංවත්සරය පවත්වන්නේ ලබන වසරේ. ඒ වගේම ලබන සතියේ සිට හිටපු කතානායකතුමාගේ අදහසක් අනුව ජනසභා ඇති කිරීමේ වැඩපිළිවෙල සැලසුම් කරලා තිබෙනවා. මෙලෙස විශාල වැඩකොටසක් තිබෙනවා. ඒ ගැන ප්‍රචාරයක් ලබා ගැනීමට තමයි මෙවැනි වැඩසටහන් සංවිධාන කරන්නේ. ඒ වාගේම මම යෝජනා කරලා තිබෙන්නේ මාස 03කට පමණ සැරයක් මෙම පිරිස කැඳවලා සාකච්ඡා කරන්න. මේ වැඩසටහන කරන අපේ මාධ්‍ය අංශ භාර ප්‍රධානීන්ට මෙන්ම ලංකාදීප ප්‍රධාන කර්තෘතුමාට මම ස්තූතිවන්ත වෙනවා. යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතාගේ මගපෙන්වීමෙන් සංවිධාන කර තිබූ මෙම අවස්ථාවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ මාධ්‍ය උපදේශක මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක යන මහත්වරු සහ ස්වාධීන රූපවාහිනි ආයතනයේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන, ලංකාදීප ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

Post Views: 7
Previous Post

තාක්ෂණය විෂයන් ඔස්සේ මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනය විශ්වීය දැනුම සමග ඒකාබද්ධ කළ යුතුයි – අධ්‍යාපන අමාත්‍ය සුසිල්

Next Post

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට පුද්ගලික අංශයට හොඳ අවකාශයක් – කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ්

editor

editor

Next Post

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට පුද්ගලික අංශයට හොඳ අවකාශයක් - කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved