27 April 2024
#දේශීය

PBට කොවිඩ් ඉවර වුනාට අපිටනම් ඉවර නෑ – රවී කුමුදේශ්

කොවිඩ් වසංගතය පාලනය කල බව පෙන්වීම සදහා රජයේ ඇතැම් පාර්ශවයන්වල අවිද්‍යාත්මක හැසිරීම ව්‍යාප්තිය වැඩිවීමට හේතු වී ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ 40-50 අතර පැවති මරණ සංඛ්‍යාව අද වන විට 67 ක් වී ඇති බවයි.

රෝහල් වල නිවැරදි ප්‍රතිකාර නොමැතිව මිය යන සංඛ්‍යාව ගනණය කලොත්, මේ සංඛ්‍යාව දෙගුණ තෙගුණ වී ඇති බවත් මෙම මරණ වල වල වලක්වා ගත හැකි මරණ විශාල ප්‍රමාණයක් තියෙන බව හෙතෙම පවසයි.

එසේම රෝගීන් ප්‍රමාණය දිනපතා වැඩිවෙන බවත් මේ වැඩි වෙන්නේ තමන් විසින්ම ලෙඩේ හොයාගෙන රෝහලට එන සංඛ්‍යාව මිස හඹාගෙන ගිහින් හොයන අය හෝ අහඹු පරීක්ෂණ මගින් හොයන ඒවා නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණ කරන විදිහට 80%කට වඩා ඉන්න රෝග ලක්ෂණ නොමැති ආසාධිතයන් හමුවෙන්නේ නැති බවත් ඒ අනුව අපි වාර්ථා කරන රෝගීන් ප්‍රමාණය වගේ හතර පස් ගුණයක් රෝගීන් සමාජය තුල ඉන්නා බව කුමුදේශ් මහතා පැවසිය.

PB ජයසුන්දර මහත්තයාට කොවිඩ් ඉවර වුණාට, සෞඛ්‍ය සේවයට කොවිඩ් ඉවර නොමැති බවත් ඇදන් ගාණට වඩා හැම වාට්ටුවකම රෝගීන් ඉන්න බව ද හෙතෙම කියා සිටියාය.

ඒ අතර සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලය සේරම එකවර රාජකාරී කරවන්න චක්‍ර ලේක ගහන්නේ, සෞඛ්‍ය සේවාවම අඩපන කරන්න බව කුමුදේශ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *