• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දුෂිත දේශපාලනය තිත තැබිය යුතුයි – දිලිත් ජයවිර

6 November 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දඩුවම් ලැබිය යුත්තන්ට දඩුවම් ලැබිය යුතු අතර මේ දූෂිත දේශපාලනයට තිත තැබිය යුතු බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ සතුටු දැයක් උදෙසා ව්‍යවසායකත්ව රාජ්‍යයක් ගොඩ නැගීමේ අරමුණින් ‘අලුතින් හිතමු’ යන තේමාව යටතේ මව්බිම ජනතා පක්ෂයේ මංගල දිස්ත්‍රික් සමුළුව ඊයේ (05) වනදා ගාල්ල නගර ශාලාවේදී පැවැති අවස්ථාවේදිය.

එහිදී ජනතාව ඇමතු මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා “මම අවුරුදු තිහක් තිස්සේ ජාතික දේශපාලනයට වක්‍රව සම්බන්ධ වුණ කෙනෙක්. කවුරුහරි හිතනවනම් දිලිත් ජයවීර මේ දේශපාලනයට උඩින් පාත් වුණා කියලා අන්න එතන ඔවුන්ගේ නිර්වචනය වැරදියි. අද මගේ සමාජ ප්‍රාග්ධනය අහිමි වෙලා තියෙන්නේ මේ රටේ ජාතික දේශපාලනයට හදවතින් කැප වුණු නිසා. 2004 වසරේදි රටේ නව වෙනසක් කරමින් “රට පෙරට” ප්‍රචාරණ ව්‍යාපෘතිය අතට ගනිමින් අපි මේ රටේ නැවුම් පෙරළියක් ඇති කළා. ඉන් අනතුරුව අපි මේ රටේ යුද්ධය අවසන් කිරීමට මහින්ද රාජපක්ෂ මහත්මාට හැකියාව ඇති බව විශ්වාස කරමින් “අලුත් ශ්‍රී ලංකාවක්” තේමාව යටතේ දේශපාලන ප්‍රචාරණ ව්‍යාපෘති දියත් කළා. සාර්ථක මානුෂීය මෙහෙයුමකින් රටේ යුද්ධය අවසන් කිරීමෙන් පසු ඔහුට එරෙහිවත් රටට එරෙහිවත් කුමණ්ත්‍රණයක් සිදුවන බව අපට දැනුණු මොහොතේ “සුබ අනාගතයක්” තේමාවෙන් 2010 වසරේ දේශපාලන ප්‍රචාරණ ව්‍යාපෘතියට අපි සෘජුව දායකත්වය ලබා දුන්නා. ඉන් අනතුරුව නැවතත් මේ රට විශාල අර්බුදයකට ඇඳෙමින් පවතින බව අපි දුටුවා. රටට නිසි විනයක් නිර්මාණය කරන්නට, දූෂණයෙන් මුදවා ගන්නට, රටේ සභ්‍යත්වය රැක ගන්නට වගේම රටේ ආරක්ෂාව සඳහා ගෝඨාභය මහතා බලයට පත් කරන්නට මම සෘජුව කැපවුණා. අද වෙනකොට අපට එහි ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවී තිබෙනවා. අද වන විට මාගේ සමාජ ප්‍රාග්ධනය පෞද්ගලිකව අභියෝගයට ලක්වෙන්නෙ රට වෙනුවෙන් සෘජුව හදවතින් කරන ලද කැපවීම නිසා. නැතුව දිලිත් ජයවීර රාජපක්ෂලාගෙ අගුපිල්වල රිංගපු මිනිහෙක් නෙමෙයි. මම රාජපක්ෂලාගෙන් සත පහක උදව්වක් ගත්ත මිනිහෙක් නෙමෙයි. මේ සියලු ගැරහීම් සහ අවලාද මගේ මේ රටේ ජාතිකත්ව දේෂපාලනයේ හදවතින්ම නියුතු විමේ ප්‍රතිඵලයක් ලෙස සමාජ මාධ්‍යයේ මාගේ සමාජ ප්‍රාග්ධනය අභියෝගයට ලක්වෙමින් තිබෙනවා. මා එසේ ලාභ ප්‍රයෝජන ලබාගෙන තිබෙනවා නම් ඕන තැනක කතා කරන්න. අපි හැමදේම කළේ රට වෙනුවෙන්. ඒ විතරක නෙමෙයි පුද්ගලික සමාජ ප්‍රාග්ධනය මෙන්ම වසර 30ක ව්‍යාපාරික කීර්තිනාමයත් අභියෝගයට ලක් කරනවා. අන්න ඒ නිසා අපි වෙන කිසිවෙකු වෙනුවෙන් ඉදිරිපත් නොවී තනිවම, සෘජුවම මේ රටේ දේශපාලන වෙනසක් වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. අන්න ඒ සඳහා තමයි අද මේ ආරම්භය සනිටුහන් කරනු ලබන්නේ. ඉදිරියේදී මැතිවරණ කිහිපයක් පැමිණීමට නියමිතයි. අපි සම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට අභියෝගයක් වෙමින් හැකි සෑම අවස්ථාවකදීම අවම කොන්දේසි මත එකඟද වෙමින් මේ රටට අවශ්‍ය නිදහසේ අඛ්‍යානය ගොඩ නැගීමට කටයුතු කරන බව පැවසීමට කැමතියි. මේ රට සුමටව ගමන් කළ හැකිව තිබූ රටක්. විද්‍යාත්මක ආර්ථික වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට හැකියාව තිබූ රටක්. ඒ සියලු අවස්ථා විනාශ කර දැමුවා. එහෙම කරලා මේ කඳවුර ඔවුන් ලාභෙට විකුණන්න හදනවා. මේක එහෙම ලාභෙට විකුණන්න පුළුවන් කඳවුරක් නෙමෙයි කියන එක අපි කිව යුතුයි. නැවත මේ රටට ආදරය කරන ජාතිකත්වයේ දේශප්‍රේමී කඳවුර අවභාවිත කිරීමට අපි ඉඩ තබන්නේ නැහැ. මින් ඉදිරියට මේ දේශප්‍රේමි කඳවුර ව්‍යවසායකත්ව රාජ්‍යක් ගොඩ නැගීම හරහා සතුටු දැයක් නිර්මාණය කිරීමට ඇපවී කැපවී හදවතින් බැඳෙමින් ඉදිරියටම ගමන් කරන බව කියන්නට කැමතියි. කවුරු හරි හිතනවනම් අපි අද මේ කරන්නේ සෙල්ලමක්, නැත්නම් අත්හදා බැලීමක් කියලා එහෙනම් ඒ හැමෝටම වැරදිලා. අද මගේ ඉදිරියේ බිම් මට්ටමේ සිට මෙතනට පැමිණ සිටින සියලු දෙනා ඒ සදහා සාක්ෂි සපයනවා. මේක සෙල්ලමක් නොවෙයි. මේ රටේ අනාගතය නිර්මානය කරන තැන. දේශපාලකයෝ අපෙ අහිංසක ජනතාවගේ සිහින පවා දුන්නා. එය එසේ නොවන තැනකට ගෙන ඒමට මේ දේශපාලකයින්, පක්ෂ ලබා දෙන විසදුම කුමක්ද? අපි සෙනෙහසේ පක්ශයක්. අපිට කිසිවකු කුදලාගෙන යාමට අවශය නැහැ. නමුත් දඩුවම් ලැබිය යුත්තන්ට දඩුවම් ලැබිය යුතු අතර මේ දූෂිත දේශපාලනයට තිත තැබිය යුතුයි. අපි ඔබට ඉදිරිපත් කරන්නේ විශ්වාස කළ හැකි තාර්කික විද්‍යාත්මක වැඩපිළිවෙළක්. එය ඔබේ ආර්ථිකයට බලපාන වැඩපිළිවෙළක්. එය තමයි ව්‍යවසායකත්ව රාජ්‍යයක් ගොඩ නැගීමේ අවස්ථාව. ශ්‍රී ලාංකිකයින්ගේ සැබෑ විභවය, ජවය උපයෝගී කර ගනිමින් නිර්මාණශීලී ව්‍යවසායකත්ව ජාතියක් ගොඩ නැංවීම සඳහා තමයි අපි මේ යෝජනා කරන්නේ. අපි යන්නේ අන්න ඒ දැවැන්ත ආඛ්‍යානය ඉටුකර ගැනීමේ ගමන. එවිට අපට ආඩම්බරයෙන් කතා කළ හැකි සාඩම්බර රටක් නිර්මාණය කර ගැනීමට හැකි වනවා. අද අපේ තරුණ පරම්පරාව රට හැර යමින් සිටිනවා. අපේ ක්‍රිකට්වලින් බලා ගන්න පුළුවන් අපිට වෙලා තියන දේ. මේ රටේ අභිප්‍රේරණය බිංදුවටම බැහැලා තියෙන්නෙ. අපි මේ රටට සිහින හා බලාපොරොත්තු ලබා දිය යුතුයි. ඒවා ඉටු කර ගැනීමේ ක්‍රමවේදය සකස් කළ යුතුයි. විශේෂයෙන්ම මේ රටේ කාන්තාවන්ට, තරුණ ප්‍රජාවට මේ රටේ සම්පත්වලින් රටේ සෞභාග්‍යය ගොඩනගා ගත හැකි බව ඔප්පු කළ යුතුයි. ඔබ මේ රට ගැන ආඩම්බර වන අවස්ථාව නිර්මාණය කළ යුතුයි.

අපගේ මේ වැඩපිළිවෙළ පුද්ගල කේන්ද්‍රීය, පවුල් කේන්ද්‍රීය වැඩපිළිවෙලක් නොවන බව පැහැදිලිවම කිව යුතුයි. විශේෂයෙන්ම මේක මුක්කු ගහන වැඩපිළිවෙළක් නෙමෙයි. මුක්කු ගහන්න හදපු පක්ෂෙකුත් නෙමෙයි. අපි පොහොට්ටුවට කියන්න ඕන අද මේ මංගල රැස්වීමට ඇවිත් ඉන්න ජනතාව හැට නව ලක්ෂයේ කොටස්කරුවන් බව. අපි විශේෂයෙන්ම පොහොට්ටුවට කියන්න ඕන පොහොට්ටුව කියලා එකක් නැති බව. මොකද පොහොට්ටුව කියන්නේ අපිට. හැටනම ලක්ෂය කියන්නේ අපිට. ඒක එක්තරා පුද්ගලයෙක්ගේ හෝ පවුලක අයිතිවාසිකමක් නෙමෙයි. ඔවුන් හිතනවානම් මේ හැටනම ලක්ෂය ලාබෙට අලෙවි කරන්න පුළුවන් කියලා. එක විහිළුවක්. අපේ මුළු ආඛ්‍යානයම තියෙන්නේ මේ කදවුර තුළයි. ඒ කියන්නේ හැටනම ලක්ෂය ප්ලස් කදවුරක් දැන් මේක. මොකද හැට නව ලක්ෂේට ඡන්දේ නොදුන්න බොහෝ පිරිස් අද අපි එක්ක එකතු වෙනවා. මහින්ද රාජපක්ෂ යුග පුරුෂයා යුද්ධය අවසන් කරලා ඉටු කළ මෙහෙය අපි අමතක කරන්නේ නැහැ. නමුත් ඒ ගෞරවය පුද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් අවභාවිත කරන්නට ඉඩ දෙන්න බැහැ. මේය වරදවා වටහා නොගතයුතු කාරණයක්. කෙලෙහි ගුණ දන්නා ජාතියක් ලෙස අපි ඒ මත්තේ සිට උඩ බලාගෙන කෙල ගසා නොගතයුතු බව සිහි තබා ගත යුතුයි. වර්තමාන ජනාධිපතිතුමන් දේශපාලන වැඩපිළිවෙළක සිටින බව පේනවා. නමුත් ඔහුගේ ආර්ථික වැඩ පිළිවෙළ අසාර්ථකයි. ඔහු සිතනවා නම් ජනතාව ඔහු වටා සිටිනවා කියලා එය වැරදි නිගමනයක් බව කිව යුතුයි. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ මාක්ස්වාදී පදනමකින් සමාජවාදී ගමනක් ගිය පක්ෂයක්. පාසල් අවධියේ කොලුගැටයෙක් ලෙස ඔවුන්ගේ පන්ති පහට සහභාගී වුණු කෙනෙක් මම. නමුත් ඔවුන් අද එතන නැහැ. ඔවුන්ගේ සමහර නායකයින් කොහෙත්ම ඒ ප්‍රතිපත්තීන් වල නැහැ. මේ අහිංසක මිනිස්සු හිතනවානම් ඔවුන් තමයි විකල්පය කියලා. මං හිතන්නේ එය තමයි ප්‍රථමයෙන්ම බැහැර කළ යුතු කරුණ. මං මෙය කියන්නේ ඔවුන් විටින් විට එල්ල කරන චෝදනා තුනක් නිසා නයා, පැණිය සහ ඇන්ටිජන් ගැන ඔවුන් සමාජ මාධ්‍ය ජාලාවල විටින් විට චෝදනා එල්ල තියනවා කර තිබෙනවා. ඒ නිසා ඒ පක්ෂේ නායකතුමාට මේ ප්‍රශ්නය විවෘත සංවාදයකදී විසදගන්න කියලා ආරාධනා කරලා තියනවා.ඉදිරියේදී මැතිවරණ කිහිපයක් පැමිණීමට නියමිතයි. අපි සම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට අභියෝගයක් වෙමින්, හැකි සෑම අවස්ථාවකදීම අවම කොන්දේසි මත එකඟද වෙමින් මේ රටට අවශ්‍ය නිදහසේ අඛ්‍යානය ගොඩ නැගීමට කටයුතු කරන බව පැවසීමට කැමති යැයි දිලිත් ජයවීර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 14
Previous Post

ලබන වසර වන විට විදුහල්පති පුරප්පාඩු සියල්ල ම සම්පූර්ණ කරනවා – ඇමැති සුසිල්

Next Post

ලංවීම කොටස්වලට විකුණන්න අලුත් කෙටුම් පතක් හදලා ඉවරයි – නීතිඥ අජිත් පී පෙරේරා

editor

editor

Next Post

ලංවීම කොටස්වලට විකුණන්න අලුත් කෙටුම් පතක් හදලා ඉවරයි - නීතිඥ අජිත් පී පෙරේරා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved