• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ කුරුඳු ව්‍යාපාරය ආශ්‍රිත අපනයනකරුවන් ඇගයීමට ලක්කරයි

5 January 2022
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

DFCC බැංකුව මෙරට ප්‍රධාන පෙළේ කුරුඳු ව්‍යාපාරය ආශ්‍රිත අපනයනකරුවන් සහ, රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ඔවුන් දක්වන දායකත්වය ඇගයීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට පසුගියදා කටයුතු කළේ ය. කුරුඳු අපනයනය යනු ශ්‍රී ලංකාවට වටිනා විදේශ විනිමය උපයා දෙන ප්‍රමුඛතම කර්මාන්ත අතරින් එකකි.

මෙම වැඩසටහන යටතේ කුරුඳු අපනයනකරුවන්ගේ අවශ්‍යතා හඳුනා ගැනීමෙන් අනතුරුව, ඔවුන්ට වඩාත් හොඳින් ගැළපෙන මූල්‍ය පහසුකම් එකතුවක් පිරිනැමීමට DFCC බැංකුව කටයුතු කළේ ය. තෝරාගත් DFCC බැංකු ශාඛා හරහා ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් මාලාවක් ඔස්සේ මේ සඳහා කුරුඳු අපනයනකරුවන් සම්බන්ධ කරගන්නා ලදි.

මෙම මූල්‍ය පහසුකම් දැනටමත් මෙරට කුරුඳු අපනයනකරුවන් රැසකට තම ව්‍යාපාර කටයුතු පුළුල් කරගැනීමට මහෝපකාරී වී තිබේ. මීට අමතරව කුරුඳු කර්මාන්තයේ ඵලදායීතාව හා අස්වැන්න ඉහළ නංවමින් එහි සැපයුම් දාමය ශක්තිමත් කිරීම සඳහා, මෙරට සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් හඳුන්වා දී ඇති විශේෂ මූල්‍ය පහසුකම් එම කර්මාන්තයේ ව්‍යාපාර වෙතටද ලබාදීමට DFCC බැංකුව මේ වනවිට පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ දියුණුවට අපනයනකරුවන් සුවිශාල මෙහෙවරක් ඉටුකොට තිබේ. අභියෝග රාශියක් හමුවේ පවා පසුගිය කාලය තුළ දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කිරීමට අපනයන ක්ෂේත්‍රය සමත් විය. විශේෂයෙන්ම කුළුබඩු අපනයන වල කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන අතර, මේ අතරින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත කුරුඳු වලට ලෝකයේ ඇත්තේ දැඩි ඉල්ලුමකි. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක වැදගත්කම සම්බන්ධයෙන් මේ වනවිට ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී තිබීම, මෙම ඉල්ලුමට එක් ප්‍රධාන හේතුවක් වී ඇත.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ උප සභාපති (අපනයන බැංකුකරණ සේවා හා අපනයන ආශ්‍රිත ව්‍යාපාර සංවර්ධන) ඇන්ටන් ආරුමුගම් මහතා මෙසේ පැවසී ය. “ප්‍රධාන පෙළේ කුරුඳු අපනයනකරුවන් රටට විදේශ විනිමය රැගෙන එමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දක්වන දායකත්වය අගයමින්, ඔවුන්ගේ අපනයන කටයුතු තවදුරටත් වර්ධනය කරගැනීමට උපකාරී වීම සඳහා, මේ ආකාරයට පුළුල් පරාසයක පැතිරුණු මූල්‍ය සේවාවන් එකතුවක් හඳුන්වා දීමට හැකි වීම අපට මහත් සතුටක්. අපගේ මූල්‍ය සේවාවන් ඔස්සේ දිගින් දිගටම රටේ අපනයන කර්මාන්තයේ වර්ධනයට දායක වීමට අප බලාපොරොත්තු වෙනවා. මෙය අප සමග අත්වැල් බැඳගෙන සිටින සියලුම පාර්ශ්වයන්ගේ දියුණුව හා සෞභාග්‍යය ඉලක්ක කරගෙන අප ක්‍රියාවට නංවා ඇති දීර්ඝකාලීන වැඩසටහන් මාලාවක එක් අදියරක් ලෙස හැඳින්විය හැකියි.”

 

Post Views: 9
Previous Post

ඉන්න අයව එලියට දාන්නේ නැතිව එකමුතුව සිටිය යුතුයි – විමල්

Next Post

අවුරුදු 12-15 අතර ළමුන්ගේ එන්නත්කරණය සිකුරාදා ඇරඹේ

editor

editor

Next Post

අවුරුදු 12-15 අතර ළමුන්ගේ එන්නත්කරණය සිකුරාදා ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද දන්සල් 8355ක්

අද දන්සල් 8355ක්

10 July 2025
කිරි පිටි මිල යළිත් ඉහළට

කිරි පිටි මිල යළිත් ඉහළට

10 July 2025
ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025

Recent News

අද දන්සල් 8355ක්

අද දන්සල් 8355ක්

10 July 2025
කිරි පිටි මිල යළිත් ඉහළට

කිරි පිටි මිල යළිත් ඉහළට

10 July 2025
ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද දන්සල් 8355ක්

අද දන්සල් 8355ක්

10 July 2025
කිරි පිටි මිල යළිත් ඉහළට

කිරි පිටි මිල යළිත් ඉහළට

10 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved