27 April 2024
#දේශීය

ජනාධිපතිවරයාගේ කුඨ වැඩවලට ශ්‍රේෂ්ඨාධිකරයෙන් පිළිතුරක් – විපක්ෂනායක සජිත්

මැතිවරණය නොපවත්වන්නට සහ කල් දමන්නට කටයුතු කරමින් කූඨ උපක්‍රම දියත් කළ ජනාධිපතිවරයාට නිසි පිළිතුරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ කළුතර බුලත්සිංහල පැවති ජනහමුවක් අමතමිනි.

SHUT UP AND SIT DOWN යයි මේ රටේ මහජන නියෝජිතයින්ට තර්ජනය කළ ජනාධිපතිවරයාට අධිකරණය විසින් SHUT UP AND SIT DOWN වර්ගයේ තීන්දුවක් දී ඇති බව හෙතෙම පැවසිය.

 

ආණ්ඩුව සමග ඩීල් දමා ගෙන සිටින ඇතැමුන් නිහඬව සිටිද්දී සමගි ජන බලවේගය මේරටේ දෙකෝටියකට වැඩි ජනතාව වෙනුවෙන් අධිකරණය වෙත ගිය බවත් එයින් ලද තීන්දුව හේතුකොටගෙන මේ රටේ ජනතාවගේ ඡන්ද අයිතිය සුරක්ෂිත වූ බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

පළාත් පාලන මැතිවරණය ලබාගැනීම වෙනුවෙන් අඛණ්ඩවම එකම විශ්වාසය තැබූ දේශපාලන පක්ෂය සමගි ජන බලවේගය පමණක් බව පැවසූ හෙතෙම එය ලබා ලබාගැනීම වෙනුවෙන් ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගත් බවත්,ඉදිරියේදිත් ඒ වෙනුවෙන් ඇප කැප වන බවත් පැවසීය.

බංකොලොත් රටක ආර්ථිකය කුඩා කොට රට ගොඩනැඟිය නොහැකි බව පැවසූ විපක්ෂ නායකවරයා මේ වැටුණු රට ගොඩනැඟීමේ හැකියාව ඇති කණ්ඩායම සිටින්නේ සමගි ජන බලවේගය බවද පැවසීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *