27 April 2024
#ව්‍යාපාර

මහින්ද්‍රා මුල් වරට දේශීයව එකලස් කරන ලද රථය වෙළඳපළට හඳුන්වා දීමට සැලසුම්

මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගම ප්‍රථම වරට දේශීයව එකලස් කරන ලද ටොන් 1.4 Bolero City Pick-Up රථය, මතුගම වැලිපැන්න පිහිටි එම සමාගමේ වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවේ දී ඔක්තෝබර් 26 වනදා වෙළඳපොළට හඳුන්වා දීමට නියමිතය.

මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයෙහි හැරුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මගපෙන්වීම යටතේ මෙය සිදු කෙරේ.

ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, වාහන එකලස් කිරීමේ හා වාහන අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක්(Standard Operating Procedure) 2021 මාර්තු 15 වැනි දා ජනගත කිරීම මඟින් මේ වන විට දෙස් විදෙස් ආයෝජකයන්ට එම කර්මාන්ත ක්ෂේත්‍රයේ විශ්වාසයෙන් යුතුව ආයෝජන කළ හැකි නිශ්චිත රාජ්‍ය ප්‍රතිපත්තිමය රාමුවක් සකස් කර දෙනු ලැබ තිබේ.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *