27 April 2024
#දේශීය

ලංවීම කොටස්වලට විකුණන්න අලුත් කෙටුම් පතක් හදලා ඉවරයි – නීතිඥ අජිත් පී පෙරේරා

රටේ විදුලි බල ක්ශ්‍රේත්‍රයේ තිබෙන තත්ත්වය පිළිබඳව සැලකිල්ලකින් තොරව ඉංජිනේරුවරුන්ගේ සහ වෘත්තීය සමිතිවල මතය සහ විදුලිබලය සම්බන්ධයෙන් ලෝකයේ වෙනත් රටවල් අනුගමනය කර තිබෙන උපායමාර්ග පිළිබඳව සැලකිල්ලකින් තොරව විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කීරීමට යැයි කියා අලුත් පනත් කෙටුපතක් කෙටුම්පත් කරලා අවසන් බව සමගි ජනබලවේගයේ ප්‍රධාන විධායක නීතිඥ අජිත් පී පෙරේරා මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (05) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙම කෙටුම්පත රටේ විදුලිබල ක්ශ්‍රේත්‍රයේ ප්‍රශ්න විසඳන පනත් කෙටුම්පතක් නොවන බවත් රටේ විදුලිබල ක්ශ්‍රේත්‍රය තවදුරටත් අර්බුදවලට රැගෙනයන පනත් කෙටුම්පතක් බව හෙතෙම පැවසිය.

ජාතික විදුලිබල පද්ධතිය කුඩා කොටස්වලට වෙන්කර එම කොටස් වෙළඳපොලේ විකිණීම සඳහා අවශ්‍ය වතාවරණය මෙම කෙටුම්පත හරහා සකස්කර ගැනීම සිදුකර ඇති බවත් මෙම පනත් කෙටුම්පත පිළිබඳව මහජනතාවට කරුණු ඉදිරිපත් කර පනතේ තිබෙන වගන්තිවලින් ලංකාවේ විදුලි අර්බුදය විසඳන්නේ කෙසේදැයි බලශක්ති ඇමැතිවරයා වහාම පැවැසිය යුතු බවත් අජිත් පී පෙරේරා මහතා පැවැසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *