27 April 2024
#දේශීය

තාක්ෂණය විෂයන් ඔස්සේ මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනය විශ්වීය දැනුම සමග ඒකාබද්ධ කළ යුතුයි – අධ්‍යාපන අමාත්‍ය සුසිල්

නැනෝ තාක්ෂණය, බයෝ තාක්ෂණය හා කෘත්‍රීම බුද්ධිය වැනි විෂයන් විශ්විද්‍යාල පාඨමාලාවලට ඇතුළත් කර අපේ දරුවන්ගේ දැනුම ලොව දියුණු රටවල උසස් අධ්‍යාපනය හදාරන දරුවන්ගේ දැනුමට සමාන කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ලෝක ගුරු දිනයට සමගාමී ව මෙරට ගුරු දිනය සමරමින් ‘ගුරු ප්‍රතිභා ප්‍රභා 2022‘ නමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති ජාතික උත්සවය අමතමිනි.

පසුගිය මාස දෙකහමාරක කාලය තුළ අධ්‍යාපන සංවර්ධන කටයුතු සිදු කරනවාට වඩා කලක් තිස්සේ කල් තැබෙමින් අඛණ්බ ව පැවත ආ අධ්‍යාපන ගුරු පරිපාලන ගැටලු බොහෝමයකට විසඳුම් ලබා දීමට තමාට සිදු ව ඇතැයි ද,අමාතවරයා පැවසී ය.

අභියෝගාත්මක තීරණයක් ගනිමින් ඉදිරියේ දී ලකුණු නියාමන කිසි දු පාසලකට 1 සිට 13 දක්වා 5 ශ්‍රේණි ශිෂ්‍යත්වයෙන් මිස ළමුන් ඇතුළත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි. එසේ නොකළ හොත් 5 ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩි ලකුණු ලබා ගන්නා සිසුන්ට අසාධාරණයක් වීම නොවැලැක්විය හැකි බවත් පන්තියක සිසුන් සංඛ්‍යාව 60 සීමාව ද ඉක්මවා ගොස් ගුරුවරයාට පවා පන්තියේ සිටීමට නොහැකි වන පරිදි උද්ගත වී ඇති අයෝග්‍ය ඉගෙනුම් වාතාවරණය වෙනස් කළ නොහැකි වනු ඇති බවත් ඒ මහතා පවසයි.

එසේ ම මේ බොහෝ ගැටලු උත්පන්න කරවන ජාතික පාසල් සංකල්පය ඉවත් කර ඒ වෙනුවට ප්‍රමුඛ පාසල් සංකල්පය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු පැවසී ය. පාසල් පරිශ්‍රයේ අධීක්ෂණ හා අධ්‍යාපන සංවර්ධන කටයුතු කිරීමට විදුහල්පතිවරුන්ට අවකාශ පුළුල් කරමින් ඉදිරියේ දී උපාධිධාරී සංවර්ධන නිලධාරීන්ට පවත්වනු ලබන ගුරු විභාගයෙන් ප්‍රමණවත් ලකුණු ලබානොගන්නා පිරිස කාර්යාලයීය කටයුතු සිදු කිරීමේ නිලධාරීන් වශයෙන් බඳවාගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

මෙම ගුරු දින උත්සවයේ දී 1990 දශකය තෙක් ඈතට දිවෙන ගුරු වෘත්තීය සංගම් ඉතිහාසය සිහිපත් කළ අමාත්‍යවරයා, මෙකල මෙන් විධිමත් නිශ්චිත ක්‍රියාපටිපාටි නොපැවති එවක ඉතා දුෂ්කර දඬුවම් මාරු පවා ලබමින් වුව වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමේ දී ගුරුවරයා පන්තියට ගොස් පැමිණීමේ අත්සන නොතබා දරුවන්ට ඉගැන්වීම් කටයුතු නොකඩවා සිදු කළ බව පැවසී ය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *