• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

පැල්වත්ත සමාගමෙන් කිරි ගොවීන් නගා සිටුවමට කිරි ගව ගාල් සහ ශීත කිරීමේ මධ්‍යස්ථාන

1 February 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අම්පාර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ගව තෘණ සඳහා ඉඩම් නොමැති වීම පිළිබඳ ගැටළු කිහිපයක් හේතුවෙන් කිරි ගොවීන් සඳහා විශේෂ ඉඩම් වෙන් කරන බවට ජනාධිපතිවරයා ලබා දුන් පොරොන්දුව පිළිබඳව පැල්වත්ත ඩේරි සමාගම සිය සතුට පල කරයි.

පැල්වත්ත ඩේරි සමාගම, මෙම ඉඩම් ගැටලුව ඇතුළු කිරි කර්මාන්තයෙහි ගැටළු සම්බන්ධයෙන් සැලකිලිමත් වීම පිළිබඳව සිය කෘතඥතාව ජනාධිපතිවරයාට පුද කරන අතර රජය විසින් යෝජිත ඉඩම්වල කිරි මඩු හා ශීත කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවීමට සහාය වීම සඳහා සිය කැමැත්ත ප්‍රකාශ කර තිබේ.

 කිරි කර්මාන්තය සඳහා විශේෂිත ඉඩම් වෙන් කිරීම මගින් යෝජිත ශීත කිරීමේ මධ්‍යස්ථාන සහ කිරි දොවන ස්ථාන අදාල ස්ථානයන්හි ස්ථාපනය කිරීම මගින් පිරිසිදු පරිසරයක ආරක්ෂිතව කිරි ලබා ගැනීමටත්, එකතු කිරීමටත්, ශ්‍රිත කිරීමේ මධ්‍යස්ථාන තුළ ගබඩා කිරීමටත් හැකිවන අතර එමගින් නියමිත වෙලාවට එම කිරි පිරිසිදුව හා සෞඛ්‍යාරක්ෂිතව සමාගමට ලබා දීමට උපකාරී වේ. මේ හරහා කර්මාන්තයේ ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමත්, ගුණාත්මක බවින් ඉහළ කිරි ලබා ගැනීම සහතික කිරීමටත් සමස්ත ක්‍රියාවලියම පශු වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය නිලධාරීන්ට පහසුවෙන් අධීක්ෂණය කර සහතික කිරීමටත් හැකියාව ලැබෙනු ඇත.

පැල්වත්ත සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ අක්මාල් වික්‍රමනායක මහතා මෙම නව ශීතාගාර සහ කිරි දොවන ස්ථාන ස්ථාපනය කිරීම පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “අප සමාගමේ කිරි දෙවීමේ, ගබඩා කිරීමේ, එකතු කිරීමේ හා ප්‍රවාහනය කිරීමේ මෙහෙයුම් කටයුතු වල සුරක්ෂිත භාවය සඳහා මෙම ශීතාගාර හා කිරිදොවන මධ්‍යස්ථාන පිහිටුවීම මගින් විශාල සහයක් වනු ඇතියි විශ්වාස කරනවා. එසේම මෙමගින් අපගේ නිෂ්පාදනවල සමස්ත නැවුම් බව සහ ගුණාත්මකභාවය ඉහළින්ම ඇති බව සහතික කිරීමට උපකාරී වනවා. පෝෂ්‍ය ගුණයෙන් පොහොසත් හා කල් තබා ගත හැකි නැවුම් කිරිවල යහගුණාංගවලින් පොහොසත් අපගේ නිෂ්පාදන පරාසය ඉහළ නැංවීමට මෙය තවදුරටත් සහාය වනු ඇති අතර අදාළ ප්‍රදේශ වල පවුල්වලට සහ සමස්තයක් වශයෙන් කිරි කර්මාන්තයටම මේ හරහා විශාල ශක්තියක් හිමිවේ.”

මෙම කිරි මඩු ගවයින්ට සහ ගොවීන්ට සුවපහසු වාතාවරණයක් ලබා දීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ අනෙකුත් පහසුකම් වලින් සමන්විත වේ. සෑම දිනකම නිරන්තර යාවත්කාලින කළ හැකි පරිසරයක් සහ ආරක්ෂිත හා සෞඛ්‍ය සම්පන්න පිළිවෙත් සහතික කිරීම සඳහා කිරි දෙවුම් පද්ධති ස්ථාපිත කෙරේ. එහිදී අතින් කිරි දෙවීමට වඩා යන්ත්‍රානුසාරයෙන් එය සිදුකිරීම මගින් අවදානම වඩාත් අවම කර ගැනීමට සහ ගුණාත්මකභාවය සහ සමස්ත කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට උපකාරී වේ.

කිරි සැකසීමට පෙර මිදීම සහ නරක්වීම අවම කිරීම සඳහා ද මෙහිදී පහසුකම් සැලසේ. මෙම මධ්‍යස්ථාන පැල්වත්ත කිරි එකතු කිරීමේ පද්ධතියේ සෘජු නැවතුම් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරන අතර එමඟින් කිරි නියමිත වේලාවට සිසිල් කිරීමේ මධ්‍යස්ථාන හා කර්මාන්තශාලාවලට ළඟා වන බව සහතික කරයි. ගවයන්ගේ සෞඛ්‍යය හා සනීපාරක්ෂාව පිළිබඳව පරීක්ෂා කිරීමටත්, නැවුම් බව, ප්‍රතිශක්තිය සහ සෞඛ්‍යාරක්ෂිත බව නිවැරදිව ගණනය කර සහතික කිරීමටත් මෙම මඩු භාවිතා කළ හැකිය. මෙම ක්‍රමය මගින් විශේෂයෙන් විශාල ගව පට්ටි ඇති ගොවීන් ඇතුළු සියලුම කිරි ගොවීන්ට විශාල පහසුකමක් වනු ඇතැයි සමාගම විශ්වාස කරයි.

ගව තෘණ ලබා ගැනීමදී වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය විසින් පනවා ඇති සීමාවන් පිළිබඳව මහඔය, වැලිකන්ද, සේරුවිල, රඹකැන්ඔය, පොල්ලේබැද්ද, කන්දෙගම සහ මාදුරුඔය, සහ අම්පාර දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශවල කිරි ගොවීන් සිය කනස්සල්ල පළ කළහ. කිරි ගොවින්ට ගව පාලනය සඳහා මින් පෙර වෙනම ඉඩම් ලබා දීමට පොරොන්දු වී තිබුණද, එවැනි ඉඩ ප්‍රමාණයක් නිසි පරිදි වෙන් කර නොතිබූ අතර එ් හේතුවෙන් කිරි ගොවීන්ට දැඩි නීති වලට යටත් වීමට සිදු විය. ඒ හරහා කිරි කර්මාන්තයට දැඩි බලපෑම් එල්ලවූ අතර සමස්තයක් වශයෙන් ගොවින් කර්මාන්තයෙන් ඉවත් වන්නට වූ අතර පැල්වත්ත සමාගම මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ සහය ඉල්ලා සිටියේය.

පැල්වත්ත ක්ෂේත්‍ර නිලධාරීන් මේ පිළිබඳව අදහස් දක්වමින් “මෙම පියවර මගින් ඉඩම්වල අතරමංව සිටින ගවයින් 2000 කට අධික සංඛ්‍යාවක් මුහුණ දෙන ගැටලු මඟහරවා ගැනීමට හැකියාව ලැබෙනවා. නමුත් මාස ගණනාවක් තිස්සේ අපගේ ගවයින් බැලීමට අවස්ථාව හිමි නොවීම නිසා ගවයින්ගේ නිරෝගිබව පිළිබඳව අවධානමක් ඇති වීමට ඉඩ කඩ තිබෙනවා. පශුවෛද්‍යවරු පවා මේ පිළිබඳව පෙන්වා දී තිබෙනවා. මේ නිසා කිරි කර්මාන්තයට ඉඩම් වෙන් කිරීම අපට මහත් පිටිවහලක් වනු ඇති බවට විශ්වාස කරනවා.”

පැල්වත්ත සමාගම ගුණාත්මකභාවය, රසය සහ සෞඛ්‍යයසම්පන්නභාවය යන සිය නිෂ්පාදන ප්‍රමිතීන්ට අනුුකූලව යමින් නිරන්තරයෙන්ම ගෝලීය වශයෙන් පිළිගත හැකි ප්‍රමිතීන්ට අනුව ගුණාත්මකභාවයෙන් ඉහළ නිෂ්පාදන ජනතාව වෙත ලබා දීමට කැපවී සිටී. පැල්වත්ත කිරි ගොවින්ගෙන් එකතු කිරීමේ සිට සැකසීම සහ වෙළඳ පොළට පැමිණීම දක්වා ගතවන්නේ පැය 72ක් වැනි අවම කාලයකි. එමනිසා පැල්වත්ත කිරි නිෂ්පාදන වල නැවුම්බව, පෝෂණය, සහ පෝෂ්‍ය සංඝටක වල සුරක්ෂිත­භාවය පිළිබඳව නැවත නැවතත් සහතික විය හැකිය.

 

පිටපත – Communiqe PR.

 

 

Post Views: 1
Previous Post

පිටු 472කින් යුත් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන කොමිසමේ අවසන් වාර්තාව ජනපතිට භාර දෙයි

Next Post

ඉන්දියානු සාගරය ජාත්‍යන්තර වෙළදාම හා ප්‍රවාහනයේ වැදගත් ජීවන මාර්ගයක් බව විදේශ ලේකම් පවසයි

editor

editor

Next Post

ඉන්දියානු සාගරය ජාත්‍යන්තර වෙළදාම හා ප්‍රවාහනයේ වැදගත් ජීවන මාර්ගයක් බව විදේශ ලේකම් පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved