• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

DFCC බැංකුව වෙත ඇමරිකාවේ DFC මගින් මෙරට කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර නැංවීමට ඩොලර් මිලියන 150 ක ණය ආධාර

23 November 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, ඇමරිකා එක්සත් ජනපදයේ International Development Finance Corporation (DFC) සමග විශේෂ ගිවිසුමකට අත්සන් තැබීමට පසුගියදා කටයුතු කළේ ය.

මෙම ගිවිසුම යටතේ DFC ආයතනය මගින් නිකුත් කරනු ලබන ඇමරිකානු ඩොලර් මිලියන 150 ක දැවැන්ත ණය ආධාර මුදලක්, DFCC බැංකුව හරහා මෙරට සුළු, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වන උන්නතිය උදෙසා පිරිනමනු ලැබේ.

රටේ සියලුම දෙනා වෙත ආර්ථික වර්ධන අවස්ථාවන් උදාකර දෙමින් වඩාත් ශක්තිමත් දේශයක් බිහිකිරීමට දරන උත්සාහයේ කොටසක් වශයෙන්, මෙම ණය යෝජනා ක්‍රමය උපරිම වශයෙන් ඵලදායී ලෙස ක්‍රියාවට නැංවීමට DFCC බැංකුව කටයුතු කරනු ඇත.

මෙම ණය මුදල, DFC ආයතනය විසින් ශ්‍රී ලාංකික හවුල්කරුවෙකු වෙත නිකුත් කරන ලද විශාලතම ණය පහසුකම ලෙස සැලකේ. ලොව පුරා විවිධ ගැටලු වලට මුහුණ දී සිටින ප්‍රජාවන් එම ගැටලු වලින් මුදවා ගැනීම අරමුණු කරගෙන මෙම ණය මුදල පිරිනමනු ලබන අතර, පවතින COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් වඩාත් දරුණු අතට හැරී ඇති ස්ත්‍රී පුරුෂ අසමානත්වය සහ ආර්ථික අවස්ථා විෂම ලෙස බෙදී යාම වැනි ගැටලු අවම කිරීම සඳහා මෙහිදී ප්‍රමුඛත්වය හිමි වේ.

“ඇමරිකා එක්සත් ජනපදයෙන් මෙම ණය යෝජනා ක්‍රමය අප වෙත හිමිවීම අපට මහත් ගෞරවයක්. මෙමගින්, ණය සේවාවන් සම්බන්ධයෙන් DFCC බැංකුව සතු මූලික අරමුණු හා ඉලක්ක වලට සමගාමීව, දැනට පවතින COVID-19 තත්ත්වය නිසා බලපෑමට ලක්වූ රටේ ආර්ථිකය යළි නඟාසිටුවීමට අත්වැලක් වීමට අපට හැකියාව ලැබෙනවා. DFCC බැංකුව යනු වසර 66 කට අධික උරුමයක් සහිත බැංකුවක්. අපගේ ඉතිහාසය තුළ රටේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය පෙර නොවූවිරූ මට්ටමකට වැඩිදියුණු කිරීම සඳහා අප පුරෝගාමී ව්‍යපෘති රාශියක් ක්‍රියාවට නංවා තිබෙනවා. අප ගැන විශ්වාසය තබමින්, තම මූලික අභිලාශය වන අන්තර්කරණය සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව තහවුරු කිරීමේ උත්සාහය වෙනුවෙන් පෙරමුණ ගැනීම සඳහා අප තෝරාගැනීම පිළිබඳව අප DFC ආයතනයට ස්තූතිවන්ත විය යුතුයි.” DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා පැවසී ය.

මෙම හවුල්කාරීත්වය ඔස්සේ, මෙරට ප්‍රමුඛත්වය හිමිවිය යුතු ක්ෂේත්‍ර ලෙස ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය විසින් හඳුනාගෙන ඇති කුඩා, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍ර (SME සහ MSME) වලට පරිපූර්ණ ණය පහසුකම් පිරිනැමීමට DFCC බැංකුව කටයුතු කරනු ඇත. එය එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (විශේෂයෙන්ම එහි 5 වන ඉලක්කය වන ස්ත්‍රී පුරුෂ සමානත්වය) ළඟා කරගැනීම සඳහා බැංකුව දක්වන දායකත්වයේ එක් වැදගත් අංශයක්ද වේ. මෙම ඉලක්කය ළඟා කරගැනීමේ පියවරක් වශයෙන්, කාන්තා ව්‍යවසායකත්වය දිරිගැන්වීම අරමුණු කරගෙන, මෙම ණය පහසුකම් වලින් සැලකිය යුතු ප්‍රතිශතයක් කාන්තාවන්ගේ මූලිකත්වය යටතේ ක්‍රියාත්මක වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙත පිරිනැමීමට DFCC බැංකුව අපේක්ෂා කරයි. මූල්‍ය පහසුකම් නොමැති වීම නිසා තම ව්‍යාපාර දියුණු කරගැනීමට නොහැකි වීම ව්‍යවසායිකාවන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන අතර, මෙම වැඩසටහන එම ගැටලුවට කිසියම් ආකාරයක විසඳුමක් වනු නිසැක ය. මීට අමතරව කෘෂිකර්මාන්තය, නිෂ්පාදන ක්ෂේත්‍රය සහ අපනයන ඉලක්ක කරගත් කර්මාන්ත මෙන්ම, සූර්ය බලශක්ති ජනනය සහ කුඩා පරිමාණ ජල විදුලි බලාගාර වැනි පරිසර හිතකාමී, තිරසාර ව්‍යපෘති සඳහාද අරමුදල් සම්පාදනය කිරීමට DFCC බැංකුව බලාපොරොත්තු වෙයි.

ඉදිරියටත්, තම ‘Triple-bottom line value creation’ ආකෘතිය හා සමගාමී වන සහ, සියලුම දෙනා වෙත ප්‍රතිලාභ සලසන මෙවැනි වැඩසටහන් ඔස්සේ රටේ සංවර්ධනයට දායක වීමට DFCC බැංකුව දිගින් දිගටම කටයුතු කරනු ඇත.
Alpen Capital (ME) සමාගම මෙම ගනුදෙනුව සඳහා මූල්‍ය උපදේශක ලෙස කටයුතු කළේ ය.

පිටපත – PR

Post Views: 4
Previous Post

මාතලේ අක්කර 118ක් පුරන් කුඹුරු

Next Post

“මිහිඳු නිවහන” ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය තංගල්ල, පුරාණ වනවාස කුඩා විහාරස්ථානයේදී පැවැත්විය

editor

editor

Next Post

"මිහිඳු නිවහන" ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය තංගල්ල, පුරාණ වනවාස කුඩා විහාරස්ථානයේදී පැවැත්විය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථා සූදානම ගැන තමිල්නාඩු මහ ඇමතිගෙන් මෝදිට ලිපියක් ” දමිළ ජනතාව බරපතල අවදානමක”

ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථා සූදානම ගැන තමිල්නාඩු මහ ඇමතිගෙන් මෝදිට ලිපියක් ” දමිළ ජනතාව බරපතල අවදානමක”

13 January 2026
වංචා චෝදනාවට හසුවූ ගුරුවරියගෙන් අධිකරණය හමුවේ විශේෂ හෙළිදරව්වක්: “මමත් ෆේස්බුක් උගුලකට හසුවූ ගොදුරක්”

වංචා චෝදනාවට හසුවූ ගුරුවරියගෙන් අධිකරණය හමුවේ විශේෂ හෙළිදරව්වක්: “මමත් ෆේස්බුක් උගුලකට හසුවූ ගොදුරක්”

13 January 2026
කැබිනට් මණ්ඩලයේ සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ විශාල වෙනසක් නුදුරේදීම

කැබිනට් මණ්ඩලයේ සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ විශාල වෙනසක් නුදුරේදීම

13 January 2026
“කළ වැරැද්ද නිවැරදි කරන්නේ නම් ලාල්කාන්තට සමාව දෙනවා” – මිහින්තලා නාහිමියෝ

“කළ වැරැද්ද නිවැරදි කරන්නේ නම් ලාල්කාන්තට සමාව දෙනවා” – මිහින්තලා නාහිමියෝ

13 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථා සූදානම ගැන තමිල්නාඩු මහ ඇමතිගෙන් මෝදිට ලිපියක් ” දමිළ ජනතාව බරපතල අවදානමක”

ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථා සූදානම ගැන තමිල්නාඩු මහ ඇමතිගෙන් මෝදිට ලිපියක් ” දමිළ ජනතාව බරපතල අවදානමක”

13 January 2026
වංචා චෝදනාවට හසුවූ ගුරුවරියගෙන් අධිකරණය හමුවේ විශේෂ හෙළිදරව්වක්: “මමත් ෆේස්බුක් උගුලකට හසුවූ ගොදුරක්”

වංචා චෝදනාවට හසුවූ ගුරුවරියගෙන් අධිකරණය හමුවේ විශේෂ හෙළිදරව්වක්: “මමත් ෆේස්බුක් උගුලකට හසුවූ ගොදුරක්”

13 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved