• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තරුණ ප්‍රජාව රාජ්‍ය පාලනයට දායක කර ගැනීමට මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්තගෙන් යෝජනාවක් ජනපතිට

1 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රටේ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියේ දී තරුණ ප්‍රජාවට වැඩි අවස්ථාවක් ලබාදීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්තිය ශක්තිමත් කෙරෙන, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා විසින් ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (31) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ 262 වන අධිකාරය වූ පළාත් පාලන ආයතන ජන්ද විමසීම් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කර ඇති තම පෞද්ගලික මන්ත්‍රී යෝජනාව මගින් “ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන ක්‍රමය” වඩාත් ශක්තිමත් කිරීම සඳහා මැතිවරණවලදී තරුණ තරුණියන්ට වැඩි අවස්ථාවක් සලසා ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තියට ව්‍යවස්ථාමය අගයක් එක් කරන බවය.

පළාත් පාලන මැතිවරණයන්හි පළමු සහ දෙවන නාම යෝජනා ලැයිස්තුවල අවම වශයෙන් 25%ක තරුණ නියෝජනය තහවුරු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන මෙම කෙටුම්පතෙහි ඇතුළත් බවත් මන්ත්‍රීවරයා පැවසීය.

1990 තරුණ අසහනය පිළිබඳව සොයා බැලීමට පත්කරන ලද විශේෂ කොමිසමේ නිර්දේශවලට අනුව තරුණයන් සඳහා ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන ක්‍රමයන්හි දී වැඩි අවස්ථා ප්‍රමාණයක් සහතික කිරීමේ වැදගත්කම ඉස්මතු කර තිබු බවත්, 1990 දී පළාත් පාලන ආඥා පනතට සංශෝධනයක් එක්කරමින් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් පළාත් පාලන නාම යෝජනා ලැයිස්තු සකස් කිරීමේදී 40%ක අවස්ථා ප්‍රමාණයක් තහවුරු කිරීමට ප්‍රතිපාදන හඳුන්වා දෙනු ලැබුවේ ඒ අනුව බවත් දොලවත්ත මහතා සඳහන් කළේය.

එහෙත් පසුකාලීනව පළාත් පාලන ආයතනවල 25%ක කාන්තා නියෝජනය තහවුරු කරමින් සාධනීය පියවරක් ගනු ලැබුවත් ඊට අදාළ සංශෝධනයේ දී තරුණ නියෝජනය අනිවාර්ය කිරීමේ කොන්දේසිය ගිලිහී ගිය බව පෙන්වාදුන් ප්‍රේමනාත් සී.දොලවත්ත මන්ත්‍රීවරයා එම අවස්ථාව නැවත තරුණ ප්‍රජාවට හිමිකර දෙමින් රටේ අනාගත ජීවනාලිය බඳු තරුණ ප්‍රජාව තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා සක්‍රීයව දායක කර ගැනීමටත් තම යෝජනාව ඉවහල් වනු ඇතැයි විශ්වාස කරන බව ද සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ “262 වන අධිකාරය වූ පළාත් පාලන ආයතන ජන්ද විමසීම් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත” 2022 ඔක්තෝබර් 14 ගැසට් පත්‍රයේ පළකර තිබේ.

Post Views: 11
Previous Post

ආකර්ෂණය වන ලෙස ධීවර වරායන් පවත්වා ගත යුතුයි – ධීවර අමාත්‍ය ඩග්ලස්

Next Post

හෙට පැවැත්වෙන පාගමනට අපි ඉන්නවා – විපක්ෂනායක සජිත්

editor

editor

Next Post

හෙට පැවැත්වෙන පාගමනට අපි ඉන්නවා - විපක්ෂනායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved