• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

DFCC බැංකුව DFCC Agile නවෝත්පාදන මධ්‍යස්ථානය දියත් කරයි

20 December 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

DFCC බැංකුව, 2025 වසර වනවිට මෙරට වඩාත්ම පාරිභෝගික කේන්ද්‍රීය සහ, වඩාත්ම පුළුල් ලෙස ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන මූල්‍ය ආයතනය බවට පත්වීමේ ඉලක්කයෙහි තවත් පියවරක් වශයෙන්, DFCC Agile නමින් නවෝත්පාදන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට පසුගියදා කටයුතු කළේ ය.

Innovation Quotient (IQ) සමග එක්වී මෙම මධ්‍යස්ථානය ආරම්භ කර තිබේ.

මෙම නවෝත්පාදන මධ්‍යස්ථානයේ මෙහෙවර සඳහා ප්‍රධානතම දායකත්වයක් ලැබෙනු ඇත්තේ DFCC කාර්ය මණ්ඩලයෙනි. එම නිසා ඔවුන්ගේ ප්‍රතිචාර අනුව, මෙම මධ්‍යස්ථානය ‘DFCC Agile’ ලෙස නම්කරන ලදි. එහි සම්පූර්ණ නම ‘‘DFCC Agile – Innovation Centre of Excellence’ වන අතර, එය DFCC බැංකුවේ ඉදිරි ගමන සහ අභ්‍යන්තර හා බාහිර සම්බන්ධතා වලට අදාළ සැලසුම් සකස් කිරීමේ ක්‍රියාවලියේදී තීරණාත්මක දායකත්වයක් දක්වනු ඇත. මේ ඔස්සේ තම ගනුදෙනුකරුවන් වෙනුවෙන් වෙළඳපොළට නවතම මූල්‍ය සේවාවන් හඳුන්වා දීමට DFCC බැංකුවට හැකියාව ලැබේ.

අනාගත වටිනාකම් නිර්මාණකරණය තුළදී එයටම ආවේණික වූ ක්‍රියාවලි සහ පහසුකම් තිබීම අත්‍යවශ්‍ය ය. එමෙන්ම නව විසඳුම් හා සේවාවන් හඳුන්වා දීමේදී, එයට අවශ්‍ය නිර්මාණශීලීත්වය, දැනුම හා විශේෂඥභාවය වැනි සාධක එක්තැන් කිරීම සඳහා, බාහිර පාර්ශ්වයන් සමග විධිමත් ලෙස සම්බන්ධ වී කටයුතු කිරීමේ වැදගත්කම DFCC බැංකුවේ ක්‍රමෝපාය අංශය විසින් පැහැදිලිව හඳුනාගෙන තිබේ. ඒ අනුව ක්‍රියාවට නංවන ලද මෙම ව්‍යාපෘතිය යටතේ, නවීන තාක්ෂණය සහ ගනුදෙනුකරුවන්ගේ අදහස් පදනම් කරගනිමින්, අනාගතයට වඩාත් හොඳින් ගැළපෙන බැංකු හා මූල්‍ය සේවාවන් හඳුන්වා දීම පහසු වනු ඇත.

ක්‍රමෝපායික චින්තන මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරන DFCC Agile නවෝත්පාදන මධ්‍යස්ථානය, DFCC බැංකුවේ සමස්ත ආයතනික ව්‍යුහය ආවරණය කරන පරිදි සැලසුම් කර ඇති අතර, එය නව සංකල්ප නිර්මාණය කිරීමේ සහ පරීක්ෂාවට ලක්කිරීමේ කේන්ද්‍රයක් ලෙස ක්‍රියාකරයි. මෙමගින් නව අදහස් හා සංකල්ප, නිෂ්පාදන හෝ සේවාවන් ලෙස ක්‍රියාවට නැංවීමට පෙර ඒවා විධිමත් ක්‍රියාවලියක් ඔස්සේ පරීක්ෂාවට ලක්කිරීමට හැකියාව ලැබේ.

මෙම වැඩසටහන යටතේ, තම නවෝත්පාදන කළමනාකරණ ක්‍රියාවලිය අදියර දෙකක් යටතේ ක්‍රියාවට නැංවීමට සඳහා Innovation Quotient (IQ) සමග හවුල්කාරීත්වයකට එළඹීමට DFCC බැංකුව කටයුතු කළේ ය. IQ සමාගම තෝරාගන්නා ලද්දේ, නවෝත්පාදනය, ‘Design Thinking’ ක්‍රියාවලිය සහ ව්‍යාපාර සැලසුම්කරණය යනාදී අංශ සම්බන්ධයෙන් එම සමාගම සතු පැය 100,000 කට අධික පළපුරුද්ද සැලකිල්ලට ගනිමිනි. මෙම හවුල්කාරීත්වය යටතේ DFCC බැංකුවේ අනාගත නවෝත්පාදන සැලසුම නිර්මාණය කිරීම, ශක්‍යතාවන් පුළුල් කිරීම, නවෝත්පාදන මෙවලම් හඳුන්වා දීම සහ නිර්මාණශීලී පරිවර්තනයන් සඳහා අවශ්‍ය පහසුකම් සම්පාදනය කිරීම ආදිය සිදුකෙරේ. ප්‍රධාන විධායක නිලධාරී තුමන් සහ ඉහළ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් සමස්ත නවෝත්පාදන කළමනාකරණ ක්‍රියාවලිය මෙහෙයවනු ලබනු ඇත. IQ යනු ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළ ප්‍රථම ‘Design Thinking’ සමාගම වන බැවින්, තම නවතම මාර්ගගත බැංකුකරණ සේවා පදනම සඳහා අතුරු මුහණතක් නිර්මාණය කිරීම සඳහාද එම සමාගමේ දායකත්වය ලබාගැනීමට DFCC බැංකුව කටයුතු කළේ ය.

මෙම නව පියවර සම්බන්ධයෙන් අදහස් දක්වමින්, DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා මෙසේ පැවසී ය. “DFCC බැංකුවේ ඩිජිටල් ඉදිරි ගමනේ නවතම අදියරක් ලෙස ‘DFCC Agile – Innovation Centre of Excellence’ ආරම්භ කිරීමට ලැබීම මට මහත් සතුටක්. මෙය ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ අනාගත ගමන් මගේ පුරෝගාමී කේන්ද්‍රයක් බවට පත්වේවි. ක්ෂේත්‍රයේ අනාගතය රඳා පවතින්නේ පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීමේ සහ වෙනස්කම් වලට අනුගත වීමේ හැකියාව මතයි. එම නිසා බැංකු ක්ෂේත්‍රයට Design Thinking ක්‍රියාවලිය අතිශයින් වැදගත් බව අප විශ්වාස කරනවා. මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සියලුම දෙනාට අප සමග එක්වන මෙන් ආරාධනය කිරීමට මා කැමතියි. මෙම වැඩසටහන වෙනුවෙන් පත්කළ කණ්ඩායම Design Thinking විධික්‍රම ඔස්සේ අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කරගනු ඇති බවට කිසිදු සැකයක් නැහැ.”

Innovation Quotient හි ප්‍රධාන විධායක නිලධාරී මෆාස් ඉෂාක් මහතා මෙසේ අදහස් පළකළේ ය. “DFCC Agile සමග අත්වැල් බැඳගැනීමට හැකිවීම අපට මහත් සතුටක්. මෙම ව්‍යාපෘතිය ඉදිරියේදී DFCC බැංකුවේ දියුණුවට සමගාමීව තවදුරටත් පුළුල් වෙමින්, අභ්‍යන්තර හා බාහිර හවුල්කරුවන් සමග කටයුතු කිරීමේදී Design Thinking විධික්‍රම ඔස්සේ නව අදහස් හා සේවාවන් හඳුන්වා දීම සඳහා මහෝපකාරී වේවි.”

DFCC බැංකුවේ අනාගත වර්ධනය උදෙසා එහි අභ්‍යන්තර හැකියාවන් ශක්තිමත් කිරීම DFCC Agile නවෝත්පාදන මධ්‍යස්ථානය වෙත පැවරෙන තවත් භූමිකාවකි. එහිදී හඳුනා ගනු ලබන සැලසුම් අනුව විවිධාකාර වූ ව්‍යපෘති ක්‍රියාවට නැංවීම සඳහා විශේෂ කණ්ඩායම් පත්කෙරෙනු ඇත. මේ ඔස්සේ, DFCC බැංකුවේ අනාගත දියුණුව සඳහා ඇති අවස්ථා ඉලක්ක කරගෙන සැලසුම් ක්‍රියාවට නැංවීමට පෙර, ඒවා පුළුල් පරීක්ෂණ ක්‍රියාවලියක් ඔස්සේ තහවුරු කරගැනීමට අවස්ථාව හිමි වේ.

බැංකු ක්ෂේත්‍රයේ අනාගතයට වැදගත් වන ඩිජිටල් තාක්ෂණ ප්‍රවණතා හඳුනා ගැනීම සහ, පාරිභෝගිකයන්ට වැඩි පහසුවක් හිමිවන ආකාරයේ සේවාවන් හඳුන්වා දීම වැනි කටයුතු සම්බන්ධයෙන්ද DFCC Agile නවෝත්පාදන මධ්‍යස්ථානයේ ප්‍රමුඛතම අවධානයක් යොමුවනු ඇත. එමෙන්ම නිරන්තරයෙන් පරිශීලක ප්‍රතිචාර ලබාගනිමින්, ඩිජිටල් නිෂ්පාදන හා සේවාවන් වැඩිදියුණු කිරීමට ඒ ඔස්සේ හැකියාව ලැබේ. තවද නිෂ්පාදන හා ක්‍රියාවලි නවෝත්පාදනයට සහ නව ව්‍යාපාර ආකෘති හඳුන්වා දීමට මෙන්ම, උපරිම කාර්යක්ෂමතාවක් ළඟා කරගැනීම සඳහා අභ්‍යන්තර ක්‍රියාවලි වැඩිදියුණු කිරීමටද මෙම මධ්‍යස්ථානයේ සේවය ලබාගැනීමට අපේක්ෂා කෙරේ.

මෙවැනි වැඩසටහනක් හඳුන්වා දීම තුළින්, නවක සමාගම් හා විශ්ව විද්‍යාල ආදියටද බැංකුව සමග එක්වී නව විසඳුම් නිර්මාණය කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. ඒ සඳහාද DFCC Agile ව්‍යාපෘතිය තුළදී විශේෂ අවධානයක් යොමුකිරීමට සැලසුම් කර තිබේ.

DFCC Agile ඔස්සේ, අනාගත තාක්ෂණික හා ඩිජිටල් ප්‍රවණතාවන් මැනවින් ග්‍රහණය කරගනිමින්, තම සේවාවන් තවදුරටත් වැඩිදියුණු කරගැනීමටත්, ගනුදෙනුකරුවන්ට පෙර නොවූවිරූ පහසුවක් අත්කර දීමටත් තමන්ට හැකියාව ලැබෙනු ඇති බව DFCC බැංකුව විශ්වාසය පළකර සිටී.

 

පිටපත -PR

 

 

 

 

DFCC Bank Launches “DFCC Agile” an Innovation Centre of Excellence

DFCC Bank in striving towards the goal of becoming the most customer-centric and digitally-enabled financial institution by 2025, recently launched its own innovation centre of excellence (Innovation Hub) in collaboration with Innovation Quotient (IQ).

DFCC Agile the title given to the Innovation Centre of Excellence (ICOE) was based on employee feedback who will be the key stakeholders in this endeavour. This hub referred to as ‘DFCC Agile – Innovation Centre of Excellence will develop an innovation road map with external partners and varied teams in the bank through multiple iterations and reviews on an ongoing basis. This process will facilitate the outcome of many out of the box initiatives that will be taken to market as new financial propositions for customers.

The process of creating future value requires its own process and facilitation. This was a key realization by strategists at DFCC Bank and the potential in collaborating with external expertise to bridge the gap between human insights, bold creativity and technical capabilities on innovation management and design thinking. This will also help accelerate the development of next-generation banking solutions and services using technology and consumer insights at its core. Functioning as a strategic think tank and creative engine DFCC Agile’s operations will trickle down throughout the organisational structure at DFCC Bank, acting as a hub for incubation and testing. This will ensure that new and innovative ideas, products, services, and design thinking principles will go through an innovation management process before implementation.

In order to set up such a hub, DFCC Bank has chosen Innovation Quotient (IQ) to be a partner in their journey to collaborate and implement the innovation management process and strategy in two phases. DFCC selected IQ due to its local expertise in innovation, design thinking and business design with over 100,000 hours of expertise will be leveraged to co-create an innovation roadmap, build capacity, launch a DFCC innovation toolkit and facilitate creative transformation. The IQ team consists of a group of strategists, futurists, creators, designers, and technologists. The entire innovation management process will be managed by an innovation leadership team chaired by the Chief Executive Officer and leadership team. Being the first design thinking company to be established in Sri Lanka, DFCC bank also engaged IQ to assist in designing the user interface for their new online banking platform.

Speaking on this new chapter for the Bank, DFCC Bank CEO Mr. Lakshman Silva had this to say, “As we embark on this new digital-first and innovation forward drive at DFCC Bank, it brings me great joy to announce the launch of DFCC Agile – Innovation Centre of Excellence which will be instrumental in benchmarking the future of banking in Sri Lanka. We at DFCC believe in the design thinking process as a practice that facilitates divergent and innovative thinking yet anchors it within the realms of the bank and its strategic aspirations since the future is all about customer experience and agility. I encourage all interested parties to join us in this endeavor and I am confident that the specially appointed team to spearhead this effort will use design thinking methodologies with cross-functional flair.

CEO of Innovation Quotient, Mafaz Ishaq, added “IQ is delighted to partner DFCC Agile – their Innovation Centre of Excellence. The “ICOE” unit will reach the length and breadth of DFCC and will act as a catalyst in applying design thinking principles and incubating innovative ideas, products and services working with both internal and external stakeholders.”

Another key role to be played by DFCC Agile will be the validation of the Bank’s internal capacity, in order to better leverage for growth. Specific road maps will then be driven by identified in house cross-functional teams resulting in increased creative capacity within the organisation. This is also expected to focus on measuring and defining the immediate opportunities present before the business, before integrating the same. DFCC Agile ICOE will focus on key areas such as exploring new technology and digital trends that can impact the future of banking and offer differentiated, more seamless and convenient offerings to customers. Further encourage adoption of digital products and services by constantly obtaining user feedback, reviews to enhance user-friendliness and engagement values. Finally, hub will focus on product, process innovation, new business models and achieving efficiency by aligning and optimizing internal processes and teams.

The establishment of a sandbox program coupled with an accelerator environment will encourage young startups and Universities to collaborate and co-create solutions for the Bank’s operations as well which will be another activity planned. DFCC Bank is confident that through the outlined strategies for DFCC Agile, technology and digital trends influenced by current and future market trends will be effectively harnessed and implemented, resulting in even more seamless and convenient customer experiences and offerings.

 

 

DFCC வங்கி “DFCC Agile” என்ற சிறந்த புத்தாக்க மையத்தை அறிமுகப்படுத்தியுள்ளது

DFCC வங்கி, 2025 ஆம் ஆண்டளவில் மிகவும் வாடிக்கையாளர்களை மையமாகக் கொண்ட மற்றும் டிஜிட்டல் மயப்படுத்தப்பட்ட நிதி நிறுவனமாக மாறுவதற்கான இலக்கை நோக்கி தீவிரமாக உழைத்து வரும் நிலையில், Innovation Quotient (IQ) உடன் இணைந்து தனது சொந்த புத்தாக்க மையத்தை (Innovation Hub) சமீபத்தில் அறிமுகப்படுத்தியுள்ளது.

Innovation Centre of Excellence (ICOE) க்கு சூட்டப்பட்டுள்ள DFCC Agile என்ற தலைப்பு, இந்த முயற்சியில் முக்கிய பங்குதாரர்களாக இருக்கும் ஊழியர்களின் கருத்தை அடிப்படையாகக் கொண்டது. DFCC Agile – Innovation Centre of Excellence என குறிப்பிடப்படும் இந்த மையம், வங்கியில் உள்ள வெளித்தரப்பு பங்காளர்கள் மற்றும் பல்வேறுபட்ட அணிகளுடன் ஒரு புத்தாக்க வேலைத்திட்டத்தை உருவாக்கி, தொடர்ச்சியான அடிப்படையில் பல மறுமுறைகள் மற்றும் மதிப்பாய்வுகளை மேற்கொள்ளும். வாடிக்கையாளர்களுக்கான புதிய நிதியியல் பிரேரணைகளை சந்தையில் அறிமுகப்படுத்தும் பல வழக்கத்திற்கு அப்பாற்பட்ட சிந்தனையுடனான முயற்சிகளின் விளைவுகளை இந்த செயல்முறை எளிதாக்கும்.

எதிர்கால மதிப்பை உருவாக்கும் செயல்முறைக்கு அதன் சொந்த செயல்முறை மற்றும் வசதி தேவைப்படுகிறது. இது DFCC வங்கியின் மூலோபாய நிபுணர்களின் முக்கிய உணர்வாக காணப்படுவதுடன், புத்தாக்க முகாமைத்துவம் மற்றும் வடிவமைப்பு சிந்தனையில் மனித நுண்ணறிவு, தைரியமான படைப்பாற்றல் மற்றும் தொழில்நுட்ப திறன்களுக்கு இடையே உள்ள இடைவெளியைக் குறைக்க வெளிப்புற நிபுணத்துவத்துடன் ஒத்துழைப்பதற்கான சாத்தியக்கூறுகள் முக்கியமாகும். தொழில்நுட்பம் மற்றும் நுகர்வோர் நுண்ணறிவுகளை அதன் மையத்தில் பயன்படுத்தி அடுத்த தலைமுறை வங்கிச்சேவை தீர்வுகள் மற்றும் சேவைகளின் வளர்ச்சியை விரைவுபடுத்தவும் இது உதவும்.

ஒரு மூலோபாய சிந்தனைக் குழுவாகவும், ஆக்கப்பூர்வமான எந்திரமாகவும் செயல்படும் DFCC Agile இன் செயல்பாடுகள் DFCC வங்கியில் உள்ள நிறுவனக் கட்டமைப்பு முழுவதும் துளிர்விடும். இது வளர்க்கும் மற்றும் சோதனை முயற்சிகளுக்கான மையமாக செயல்படுகிறது. புதிய மற்றும் புத்தாக்கமான சிந்தனைகள், தயாரிப்புகள், சேவைகள் மற்றும் வடிவமைப்பு சிந்தனைக் கொள்கைகள் ஆகியவை செயல்படுத்தப்படுவதற்கு முன் ஒரு புத்தாக்க முகாமைத்துவ செயல்முறைக்கு உட்படுத்தப்படும் என்பதை இது உறுதி செய்யும்.

அத்தகைய ஒரு மையத்தை அமைப்பதற்காக, DFCC வங்கி, புத்தாக்க முகாமைத்துவ செயல்முறை மற்றும் மூலோபாயத்தை இரண்டு கட்டங்களில் ஒத்துழைத்து செயல்படுத்துவதற்கான அவர்களின் பயணத்தில் பங்குதாரராக கைகோர்த்துக்கொள்ள Innovation Quotient (IQ) ஐ தெரிவு செய்துள்ளது. புத்தாக்கம், வடிவமைப்பு சிந்தனை மற்றும் 100,000 மணி நேரத்திற்கும் மேற்பட்ட நிபுணத்துவ வணிக வடிவமைப்பு ஆகியவற்றில் உள்நாட்டு நிபுணத்துவம் கொண்ட IQ ஐ DFCC தேர்ந்தெடுத்தது. IQ அணியானது மூலோபாயவாதிகள், எதிர்காலவாதிகள், படைப்பாளிகள், வடிவமைப்பாளர்கள் மற்றும் தொழில்நுட்பவியலாளர்களின் குழுவைக் கொண்டுள்ளது. ஒட்டுமொத்த புத்தாக்க முகாமைத்துவ செயல்முறையும் தலைமை நிர்வாக அதிகாரி மற்றும் தலைமைத்துவ அணியின் தலைமையில் ஒரு புத்தாக்க தலைமைத்துவ அணியால் நிர்வகிக்கப்படும். இலங்கையில் நிறுவப்பட்ட முதல் வடிவமைப்பு சிந்தனை நிறுவனம் என்ற வகையில், DFCC வங்கி, தனது புதிய இணைய வங்கிச்சேவைத் தளத்திற்கான பயனர் இடைமுகத்தை வடிவமைப்பதில் IQ ஐ ஈடுபடுத்தியது.

வங்கியின் இந்த புதிய அத்தியாயம் குறித்து DFCC வங்கியின் தலைமை நிர்வாக அதிகாரியான திரு. லக்ஷ்மன் சில்வா அவர்கள் கருத்துத் தெரிவிக்கையில், “DFCC வங்கியில் இந்த புதிய டிஜிட்டல் முதன்மையான மற்றும் புத்தாக்கமான முன்னோக்கு முயற்சியை நாங்கள் மேற்கொள்ளும் போது, DFCC Agile – Innovation Centre of Excellence இன் அறிமுகத்தை அறிவிப்பது எனக்கு மிகுந்த மகிழ்ச்சியைத் தருகிறது. இது இலங்கையில் வங்கித்துறையின் எதிர்காலத்தை தரப்படுத்துவதில் முக்கிய கருவியாக இருக்கும். DFCC வங்கியில் நாங்கள் வடிவமைப்பு சிந்தனை செயல்முறையை ஒரு நடைமுறையாக நம்புகிறோம், அது வேறுபட்ட மற்றும் புத்தாக்கமான சிந்தனைக்கு அனுசரணையளிக்கிறது. ஆனால் எதிர்காலமானது வாடிக்கையாளர் அனுபவம் மற்றும் சுறுசுறுப்பு ஆகியவற்றால் வரையறுக்கப்படவுள்ள நிலையில், வங்கி மற்றும் அதன் மூலோபாய அபிலாஷைகள் தொடர்பில் உறுதிபூண்டுள்ளது. இந்த முயற்சியில் எங்களுடன் சேர ஆர்வமுள்ள அனைத்து தரப்பினரையும் கைகோர்க்குமாறு நான் ஊக்குவிக்கிறேன். இந்த முயற்சியை முன்னெடுப்பதற்கு விசேடமாக நியமிக்கப்பட்ட அணியானது பல்வேறுபட்ட பணிப் பிரிவுகளை உட்படுத்தும் செயல்பாட்டு திறமையுடன் வடிவமைப்பு சிந்தனை முறைகளைப் பயன்படுத்தும் என்று நான் நம்புகிறேன்,” என்று குறிப்பிட்டார்.

Innovation Quotient இன் தலைமை நிர்வாக அதிகாரியான, மஃபாஸ் இஷாக் அவர்கள் இது தொடர்பில் மேலும் கூறுகையில், “DFCC வங்கியின் Innovation Centre of Excellence ஆன DFCC Agile உடன் கைகோர்ப்பதில் IQ மகிழ்ச்சி அடைகிறது. “ICOE” பிரிவானது DFCC இன் அனைத்து செயல்பாடுகளையும் எட்டவுள்ளதுடன், வடிவமைப்பு சிந்தனைக் கொள்கைகளைப் பயன்படுத்துவதிலும், உள்ளக மற்றும் வெளிப்புற பங்குதாரர்களுடன் இணைந்து செயல்படும் புத்தாக்கமான சிந்தனைகள், தயாரிப்புகள் மற்றும் சேவைகளை வளர்ப்பதிலும் ஒரு ஊக்கியாகச் செயல்படும்,” என்று குறிப்பிட்டார்.

DFCC Agile வகிக்கும் மற்றொரு முக்கிய பங்கு, வளர்ச்சிக்கு சிறந்த பயனளிக்கும் வகையில், வங்கியின் உள்ளக திறனை சரிபார்ப்பதாகும். குறிப்பிட்ட வேலைத்திட்டங்கள் அதன் பின்னர் பணிப்பிரிவுகள் மத்தியில் இனங்காணப்பட்டு முன்னெடுக்கப்படும். இதன் விளைவாக நிறுவனத்திற்குள் ஆக்கபூர்வமான படைப்பாக்கத் திறன் அதிகரிக்கும். இது வணிகத்திற்கு முன்னே இருக்கும் உடனடி வாய்ப்புகளை ஒருங்கிணைக்கும் அதேசமயம், அவற்றை அளவீடு செய்து, வரையறுப்பதில் கவனம் செலுத்தும் என எதிர்பார்க்கப்படுகிறது.

DFCC Agile ICOE ஆனது புதிய தொழில்நுட்பம் மற்றும் டிஜிட்டல் போக்குகளை ஆராய்வது போன்ற முக்கிய பகுதிகளில் கவனம் செலுத்துகிறது. இது வங்கியின் எதிர்காலத்தில் விளைவுகளை ஏற்படுத்தக்கூடிய மற்றும் வாடிக்கையாளர்களுக்கு வேறுபட்ட, இன்னும் கூடுதலான அளவில் இடையறாத மற்றும் சௌகரியமான சலுகைகளை வழங்குகிறது. தொடர்ந்து பயனர் கருத்துக்களை அறிந்து கொள்ளல், பயனர் நட்பு மற்றும் ஈடுபாடு மதிப்புகளை மேம்படுத்த மதிப்புரைகளைப் பெறுவதன் மூலம் டிஜிட்டல் தயாரிப்புகள் மற்றும் சேவைகளை ஏற்றுக்கொள்வதை மேலும் ஊக்குவிக்கவும் இது வழிகோலும். இறுதியாக, இந்த மையமானது தயாரிப்பு, செயல்முறை புத்தாக்கங்கள், புதிய வணிக மாதிரிகள் மற்றும் உள்ளக செயல்முறைகள் மற்றும் அணிகளை சீரமைத்து மேம்படுத்துவதன் மூலம் செயல்திறனை அடைவதில் கவனம் செலுத்தும்.

முடுக்கிச் சூழலுடன் இணைந்து sandbox திட்டத்தை ஸ்தாபிப்பது, இளம் வணிகத்தொடக்க முயற்சியாளர்கள் மற்றும் பல்கலைக்கழகங்களுடன் ஒத்துழைத்து வங்கியின் செயல்பாடுகளுக்கான தீர்வுகளை இணைத்து உருவாக்க ஊக்குவிக்கும். இது திட்டமிடப்பட்டுள்ள மற்றுமொரு நடவடிக்கையாகும்.

DFCC Agile மூலமாக அடிக்கோடிட்டுக் காட்டப்பட்ட மூலோபாயங்கள் மூலம், தற்போதைய மற்றும் எதிர்கால சந்தைப் போக்குகளால் தாக்கம் செலுத்தப்படும் தொழில்நுட்பம் மற்றும் டிஜிட்டல் போக்குகள் திறம்பட DFCC Agile பயன்படுத்தப்பட்டு செயல்படுத்தப்படும் எனவும், இதன் விளைவாக இன்னும் கூடுதலான அளவில் இடையறாத மற்றும் சௌகரியமான வாடிக்கையாளர் அனுபவங்கள் மற்றும் சலுகைகள் கிடைக்கும் என்றும் DFCC வங்கி நம்பிக்கை கொண்டுள்ளது.

Post Views: 1
Previous Post

වැඩි ගාණට දාලා වගා කරපු වී කිලෝව දෙන්නේ කියටද ? රාජ්‍ය ඇමැති දුමින්ද ප්‍රශ්ණ කරයි

Next Post

බිඳ වැටුණු ආර්ථිකය ගොඩනැඟීමටත්, ජනතාවගේ අභිවෘද්ධිය සඳහාත් කටයුතු කරනවා – ඇමැති සී.බී

editor

editor

Next Post

බිඳ වැටුණු ආර්ථිකය ගොඩනැඟීමටත්, ජනතාවගේ අභිවෘද්ධිය සඳහාත් කටයුතු කරනවා - ඇමැති සී.බී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved