27 April 2024
#දේශීය

බිඳ වැටුණු ආර්ථිකය ගොඩනැඟීමටත්, ජනතාවගේ අභිවෘද්ධිය සඳහාත් කටයුතු කරනවා – ඇමැති සී.බී

කොවිඩ් වසංගතය තුළින් බිඳ වැටුණු ආර්ථිකය ද ජනතානගේ අභිවෘද්දිය ද නැවත ගොඩනැගීම සඳහා ද නිරන්තරයෙන් කටයුතු කරමින් රට ඉදිරියට ගෙන යාමට රජය කටයුතු කරන බවත් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී.රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි අමාත්‍ය සී.බී.රත්නායක මහතා “අද රටේ කතා බහට ලක්වෙලා තිබෙන්නේ ආර්ථිකයේ පසුබෑම සහ මේ නිසා ඇති වූ කාරණයි. එම එක් එක් කාරණා එකින් එකට පෙළගැහිලා ජනතාව පිඩණයට පත්වෙලා තිබෙන තත්වය අද සමාජගත වෙලා තිබෙනවා. ආර්ථිකය වැටීමට ප්‍රධාන හේතුව තමයි අනිසි බලපෑම්, අනිසිවිදිහට වංචාසාහගත විදිහට කටයුතු කිරීම් කියන එක සමාජගත කරන්න සූදානම් වෙනවා. අපි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විදිහට බලයට පැමිණිලා අවුරුද්දයි. ජනාධිපතිතුමා බලයට පත්වෙලා අවුරුදු 02 වෙනවා. මේ රටේ නිෂ්පාදනය , ආර්ථිකය ගොඩනැගීම සඳහා අපි කරගෙන ආපු කටයුතුවලට වගේම , සංචාරක ව්‍යාපාරය සඳහා බාධක පැමිණියා. දිගන සිද්ධියත් එක්ක එදා අරාබිකරයෙන් එන සංචාරකයෝ පැමිණියේ නෑ. එතනින් පටන්ගත්ත සංචාරක ව්‍යාපාරයට කනකෝකා හඩලා ඊට පස්සේ සහරන්ගේ සිද්ධියත් එක්ක විශාල ලෙස පසුබෑමකට ලක් වුණා. ඒ පසුබෑමකට ලක්වෙලා එතනින් ගොඩගැනීම සඳහා මැතිවරණය නැවත තබ ලා ඒ එනකොට අපිට ලෝක වසංගතය වන කොරෝනා අවුරුදු 02 ක් ම මේ පිඩණය ලක්වෙලා තිබුණා. මේක මේ පුංචි ශ්‍රි ලංකාවට විතරක් නොවේ ඇමරිකාවේ ආර්ථිකය පවා දැන් ඉහළට ගිහින් තිබෙනවා. ලෝකයේ අනික් රටවල්වලත් ආර්ථික උද්දමනය වැඩිවෙලා තිබෙනවා.

අපි ආණ්ඩුවක් හැටියට අපි යම් යම් තීන්දු ගත්තා ක්ෂණිකව. වස විස නැති ආහාර වේලක් සපයන්න ක්ෂණිකව තීන්දු ගත්තා. නමුත් එම පොහොර ලබාදීම ක්‍රමක්‍රමයෙන් අඩු කළ යුතු කියන එක තමයි මගේ ස්ථාවරය. මේ නිසාම අද වී ගොවිතැන, එළවළු ගොවිතැන සහ අනෙක් ගොවිතැන්වලට ප්‍රශ්නයක් කියන එක සමාජගත වෙලා තිබෙනවා. ඒ නිසාම අද යම් යම් තීන්දු වෙනස් කරලා තිබෙනවා. මේ තත්වය නිසාම ඒ අවශ්‍යතාවය ඉෂ්ටකරන්න ඒ ගැසට් මඟින් ගේන්න අවස්ථාව සලස්වා තිබෙනවා. ඒ වගේම අපිට නැනෝ පොහෝර, දියර පොහෝර ඕගනික් වගාවට ලබාදෙන්න සූදානම් වෙනකොට රසායනික පොහෝර ගේන්න අවසරය ගැසට් පත්‍රයකින් ලබාදිලා තිබෙනවා.
ඒ අතරතුරේදි ගෑස් ප්‍රශ්නය පිළිබඳව සමාජගත වෙලා තියෙනවා වගේම පිපිරිම් ඇතිවෙලා පවතින තත්වය පිළිබඳව ගැටලු මතුවෙලා තිබෙනවා. මේ සඳහා ගෑස් සමාගම් වගකිය යුතුවෙනවා.ඒ සඳහා දැඩි පියවර ගතයුතු වෙනවා.

2015 දි ආණ්ඩුව වෙනස් කිරිම නොකෙරෙන්නම් අපිට මේ ආර්ථික තත්වය පහත වැටෙන්නේ නෑ කියන එක මට විශ්වාසයි. ඒක ජනතාව විසින් ඒ වෙනස්වීම කළා. මහින්ද රාජපක්ෂ මැතිදුන් ගිවිසුම් අත්සන් කරලා එදා පෝට්සිටි එක 20% ක් චීනයට දෙනකොට හෙක්ටෙයාර් 120 ක් ලබා දිලා තිබුණේ ශ්‍රි ලංකා ආණ්ඩුවට. නමුත් රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයා ඒ ගිවිසුම වෙනස් කරලා අපිට 20% ක් විතරක් තබලා අක්කර 164 පමණ 99 අවුරුද්ද බද්දට දුන්නා. ඒ විතරක් නොවේ 2015 ආණ්ඩුව සංවර්ධනය කරපු ණය මුදල් බිලියන 424 ක් අපේ ආණ්ඩුව ආවාම ගෙවන්න සිදු වුණා. ආර්ථික වර්ධන වේගය පහතට බැස්ම, ඒක පුද්ගලික ආදායම පහතට වැටීම ඒ කාලවකවානුවේ තිබුණා. අපි ඒ සියල්ල එකතු කරගෙන කොරෝනා ප්‍රශ්නය විසදමින් මිනිසා ජිවත් කරවමින් අපි රජයක් විදිහිට අවශ්‍ය කටයුතු සිදු කරලා තිබෙනවා. හැමදාම රටක ව්‍යසනයක් එන වෙලාවක ඒ ව්‍යසනයෙන් ගොඩගැනීම සඳහා සත්‍යයේ යථාර්තයේ ඇත්ත කතාව මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයේදී පෙන්නුවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරය ගොඩනැගීම සඳහා තුන්වෙනි එන්තත් ලබා දෙමින් ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනකොට සමහර නිලධාරීන් කකුලෙන් අදින ක්‍රියාවලියක් තිබෙනවා. මෙම ක්‍රියාවලිය නිසාම සමහර අවස්ථාවන් ක්‍රියාත්මක කරන්න පුළුවන්කමක් නෑ.

ඒ වගේම අද විපක්ෂය හැටියට කටයුතු කරද්දි විපක්ෂ නායකවරයා අපිට පැහැදිලි ආර්ථික සැලස්මක් දෙන්න. හැමදාම බොරුව සමාජගත කරලා ක්‍රියාත්මක කරලා මර්ධනය සහ බලපෑම් ඇති කරන ආකාරය දිහා බලන්න. ගුණධර්ම, සාරධර්ම, සදාචාරය සහ මේ සියල්ල නැතිවෙලා පක්ෂය ඉස්මතු කරගෙන රට පහතට හෙලන්න සූදානම් වීම කණගාටුවට කරුණක්. දැන් මේ රට පහළට වැටෙනකොට ඒ රට ගොඩනැගීම සඳහා පක්ෂ විපක්ෂ නොවේ ශ්‍රි ලංකා මාතාව ගොඩගැනීම සඳහා සහයෝගය දෙනවාට වඩා කටයුතු කරන්නේ ආපස්සට ඇවිල්ලා කකුලෙන් ඇදලා ඔවුන් මේක විනාශ කරගෙන යන්නයි.

මේ එන්නේ උත්සව සමයයි. නීතිරිති අනපනත් සියල්ල අහිමි කරලා සිත්තප් ප්‍රීතියෙන් සතුටු වෙනවා. එයින් සිදුවන්නේ උපරිමයට ගියොත් අපි දුකට පත් වෙන එක වැඩි ඈතක නෑ කියන එකයි මම විශේෂයෙන් සඳහන් කරන්නේ. ඒ නිසා කරුණාකරලා රටේ පක්ෂ විපක්ෂ අයගේ ආඩපාලි කියනවාට වඩා රට සැලැස්මක් එක්ක ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ වගේම ආණ්ඩුවක් හැටියට වගකීමෙන් කියනවා ජනතාවාදි ආණ්ඩුවක් ජනතාව වෙනුවෙන් ඒ තීන්දු ගන්න ජනතාව වෙනුවෙන් කටයුතු කරන්න නිරන්තරයෙන් සූදානම් වෙනවා කියලා. ” යනුවෙන් මෙහිදි සඳහන් කළේය.යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *