27 April 2024
#දේශීය

අවුරුදු 12-15 අතර ළමුන්ගේ එන්නත්කරණය සිකුරාදා ඇරඹේ

වයස අවුරුදු 12-15 අතර මෙරට ළමුන් සදහා වන එන්නත්කරණය එළැඹෙන 07 වනදා ආරම්භ කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙ‍ෙහලිය රඹුක්වැල්ල මහතා පවසයි.

වයස අවුරුදු 12-15 දක්වා විවිධ සංකූලතා සහිත ළමුන් සදහා එන්නත්කරණයද මෙයට පෙර සිදු කල අතර, 30,000 ක පමණ ළමුන් පිරිසක් එ් තුල එන්නත්කරණයට ලක් කෙරුණි.

වයස අවුරුදු 12 ට වැඩි දරුවන් සදහා වන එන්නත්කරණයේ දී මේ වන විට එක් එන්නතක් පමණක් ලබාදීමට සෞඛ්‍ය අංශ නිර්දේශ කර තිබේ.

එමෙන්ම පාසැල් ළමුන්ගේ එන්නත්කරණයට සමගාමීව මෙතෙක් බූස්ටර් එන්නත නොගත් පාසැල් ගුරුවරුනටද එම ස්ථානයන්හිදී එන්නත් ලබාගැනීමේ හැකියාව ඇතැයි අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

රට නව සාමාන්‍යකරණයට ලක්වීමත් සමග එළැබෙන සදුදා (10) සිට පාසැල් ද සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යමින් සියළුම සිසුන් එකවර පාසල් කරා පැමිණීමට අදාළ මාර්ගෝපදේශ නිකුත් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

මෙයට පෙර කොටස් වශයෙන් පාසල් කරා ළමුන් පැමිණි අතර ඒ අනුව එළැඹෙන සදුදා සිට සාමාන්‍ය පරිදි ළමුන්ගේ පැමිණීම සිදුවනු ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *