Havana හි කියුබානු රජය සමඟ පවතින දශක කිහිපයක් පැරණි වෛද්‍ය සේවා ගිවිසුම් අවලංගු කරන ලෙස අමෙරිකා එක්සත් ජනපදය ලතින් ඇමෙරිකානු රටවලට බලපෑම් කරමින් ඔවුන් “කප්පම්කරණයට” (extorting) ලක් කරන බවට කියුබානු විදේශ අමාත්‍ය බෲනෝ රොඩ්රිගස් චෝදනා කරයි. කියුබාවේ කොමියුනිස්ට් පාලනයට එරෙහිව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ගෙන යන “උපරිම පීඩනය” යෙදවීමේ ව්‍යාපාරයේ කොටසක් ලෙස මෙය ක්‍රියාත්මක වන බව ඔහු පෙන්වා දුන්නේය.
කියුබානු ආර්ථිකයට බිලියන ගණනක ආදායමක් ගෙන දෙන මෙම විදේශ වෛද්‍ය දූත මණ්ඩල වැඩසටහන “බලහත්කාර ශ්‍රමය” (forced labour) ලබා ගැනීමක් බවට වොෂින්ටනය මීට පෙර චෝදනා කර තිබුණි. 2025 නිල දත්ත වලට අනුව රටවල් 56 ක කියුබානු වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය වෘත්තිකයන් 24,000 ක් පමණ සේවය කර ඇත. වෙනිසියුලානු නායක නිකලස් මදුරෝ බලයෙන් පහ කිරීමෙන් අනතුරුව, ට්‍රම්ප් පාලනය කියුබාව කෙරෙහි ද සිය දැඩි ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.














