• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්දියානු සාගරය ජාත්‍යන්තර වෙළදාම හා ප්‍රවාහනයේ වැදගත් ජීවන මාර්ගයක් බව විදේශ ලේකම් පවසයි

2 February 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ලෝකයේ බහාලුම් නැව්වලින් අඩක් හා, ලෝකයේ තොග භාණ්ඩ ප්‍රවාහනයෙන් තුනෙන් එකක් මෙන්ම ලෝකයේ තෙල් නැව්ගත කිරීම්වලින් තුනෙන් දෙකක් රැගෙන යන ප්‍රධාන මුහුදු මංතීරු පාලනය කරන ඉන්දියානු සාගරය , ජාත්‍යන්තර වෙළඳාම හා ප්‍රවාහනය සඳහා වැදගත් ජීවන මාර්ගයක් බව විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි.

විදේශ ලේකම්වරයා මේ බව සඳහන් කෙළේ මෑතක දී ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනයේ දී පැවැති ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම (WGMSS) සමඟ අන්‍යෝන්‍ය අවබෝධය නංවාලීම සඳහා වූ ජාලකරණ රැස්වීමකට සහභාගි වෙමිනි.

ඉන්දියන් සාගරයේ සංවර්ධනය සඳහා ඉන්දියානු සාගර කලාපය තුළ සහයෝගීතාවයේ වැදගත්කම අවබෝධ කර ගනිමින්, 1997 වසරේ දී ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමය (IORA) පිහිටුවන ලදී. ශ්‍රී ලංකාව එහි ආරම්භක සාමාජිකයෙකි. 2011 වසරේ දී සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය (MSS), එහි ප්‍රමුඛතම අවධානය යොමුවිය යුතු ක්ෂේත්‍රය ලෙස IORA විසින් නම් කරන ලදී.

විදේශ ලේකම්වරයා කියා සිටියේ ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ නායකත්වය පිළිබඳ සමස්ත වගකීම්වල කොටසක් ලෙස, සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳ කලාපීය සහයෝගීතාවය තුළින් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලබා ගත හැකි ආකාරය සහ ඒ සඳහා දායක විය හැකි ආකාරය සොයා බැලීම පිණිස, සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳ වැඩමුළු/සම්මන්ත්‍රණ මාලාවක් දේශීය සහ කලාපීය වශයෙන් සංවිධානය කිරීම සඳහා ඒ පිළිබඳව කටයුතු කරන සමාන අදහස් ඇති පුද්ගලයින් එක්රැස් කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව සඳහන් කළේය.

මෙම ජාලකරණ රැස්වීම පවත්වන ලද්දේ, IORA සාමාජික රටවල් තුළ සහ සාමාජික රටවල් හරහා සෞඛ්‍ය සම්පන්න සාකච්ඡා උත්තේජනය කරන ක්‍රියාවලියක් ආරම්භ කරමින්, කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳ විශේෂඥයින් පිළබඳ පුළුල් දත්ත පදනමක් නිර්මාණය කිරීම සහ සාමාජික රටවල් අතර අත්දැකීම් හා විශේෂඥ දැනුම බෙදාහදා ගැනීම සඳහා වූ ක්‍රියාවලියක් ආරම්භ කිරීම සඳහා වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

2021 අග භාගයේ දී ශ්‍රී ලංකාව IORA හි උප සභාපති ධුරයට පත්වන බවත්, ඉන් අනතුරුව 2023 සිට 2025 දක්වා ධුර කාලය සඳහා එහි සභාපතිත්වයට පත්වන බවත් මෙම අවස්ථාවේ දී විදේශ ලේකම්වරයා සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳ සහෝදරත්වය වෙත දන්වා සිටියේය.

ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ නායකත්වය දරන ශ්‍රී ලංකාවේ වගකීම් ඉටු කිරීම ඇතුළුව, සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳ ක්‍රියාකාරකම් සඳහා සහයෝගය දැක්වීම පිළිබඳව ඔහු කොළඹ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයට (UNODC) සහ ජර්මානු තින්ක් ටෑන්ක් මැක්ස් ප්ලෑන්ක් පදනමට සිය ස්තූතිය පුද කළේය.

Post Views: 1
Previous Post

පැල්වත්ත සමාගමෙන් කිරි ගොවීන් නගා සිටුවමට කිරි ගව ගාල් සහ ශීත කිරීමේ මධ්‍යස්ථාන

Next Post

මව සහ දරුවෙකු තියුණු ආයුධයකින් කපා ඝාතනය කරයි

editor

editor

Next Post

මව සහ දරුවෙකු තියුණු ආයුධයකින් කපා ඝාතනය කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

21 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රං මිල ඉහළට

21 May 2025

Recent News

අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

21 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රං මිල ඉහළට

21 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved