27 April 2024
#දේශීය

මාතලේ අක්කර 118ක් පුරන් කුඹුරු

මාතලේ දිස්ත්‍රික්කයේ අක්කර 118ක් පුරන් කුඹුරු බවට පත්ව ඇති බව ඉකුත්දා පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදි අනාවරණය විය.

ඉකුත්දා පැවති මාතලේ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවට එක්වෙමින් කතා කළ සහකාර ගොවිජන සේවා කොමසාරිස් වයි ටි කුමාරිහාමි මහත්මිය කියා සිටියේ මෙම කන්නයේ අක්කර 56 අස්වැද්දිම සදහා කටයුතු යොදා ඇති බවත් ඒ පිළිබදව අදාළ ගොවින් සහ නිලධාරින් දැනුවත් කර ඇති බවය.

මෙහිදි කරුණු අනාවරණය වුයේ දිස්ත්‍රික්කයේ පවතින වනසත්ව උවදුර සහ කුඹුරු වෙත ජල පහසුකම් ලබා ගැනිමට ඇති බාධාවන් ඇතුලු කරුණු රැසක් නිසා මෙම කුඹුරු පුරන් බවට පත්ව ඇති බවය.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *