27 April 2024
#දේශීය

බුස්සේ සෙල්ලම් ඉවරයි : STF වැඩේ අතට ගනියි !

බූස්ස බන්ධනාගාරයේ  රඳවා සිටින  ප්‍රධාන  පෙලේ  පාතාල අපරාධකරුවන් ,මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්  ඇතුළු විශේෂ   ගණයේ  සැකකරුවන්ගේ ආරක්ෂාව සඳහා  ඊ‌යේ (25) සිට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇතැයි වාර්තා වෙයි.

මේ ආකාරයට යොදවන පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් බන්ධනාගාරය තුළට යන  අමුත්තන් හා රැඳවියන් පරීක්ෂා කිරීමටද නියමිත බවත් වාර්තා වෙයි.  

දැනට මෙම බන්ධනාගාරයේ විශේෂ ගනයේ රැඳවියන් 22 දෙදනකු රඳවා සිටින අතර වාර්තා වන ආකාරයට තවත් 100 කට අධික පිරිසක් එහි යැවීමට නියමිතව ඇත.

මෙහි විශේෂ ගණයේ අපරාධකරුවන් සඳහා ආරක්ෂිත සිර කුටි 46 ක්  සකස්කර ඇති බවත් වාර්තා වෙයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *