27 April 2024
#දේශීය

වැඩි ගාණට දාලා වගා කරපු වී කිලෝව දෙන්නේ කියටද ? රාජ්‍ය ඇමැති දුමින්ද ප්‍රශ්ණ කරයි

වැඩිමිලට ගන්නා රසායන පොහොර මගින් වගා කරලා වී කිලෝ එක කීයට දෙන්නද? යැයි රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා ප්‍රශ්ණ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, අනුරාධපුර මහවිලච්චිය ප්‍රදේශයේ ගොවි නියෝජිතයන් සමඟ පැවති සාකච්ජාවකදීය.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය ” ආණ්ඩුව දොසෙන් බේරෙන්න රසායනික පොහොර ගේන්න කියලා කිව්වත් කොහොමද ගේන්නේ? කවුද ගේන්නේ? ගේන්න සල්ලි ටික කෝ,දැන් අපි කාට බැන්නත් වැඩක් තියෙනවාද,අපිට රසායනික පොහොර හම්බෙන්නෙත් නෑ, කාබනික පොහොර හම්බෙන්නෙත් නෑ, පැලේට හයියක් එන්නෙත් නෑ. දැන් ප්‍රශ්නය තියෙන්නේ පුද්ගලික අංශයටත් රසායනික පොහොර ගේන්න සල්ලි නෑ, ඒ ගොල්ලන්ට අවසර දීලා තිබුණට ගේන්න පුලුවන්කමක් නෑ.ආණ්ඩුවක් විදිහට අපිට නෑ මේක පුද්ගලික අංශයට දුන්නා කියලා නිකං ඉන්නත් බෑ, අපිට වගකීමක් තියෙනවානේ ගොවිමහත්වරුන්ගේ ගොවිතැනට අපි කොහොමද දායක වෙන්නේ කියන එක පිළිබඳව.යූරියා ටොන් එකක් ඉස්සර වුණේ ඩොලර් 300 ක් විතර, හැබැයි දැන් මේ වෙන කොට ඩොලර් 1250 යි,ඒ කියන්නේ කී ගුණයක් වැඩි වෙලාද, රුපියල් 12000 ක් වත් වෙයි යූරියා මිටියක්. 12 000 ට යූරියා දාලා වගාවක් කරලා වී කිලෝ එක කීයට දෙන්නද? යැයි රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

 

මෙම අවස්ථාවට මහා සංඝරත්නය හා ගොවි සංවිධාන නියෝජිතයන් සහභාගී වූහ.

 

තිසර සමල් – අනුරාධපුර

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *