27 April 2024
#දේශීය

විදුලි වෘත්තිය සමිතිවල ක්‍රියාමාර්ග කිසිදු සාධාරණත්වයක් නෑ – ලංවිම සාමාන්‍යාධිකාරී රණතුංග

තම ඉල්ලීම් ලබා නොදුන්නොත් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම සම්න්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විසින් නිකුත් කරන ලද ලිපිය කිසිදු පදනමක් හෝ වලංගු සාධාරණත්වයක් නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී M.R.රණතුංග මහතා පවසයි.

ඒ මහතා පවසා සිටින්නේ ජාතික වැදගත්කමකින් යුත් ව්‍යාපෘති ඵලදායි සහ කාලානුරූපීව ක්‍රියාත්මක කිරීම රජයේ ප්‍රමුඛතාවයක් බවයි.

සාමාන්‍යාධිකාරී M.R.රණතුංග මහතා විදුලිබල මණ්ඩලයේ සියලුම අතිරේක සාමාන්‍යාධිකාරීවරුන් වෙත ලිපියක් යවමින් අවධාරණය කර සිටියේ එවැනි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහභාගී වීමට අදහස් කරන ව්‍යාපෘතිවල නිලධාරීන් ඔවුන්ගේ අතිරේක අංශය හරහා සාමාන්‍යාධිකාරීවරයාට තනි තනිව පූර්ව දැනුම්දීමක් කළ යුතු බවයි. ව්‍යාපෘති කාර්යයට බාධා නොකළ යුතු බැවින් බව සාමාන්‍යාධිකාරිවරයා සිය ලිපියෙහි සඳහන් කර ඇත.

ජාතික වැදගත්කමකින් යුත් ව්‍යාපෘති නියමිත වේලාවට නිම කිරීමට සෑම උත්සාහයක්ම ගත යුතු අතර වෘත්තිය ක්‍රියාමාර්ග ගනු ලබන නිලධාරින්ට හට පැය 1615 න් පසු සේවය නොකරන බාධා දීමනාවක් හෝ ප්‍රවාහන පහසුකම් භාවිතා කිරීමට හිමිකමක් නොමැති බව ද දක්වා ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *