27 April 2024
#දේශීය

බැසිල් ග්‍රාමීය ආර්ථිකය පිළිබඳව විශ්වාසය තිබුණ නායකයෙක් – මන්ත්‍රී විරසිංහ

බැසිල් රෝහණ රාජපක්ෂ මහතා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳව විශ්වාසය තිබුණ නායකයෙක් බවත් එතුමා මේ සඳහා සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි.වීරසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (25) පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදිය.

එහිදී මන්ත්‍රීවරයා මෙසේ අදහස් පල කලේය “ අද විපක්ෂය විසින් යම්කිසි මාතෘකා ප්‍රමාණයක් සමාජගත කරමින් තිබෙනවා. විශේෂයෙන් විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේ දේශපාලනය පැත්තකින් තියන්න කියලා. අද සාධනීය අයවැයක් ඉදිරිපක් කරලා තිබෙන්නේ. සාමාන්‍ය ජනතාව ආරක්ෂා කරමින් රටේ ආර්ථිකය ගොඩනගන අයවැයක් මුදල් අමාත්‍යවරයා විදිහට ඉදිරිපත් කරලා තිබෙනවා. ලෝකයේ බලවත් කියන රටවල්වලට කොරෝනා වසංගතය මුහුණදීමට බැරි වෙච්ච වෙලාවක අපේ රටේ 75% ජනතාවට එන්නත ලබා දී තිබෙනවා. මේ සියලු දේ කරන ගමන් අද රටේ ආර්ථිකය රැකගන්න ආණ්ඩුව විශාල උත්සහයක් දරනවා. නමුත් විපක්ෂය අද තමන්ගේ දේශපාලන බලය ලබා ගැනීම සඳහා ජනතාව පාරට ගෙනල්ලා කොවිඩ් වසංගත තත්වය වැඩිකරලා රට වහන තැනට කටයුතු කරමින් තිබෙනවා.බැසිල් රාජපක්ෂ මැතිතුමා පහුගිය කාලයේ මේ රට වැටිච්ච අවස්ථාවක බුලත් විකුණපු, තැඹිලි විකුණපු ඒ මිනිස්සුන්ගේ ආර්ථිකය නඟා සිටුවන්න මේ අයවැය තුළින් මිලියන 5000 ක මුදලක් වෙන් කරලා තිබෙනවා. ඒ වගේම ත්‍රිරෝද රථ රියදුරන්, බස් රථ හිමියන්ට මුදලක් මේ අයවැය තුළින් වෙන් කරලා තිබෙනවා. එසේම ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමට විශාල මුදලක් මේ අයවැය මඟින් වෙන් කරලා තිබෙනවා. අපි මොන තරම් ආර්ථික අගහිඟකම් තිබුණත්, ඩොලර් ප්‍රශ්නය තිබුණත් රටේ ජනතාවට වෙන්න ඕන යුතුකම් ඉෂ්ඨ කරන ආණ්ඩුවක්. අපි ජනතාවාදි ආණ්ඩුවක්. අපි හිට්ලර් වගේ පාලනය කරන රටක් නොවේ. අපි ජනතාවට ඇහුම්කන් දෙන ආණ්ඩුවක්. ”යනුවෙන් මෙහිදි සඳහන් කළාය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *