• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඡන්දයක් ඉක්මනින් පවත්වයි කියලා විශ්වාසයි – මන්ත්‍රී දුමින්ද

5 March 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අපි විශ්වාස කරනවා ඉතා කඩිනමින් මැතිවරණය පවත්වයි කියලා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, අනුරාධපුර -ගලෙන්බිදුණුවැව හුරුළු දේවාලයේ පැවති ආශිර්වාද පූජාවකින් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමින්ය

එහිදී අදහස් දැක්වූ දුමින්ද දිසානායක මහතා, ” පළාත් පාලන මැතිවරණය පිළිබඳව රටේම මේ වෙන කොට කථා බහ කරනවා, විශේෂයෙන්ම පසුගියදා(03) නඩු තීන්දුවත් එක්ක විශේෂ උද්යෝගයක් ඇති වෙලා තියෙනවා පළාත් පාලන මැතිවරණය පිළිබඳව.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි නඩු තීන්දු බලාගෙන නෙමෙයි, අපි මැතිවරණයකට බොහෝම කැමතියි.මැතිවරණ තියන්න ඔ්නකම තියෙනවා, නමුත් පක්ෂයක් විදිහට අපි දරපු මතයක් තියෙනවා මේ වෙලාවේ රටේ තියෙන ප්‍රශ්න වලට මේ මැතිවරණයෙන් උත්තරයක් හොයන්න පුලුවන්ද? හැබැයි ප්‍රජාත්‍රන්තවාදය වෙනුවෙන් මැතිවරණ තිබිය යුතුයි කියන තැන අපි ඉන්නවා.මාර්තු 09 වැනිදා මැතිවරණයටත් අපි ලෑස්ති වෙලා හිටියේ, හැබැයි කෙසේ හෝ එය කල් ගිහින් තියෙනවා.අපි විශ්වාස කරනවා ඉතා කඩිනමින් මැතිවරණය පවත්වයි කියලා.ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය සභා සඳහා අපි තරඟ කරන්නේ අත ලකුණෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට. අද දිනයේ හොරොව්පතාන ආසනයේ, ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයින් සමඟ හුරුළුදේවාලයේදී ආශිර්වාද ලබා ගැනීමේ පූජාවක් පවත්වලා අපි හැමදාමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සියලු ආගම් සමඟ, ජාතිවාදයෙන් තොරව කටයුතු කරන පක්ෂයක්.හුරුළු දේවාලයේදී අපි පූජාවක් පවත්වලා අපි බලාපොරොත්තු වෙනවා මේ මැතිවරණය ඉතාමත් ඉක්මනින්, සාධාරණව ජනතාවට අනාගතය පිළිබඳව බලාපොරොත්තුවක් සහිත ජයග්‍රහණත් එක්ක මැතිවරණය පවත්වන්නත්, අනුරාධපුරයේ අපි ගත්තම මොන මැතිවරණයකට ඉදිරිපත් වුණත්, මොනවා වුණත් අපි සියලු දෙනාම ගොවියෝ අපේ ආර්ථිකය තියෙන්නේ ගොවිතැන සාර්ථක වීමත් එක්ක හැබැයි අපි දන්නවා පහුගිය කාළ වල නොයෙකුත් කරදර ප්‍රශ්නත් එක්ක අපේ ගොවීන්ට බලාපොරොත්තු වුණ තරමේ අස්වැන්නක් ලබා ගෙන, බලාපොරොත්තු වූ ආදායම ලබා ගෙන ආර්ථිකය ශක්තිමත් කර ගන්න බැරි වෙලා තියෙනවා.නමුත් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි යල කන්නයේ වැසි නියමිත පරිදී ලැබිලා ගොවීන්ට හොඳ ආර්ථිකයක්, හොඳ අස්වැන්නක් ඒ වගේම ගොවීන්ගේ ආර්ථිකය පමණක් නෙමෙයි අපේ ජනතාව නිෂ්පාදනය කරන භව-බෝගයන් එක්ක මේ රටේ ආහාර සුරක්ෂිතතාවයත් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.අපි හුරුළු දේවාලයට පැමිණිලා මේ සියලු දේ ඉදිරි කාළය තුළ සාර්ථක වෙන්න කියන ප්‍රාර්ථනාව තමයි අපි කරන්නේ.රටේ ආර්ථිකය දැන් දිනෙන් දින හොඳ තත්වයට පත් වෙමින් යනවා, අපි හිතනවාට වඩා වඩාත් ඉක්මනින්, ආර්ථිකය ශක්තිමත් වෙයි කියලත් බලාපොරොත්තු වෙනවා.
මම ඉන්නේ කොයි පක්ෂයේද, කොයි පැත්තේද කියන ගැටලුව සමාජයේ ඇති වෙලා තියෙන්නේ මාධ්‍යයෙන්, මේ රටේ ජනතාව පුරුදු වෙලා තියෙනවා රෑට රෑපවාහිනිය බලපුවාම, මාධ්‍යයට දෙන වොයිස් කට් එකත් එක්ක තමයි හිතන්නේ රටේ දේශපාලන තත්වය.හැබැයි මේක වොයිස් කට් එකෙන් රටේ දේශපාලනය තීරණය කරන්න වෙලාවක් නෙමෙයි.අපි හැමෝම මේ රට ආර්ථික වශයෙන් වැටිලා ඉන්න මොහොතේ අපේ තියෙන දායකත්වය ලබා දෙන්න ඔ්නකම තියෙනවා මිසක්, රෑට ප්‍රවෘත්ති වල වොයිස් කට් එකක් දාගන්න එක තුළ අපිට මේ රටේ අනාගතය පිළිබඳව සාර්ථකත්වයක් දකින්න පුලුවන්කමක් නෑ, අපි දකිනවා මේ රටේ ආණ්ඩු කරන පක්ෂ හැරෙන්න, අනෙක් සියලුම පක්ෂ මේ රට ආර්ථක වශයෙන් මෙච්චර වැටිලා ඉද්දිත් ධනාත්මකව කථා කරන කවුරුත් පේන්න නෑ, මොන දේ කළත් ඒකට විවේචනාත්මක උත්තර තමයි දෙන්නේ, හැබැයි රටක් වැටිච්ච වෙලාවේ, විශේෂයෙන්ම අපි යුද්ධය වෙලාවේ අපිට එකතු වෙන්න පුලුවන්කම ලැබුණා වගේම, ආර්ථක වශයෙන් වැටුණ වෙලාවෙත්, පක්ෂ- පාට භේදයකින් තොරව අපි අපේ දායකත්වයයි ලබා දෙන්න ඔ්නකම තියෙන්නේ.ඒ නිසා තමයි දුමින්ද දිසානායක මාධ්‍යයේ හිටියේ නැති වුණාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක මහත්වරුත් එක්ක ආසන සංවිධායතකතුමන්ලාත් එක්ක අපි අවශ්‍ය දේශපාලන නායක්තවය අනුරාධපුර දිස්ත්‍රික්කයට ලබා දෙමින් කටයුතු කරනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිම මැතිවරණයකට භයක් නෑ, හැබැයි අපි දන්නවා මේ රටේ මැතිවරණ හැසිරිලා තියෙන්නේ කොහොමද කියන කාරණය, හැම පක්ෂයකටම තමන්ගේම කියලා සාමාජිකයෝ ඉන්නවා.ඡන්දය කියලා කියන්නේ කැමැත්ත, මේ අය කැමැත්තට ඡන්දය දෙනවා.හැබැයි වැඩිහරියක් ඡන්දය දෙන්නේ වෛරයක්, තරහක් පිරිමහගන්න, එහෙම නැතිව අනාගත වැඩපිළිවෙලක්, ප්‍රථිපත්තියක් දැකලා නෙමෙයි, තෙල් මිළ වැඩි වුණාම, කාට හරි හිතුනොත් මේ ආණ්ඩුව නිසා තමයි තෙල් ටික වැඩි වුණේ කියලා සමහර වෙලාවට තරහාට විපක්ෂයට කතිරය ගහනවා.ඒ නිසා අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.මේ අරගලයේ ප්‍රථිඵලයත් එක්ක, අරගලයෙන් කථා කලේ රටක් වෙනස් විය යුතුයි කියන එක, ඒ වගේම ඉතිහාසයේ අපි කරපු වැරදි පිළිබඳව අරගලය තුළ කථා කළා, ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ වැරදි දකිමින්, හොඳ දකිමින් අනාගතය රට කොතැනටද ගෙනියන්න පුලුවන්, ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දායකත්වය මොකක්ද? එහෙම නැතිව හැම දේකටම විරුද්ධ වෙන එකත් නෙමෙයි.හැමදේම විවේචනය කරන එකත් නෙමෙයි, ඒ වගේම තමයි හැමදේම රකින එකත් නෙමෙයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය හරි දේ වෙනුවෙන් පෙනී සිටීම.ඒ වෙනුවෙන් අපි ඉදිරියටත් කටයුතු කරනවා.
මම පුනර්ජනනීය බලශක්ති අමාත්‍යයවරයා විදිහට ඉන්න කොට විදුලි බල පනත වෙනස් කරන්න අවශ්‍යය කටයුතු කළා, විදුලි බල පනත වෙනස් කරන්න ඔ්න කියලා අපි කිව්වේ මේ රටේ පුනර්ජනනීය බලශක්තිය වැඩිවශයෙන් එකතු කර ගන්න.එදා සේවක සංගම් හරි කවුරුන් හෝ, පක්ෂ වෙන්න පුලුවන්. පක්ෂ නියෝජිතයෝ වෙන්න පුලුවන් බොහෝ විට විරුද්ධ වුණා මේක කරන්න එපා කියලා.හැබැයි එදා අපි ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක කළා නම් අද වන විට ඒ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වෙනවා.එහෙම ක්‍රියාත්මක වුණා නම් අද මේ කියන විදුලි කප්පාදුවත් නැති වෙන්න තිබුණා, එදා ජනන පද්ධතියට ඒ මෙගා වොට් ප්‍රමාණය, අපි කථා කළා පවුල් ලක්ෂයක් වෙනුවෙන් මෙගාවොට් 500 ක්, හැම ගෙදරකටම කිලෝ වොට් 5 ක සූර්ය පැනල ලබා දීලා ඒ අයගේ විදුලි බිල ඒකෙන් අඩු කරලා ඒ අයට ආදායමක් ලැබෙන විදිහට.ඒ වගේම රටට අවශ්‍යය විදුලිය මෙගාවොට් 500 ක් ලබා ගන්න.ඒ වගේම මට චෝදනාවක් තිබුණා ටෙන්ඩර් සිදු නොකර ලාච්චුවේ දාගෙන ඉන්නවා කියලා.ඔවු මම දාගෙන හිටියා, එහෙම කලේ ජනන පද්ධතියට විශාල වශයෙන් පුනර්ජනනීය බලශක්තිය එකතු කළ යුතු නිසා.එදා අපි කරපු දේවල් ක්‍රියාත්ම කරන්න දුන්නා නම් මං හිතන්නේ අද වන විට විදුලි කප්පාදුවකුත් නෑ, මේ වගේ වැඩි මුදලකට ඩීසල් ජෙනරේටර් වලින් විදුලිය ගන්න ඔ්නකමකුත් නෑ, හැබැයි එදා රුපියල් 22, රුපියල් 18, රුපියල් 15 ට පුනර්ජනනීය බලශක්තියට මිලක් ලබා දෙන කොට බොහෝ අය විරුද්ධ වුණා, බොහෝ අය කෑ ගැහුවා මේකේ විනිවිදභාවයක් නෑ, මෙතන හොරකම්- වංචා වෙනවා කියලා.අද හැබැයි ඩීසල් යුනිට් එකක් රුපියල් 100 කට වඩා වැඩියි.අද තියෙන මිලත් එක්ක පුනර්ජනනීය ව්‍යාපෘතීත් රුපියල් 35-40 ක් වගේ වෙනවා.හැබැයි එදා ඒවා ක්‍රියාත්මක කළා නම්, එදා ඒ ගිවිසුම් අත්සන් කළා නම් එදා ඒවාට අවශ්‍යය කරන ප්ලාන්ට් ඉදි කළා නම් රුපියල් 20, රුපියල් 21, රුපියල් 18 ට ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා.අවුරුදු 20 කට.හැබැයි අද වෙන කොට නිවැරදි තීන්දු හරි වෙලාවේ ගත්තේ නැති නිසා අද විශාල පාඩුවක් වෙලා තියෙනවා මේ රටට.ඇමතිවරු හොරකම් කරනවා කියලා කෑ ගහගහා ඉන්නවාට වඩා මේකට කොහොමද අපි හයියක්, ශක්තියක් දෙන්නේ කියන කාරණය පිළිබඳව ජනතාව විවෘත මනසකින් බැලුවොත්, අපි මේ අද මුහුණ දීලා තියෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නේ නෑ, මම හිතනවා වර්ථමාන විදුලි බල ඇමතිවරයා, අපි ගෙන ආ සියලු ව්‍යාපෘති ඉතාමත් කඩිනමින් ක්‍රියාත්මක කරයි කියලා යැයි මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසිය.

මෙම අවස්ථාවට මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂක අපේක්ෂිකාවන් හා පක්ෂ ක්‍රියාකාරීන් සහභාගී වූහ.

 

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 3
Previous Post

විදේශ රැකියා ජාවාරම්කරුවන්ට නීතිමය පියවර ගැනීමේදී කිසිදු දේශපාලන බලපෑමක් නෑ – විදේශ සේවා නියුක්ති කාර්යාංශය

Next Post

ජනාධිපතිවරයාගේ කුඨ වැඩවලට ශ්‍රේෂ්ඨාධිකරයෙන් පිළිතුරක් – විපක්ෂනායක සජිත්

editor

editor

Next Post

ජනාධිපතිවරයාගේ කුඨ වැඩවලට ශ්‍රේෂ්ඨාධිකරයෙන් පිළිතුරක් - විපක්ෂනායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved