කොවිඩ් අභියෝගය සහ විපක්ෂය විසින් හිතාමතා ඇතිකරන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින් රජය ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු සංවර්ධන ව්‍යාපෘති සියල්ල අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (25) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අදහස් දක්වමින්, “අතිගරු ජනාධිපතිතුමා මේ රට භාරගෙන අභියෝග රාශියක් මැද්දේ මේ රට කරගෙන යන්නේ. මේ කොවිඩ් 19 වසංගතය නිසා රටේ සංවර්ධනයේ අරණලු දැකිමේ යම්කිසි මද බවක් තිබෙනවා. අපිට විශාල මුදල් සම්භාරයක් වැක්සීන්කරණය සඳහා වියදම් කරන්න සිදු වුණා. එසේම මේ වසංගතය නිසා රටේම ආදායම උඩුයටිකුරු වෙලා තිබෙනවා. ඉතාමත් අවිනිශ්චිත තත්වයක් තමයි රට ඇතුලේ තිබෙන්නේ. හැබැයි අපිට මේ කොවිඩ් වසංගතයටත් වඩා විපක්ෂයේ වසංගතය තමයි අපිට ප්‍රධාන ප්රශ්නය වෙලා තිබෙන්නේ. අපි කොවිඩ් වසංගතය ඉතාමත් සාර්ථකව මැඩපවත්වමින් රටේ සංවර්ධනය කිසිදු අඩුවක් වෙන්න ඉඩ තියලා නෑ. රට පුරාම මාර්ග කිලෝ මීටර් ලක්ෂයක් කාපට් කිරීමේ වැඩසටහන ඉතාමත් වේගයෙන් ක්‍රියාත්මක වෙන අතර අපිට පුළුවන් වෙනවා 2025 වන විට මාර්ග කිලෝ මීටර් ලක්ෂයම අවසන් කරන්න.
ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රට භාර ගද්දි පානිය ජලය තිබුණේ රටේ සමස්ථ ජනගහනයෙන් 53.7% ක යි. 46.3% පානිය ජලය තිබුණේ නෑ. ඒ නිසා රටේ ප්‍රධාන අවශ්‍යතාවයක් ලෙස සලකා සැමට පානිය ජලය ලබාදීමේ දැවැන්ත මෙහෙයුම අද මේ වෙද්දි ක්‍රියාත්මක වෙනවා. එසේම අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වය තුළ රටේ ජනතාවට නිවාස ලබාදීමේ දැවැන්ත වැඩපිළිවෙළක් මේ වෙද්දි ක්‍රියාත්මකයි. ඒ වගේම ගංවතුර උවදුර නිසා ඉස්සන් මෙක්ට්‍රින්ටොන් 700 ක ආසන්න ප්‍රමාණයක් මහ මුහුදට ගලාගෙන ගියා. ඒ ගොවියෝ විශාල මුදලක් අපේ රටේ දළ ජාතික නිෂ්පාදනයට එක්කහු කරන පිරිසක්ය. අපි තීරණය කරා ඔවුන්ට අවශ්‍ය ඉස්සන් පැටව් ටික රජය පැත්තෙන් ජල ධීවර අධිකාරිය පැත්තෙන් ලබා දෙන්න. ඒ වගේම ඉස්සන් ආහාර මිලදි ගැනීම සඳහා මුදල් ඇමතිතුමා සමඟ සාකච්ඡා කරලා අපි තීන්දුවක් අරන් ඔවුන්ට ඉස්සන් ආහාර ටික ලබා ගන්න ණය වැඩපිළිවෙළක් සූදානම් කරලා තිබෙනවා. ඒ අනුව අපි ඉස්සන් කර්මාන්තකරුවන් නගා සිටුවන්න කටයුතු කළා. අපිට විවිධ බාධක එනකොට මේ සියලු දේ භාරගෙන අභියෝග ජයග්‍රහණය කරගෙන ඉස්සරහට යන ආණ්ඩුවක්. ඒ නිසා විපක්ෂය උදවිය අද විවිධ චෝදනා කරනවා. අද විපක්ෂය කටයුතු කරන්නේ කොවිඩ් වසංගතයට උදව් කරලා රජය පරාජය කිරීමේ ප්රතිපත්තියක තුළ ඉන්නේ. ඒ නිසා තමයි හදිස්සියේ උද්ඝෝෂණ රැල්ලක් නැවත වතාවක් නිර්මාණය කරන්නේ. මේ රටේ බැරි අමාරුකම් තිබුණත් රටේ ජනතාව ආරක්ෂා කරන්නයි අපේ ආණ්ඩුව සිදු කරන්නේ. යැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වැඩිදුරටත් කියා සිටියේය.