විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් සපයනු ලබන සියලුම සේවාවන් අත්හිටුවීමට විදේශ අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ, මහජනතාවගේ එක්රැස්වීම සීමා කිරීම සහ එමඟින් කොවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහාය.
කොළඹ සෙලින්කෝ ගොඩනැගිල්ලේ පිහිටා ඇති කොන්සියුලර් කටයුතු අංශය නැවත දැනුම් දෙන තෙක් අමුත්තන් සඳහා වසා තබනු ඇති අතර, ‘අපනයන ලේඛන’ සහතික කිරීම සම්බන්ධ විමසීම් පමණක්, තරයේම කළින් වේලාව වෙන්කර ගැනීමේ පදනම මත භාරගනු ඇත.
පහත සඳහන් හදිසි ඇමතුම් අංක ඔස්සේ වේලාව වෙන්කරගත හැකිය:
අපනයන ලේඛන සහතික කිරීම: දුරකථන අංක: +94 (011) 2338812
විදේශයන්හි දී සිදුවන ශ්‍රී ලාංකිකයන්ගේ මරණ හා මරණ සම්බන්ධ ලියකියවිලි ආධාර සම්බන්ධ විමසීම් සඳහා කරුණාකර පහත සඳහන් අංක අමතන්න:
දුරකථන අංකය: +94 (011) 2323015
විද්‍යුත් තැපෑල: [email protected]
ෆැක්ස් අංකය: +94 (011) 2446091/+94 (011) 2333450