කොම්පෝස්ට් කියන්නේ දැන් ජනප්‍රිය වචනයක් විතරක් බවත් එය වගාවට උත්තරයක් නොවන බව සුලං හා ජල විදුලි ජනන සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඉපලෝගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදීය.ඉපලෝගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැති අවස්ථාවේදිය.
මෙම අවස්ථාවට සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බංඩාර, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් හිටපු උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යය එස්.එම් රංජිත් සමරකෝන් හා ඉපලෝගම ප්‍රාදේශීය සභා සභාපති නිහාල් තිලකවර්ධන යන මහත්වරුන් ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රාදේශීය දේශපාලඥයින් හා ඉපලෝගම ප්‍රාදේශීය ලේකම්තුමන් ඇතුළු රාජ්‍යය නිළධාරීන් සහභාගී වී සිටියහ.
එහිදී ප්‍රදේශයේ සංවර්ධන කටයුතු හා සිදු කරන ව්‍යාපෘතීන්හී ප්‍රගතිය මෙන්ම ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කෙරිණි.විශේෂ කරුණක් ලෙස පවතින පොහොර ගැටලුව සම්බන්ධයෙන්ද සාකච්ජා කෙරිණි.
එහිදී අදහස් දැක්වූ රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා, ” ඉදිරි වර්ෂයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු සඳහා රුපියල් මිලියන 20 කුත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සඳහා රුපියල් මිලිනය 100 බැගින් සංවර්ධන යෝජනා ලබා ගෙන ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය නගා සිටුවීමත්, ජනතාවට අවශ්‍යය පහසුකම් නගා සිටුවීමත් යන පදනමෙන් සංවර්ධන යෝජනා ලබා ගනිමින් යනවා.එහිදී ග්‍රාමීය කමිටුව කැඳවලා පවතින නිර්නායක යටතේ සංවර්ධන යෝජනා ලබා ගත යුතු වෙනවා.එතනදී ගමේ යම්කිසි දෙයක් කරනවා නම් ග්‍රාමීය කමිටුවේ නිර්දේශ මත සිදු විය යුතුයි. බඩු බෙදද්දී වෙන්න පුලුවන්, ප්‍රථිලාභීන් තෝරා ගැනීමේදී වෙන්න පුලුවන්, සංවර්ධන යෝජනාවක් ලබා ගැනීමේදී හැමදාම කියන්න ඕනකමක් නෑ ග්‍රාමීය කමිටුවේ අනුමතැයි ගන්න කියලා.ග්‍රාමීය කමිටුව කියන එක දැන් මේ ආණ්ඩුවේ ක්‍රමවේදය.මේ ආණ්ඩුවේ සියලුම වැඩසටහන් වලදී, බොහෝම විවෘතව කරන දෙයක්නේ,දේශපාලන අධිකාරියේ ආණ්ඩු පක්ෂයේ සියලුම අය ඉන්නවා,රජයේ නිළධාරීන් ඉන්නවා, ඒ නිසා බොහෝම විනිවිද භාවයක් ඇතිව මේ ටික කරන්න පුලුවන්කම තියෙනවා.ගම්මාන වලට ගිහින් දේශපාලන අධිකාරියේ නායකත්වයත්, රාජ්‍යය නිළධාරීන්ගේ සහභාගීත්වයත්, ග්‍රාමීය කමිටුව නියෝජනය කරන ස්වෙච්ඡා සංවිධාන හා ගමේ ප්‍රභූන් මේ සියලු දෙනා එක්ක සාකච්ජා කරලා අපි පවතින නිර්නායකයන් යටතේ යෝජනා ටික ලබා ගෙන ලබන වර්ෂයේ සිට මෙම යෝජනාවන් ක්‍රියාත්මක කරලා, ජනතාවගේ ජන ජීවිතය ශක්තිත් කරමින් ප්‍රාදේශීය සංවර්ධන කටයුතු සිදු කරමු.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ බඩඉරඟු අක්කර එක් ලක්ෂ විසි පන් දහසක් විතර වගා කරනවා, හැබැයි මේ පාර අක්කර විසි පන්දහසක්වත් වගා කරයි කියලා මම හිතන්නේ නෑ, පොහොර පිළිබඳව තියෙන අවිනිශ්චිතතාවය නිසා මිනිස්සු වගා කරන්නේ නෑ, හැබැයි කොළඹ කාර්යාල වල තියෙන ලිපි ලේඛණ වල තියෙන්නේ නිළධාරීන් කියන සංඛ්‍යාලේඛන ටික.ඔයගොල්ල කියනවා අමතර භෝග මෙච්චරක් වගා කරනවා කියලා.හැබැයි ඇත්තම කථාව ගොවි බිම් වල ජනතාව මේකට සූදානම් නෑ,ඒ නිසා මම නිළධාරීන්ට යෝජනා කරන්නේ, කොළඹට මේ තොරතුරු දෙන ගමන්ම අපි වගා කරන ගොවි මහත්වරුන්ගේ වගා බිම් ප්‍රමාණය හරියට බලලා, ආණ්ඩුව කාබනික පොහොර ප්‍රචලිත කරනවා වගේම ,අවශයය කාබනික පොහොර ටිකත් අනුරාධපුරයට ගේනවා නේ, ඒවා වැඩි ප්‍රමාණයක් අනුරාධපුරයට ගෙනාවොත් තමයි අපේ ගොවීන්ගේ ප්‍රශ්නයට උත්තරයක් වෙන්නේ, එහෙම නැතිව අපි ගණන් හදාගෙන පොහොර ගෙන්වා ගත්තේ නැත්නම් අපි අමාරුවේ වැටෙනවා.මේ දවස් වල කාබනික පොහොර බොහෝම ජනප්‍රියව හදාගෙන යනවා.මේ හදන ප්‍රමාණය අපිටවත් මදිනේ,මේක හැදුවා කියලා කිව්වට අවශ්‍යය ප්‍රමාණය නැත්නම් ඒක බලපාන්නේ අස්වැන්නටනේ, ඒ නිසා නිළධාරීන් මේ තොරතුරු අනුරාධපුර කාර්යාලයට, කොළඹට දෙනකොට හරියටම ඒ තොරතුරු ටික දෙන්න, එදා ඉඳන් එන සංඛ්‍යා ලේඛණ ටික නැතිව,තිරප්පනේදීත් කිව්වේ නිළධාරීන් බඩ ඉරඟු වලට ඉඩම් ටික සුද්ධ කරනවා කියලා.හැබැයි ඇත්ත කථාව ඒක නෙමෙයි ඒක බොරුවක්නේ.සමහරු සුද්ධ කරනවා ඇති හැබැයි සමස්ථය මේකට බැහැලා නෑ.ඒ ගැන නිළධාරීන්ට විතරක් තීන්දු තීරණ ගන්න බෑ, දේශපාලන අධිකාරිය හා ආණ්ඩුව මැදිහත් වෙලා කරන්න ඕන දෙයක්.හැබැයි ඒ සඳහා මේ තොරතුරු ටික හරියටම දෙන්න ඕන.
මොකද දැන් හදන කොම්පෝස්ට් වලත්, දැන් කොම්පෝස්ට් එකේ තියෙන්නේ 1% ක් විතර තමයි නයිට්‍රජන් තියෙන්නේ, සමහර තැන් වල 1% ක්වත් නෑ, කොම්පෝස්ට් කියන්නේ දැන් ජනප්‍රිය වචනයක් විතරයි.වගාවට උත්තරයක් නෙමෙයි.හැබැයි අපි මේක කොහොම හරි ගොඩ දාන්නත් එපැයි.මේක ගොඩ දාන්න නම් මේ තියන ප්‍රශ්න මැද්දේම යන්න වෙනවා.දැන් ආපහු හැරෙන්න බෑ.ඒ නිසා අපි බඩඉරඟු අක්කර ලක්ෂයකට ලෑස්ති වෙනවා නම් පොහොර තියෙන්න ඕන, නයිට්‍රජන් ඕන, ඒ නිසා අපි දැන් ලෑස්ති වෙන්න ඕන අමතර භෝග වලට අවශ්‍යය පළමුවැනි පොහොර මුරයට ගහන්න නයිට්‍රජන් ටික ගෙන්වා ගන්න, ඒක කොච්චර ප්‍රමාණයක්ද කියලා තීරණය කරන්න ඕන, නිළධාරීන් ප්‍රමිතියක් දන්නේ නැතිව ප්‍රමාණයක් හදා ගන්න දන්නෙත් නෑනේ.රටින් ගෙන්වන එවායේ ප්‍රමිතිය, ප්‍රථිශතය සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා.ඒ ප්‍රථිශත නොදැන නිර්නායක දෙන්න බෑ, හැබැයි මේ හැම දේම කරන්න තියෙන්නේ මේ කෙටි කාළය විතරයි.මේ කාළයේ නිළධාරීන්ගේ පැත්තෙන් මේ දත්ත ටික, ගම්වල තියෙන ප්‍රශ්න ටික ගොවිජනතාව මේවා අවිශ්වාස කරලා වගාව අතාරියි, ඒකට මොකද අපි කරන්නේ කියලා ඉහලට විස්තර දෙන්න.
අපේ පැත්තෙන් අපේ සාකච්ජාවේදී මේ විස්තර කිව්වම .නිලධාරීන් එවපු තොරතුරු විදිහට ඇමතිවරුන්ගේ ෆයිල් වල තියෙන්නේ හැමදාම යවන තොරතුරු ටික තියෙන්නේ.යථාර්තය නෙමෙයි.නිළධාරීන් පහළ ඉඳන් ඉහළට යවන අංක ටික තමයි තියෙන්නේ, අක්කර මෙච්චරක් හදනවා, අච්චරක් හදනවා.බෝංචි මෙච්චරයි, වට්ටක්කා මෙච්චරයි කිව්වට එක ගොවියෙක්වත් ඒ වැඩේ නෑනේ.
ඉදිරියටත් අපිට මේ අභියෝගාත්මක ගමන යන්න සියලු දෙනාගේම සහය දෙන්න, ඒ වගේම මම සතුටු වෙනවා මෙම කමිටුව සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සියලු දෙනාම සහභාගී වී සිටිම සම්බන්ධයෙන්.දේශපාලන පක්ෂ 03-04 හිම අය මේ වගේ එකතු වෙලා, රට මේ වගේ ව්‍යසනයකට මුහුණ දෙන වෙලාවේ පක්ෂ විපක්ෂ සියලු දෙනාම එකම මේසයක වාඩි වෙලා, එකට එකතු වෙලා තීන්දු තීරණ ගන්න පුලුවන් නම් ඒක තමයි රටේ ජයග්‍රහණය, ඒක දේශපාලන පක්ෂ වල ජයග්‍රහණයක් නෙමෙයි, රටේ ජයග්‍රහණයක් මේක හොඳ ආදර්ශයක්.අපි හැමෝම මේ වගේ එකතු වෙලා වැඩ කරමු.ලොක්කෝ ලොක්කෝ හැමදාම යාලුයි පල්ලෙහා තමයි බෙදිලා ඉන්නේ, ඒ නිසා අපිත් හැමෝම එකතු වෙලා මේ ගමන යන්න පුලුවන් නම්, මේ රට තියෙන තැනින් බේරා ගන්න අපිට පුලුවන් වෙයි.ඒ නිසා මම හිතන්නේ ඉදිරියටත් අපි හැමෝම එකතු වෙලා, අපේ ජනතාවගේ ප්‍රශ්න හා ප්‍රදේශයේ සංවර්ධනය වෙනුවෙන් අපි එකට වැඩ කරමු යැයි රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.