27 April 2024
#Uncategorised

කොරෝනා අවධානම : ඥාතීන් හිතවතුන් ඉතාලියේ නම් මේ පුවත දන්වන්න !

කොරෝනා වෛරසය ඉතාලිය තුළ ව්‍යාප්තවීමත් සමඟ එහි සිටින ශ්‍රී ලාංකිකයන් ගැන නිරන්තර අවධානයෙන් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. 

 
ඉතාලියේ සිටින කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට වෛරසය වැළදී නැති බවත්  අමාත්‍යාංශය පවසයි.
 
රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මිලාන් හි කොන්සල් කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ඔවුන් පිළිබඳව සමීපව අධීක්ෂණය හා සම්බන්ධීකරණය කිරීමට කටයුතු යොදා තිබේ. ශ්‍රී ලාංකිකයන් එක්ලක්ෂ හාරදහසකට වැඩි පිරිසක් ඉතාලියේ වාසය කරනු ලැබේ. 
 
 ඉන් 60%ක්ම වෙසෙන්නේ ලොම්බාඩ් කලාපයේ ය. 
 
දූත මණ්ඩල මේ වන විට රෝම සහ මිලාන් ප්‍රදේශවල සෞඛ්‍ය බලධාරීන් සමඟ අදහස් හුවමාරු කර ගනිමින් සිටින අතර  ශ්‍රී ලංකා විහාරස්ථාන, ප්‍රජා නායකයින් සහ අදාළ සියලු දෙනා මේ සම්බන්ධව එක් වී සිටින බවත් සඳහන්ය.
 
ඉතාලියේ සංචාරය කිරීමේදී විමසිලිමත් වන ලෙසත් අදාළ නීති රෙගුලාසි සහ ආරක්ෂක පියවරයන්ට අනුව සියලු පියවර ගන්නා ලෙසත් විදේශ අමාත්‍යාංශය ඉල්ලා සිටියි. 
 
තානාපති කාර්යාල සහ කොන්සියුලර් කාර්යාල විසින් ක්‍රියාත්මක කරනු ලබන ක්ෂණික දුරකතන ඇමතුම් පැය 24 පුරාම ක්‍රියාත්මකය. අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා උපකාරක කවුළුවක්ද පිහිටුවා තිබේ. 
 
එම අංක ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැකිය.
 
සිසිර සෙනෙවිරත්න විදේශ කටයුතු සම්බන්ධීකාරක – (0039) 3499351745
 
ප්‍රියා නාගරාජා – තුන්වන ලේකම් (0039) 3403581603
 
නිමාලි ජයමහ – කළමනාකාර සහකාර (0039) 3483027997
 
මිලාන් හි කොන්සල් කාර්යාලය – සදමාලි දිසානායක (0039) 3888016268

Leave a comment

Your email address will not be published. Required fields are marked *