• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

DFCC බැංකුව ‘Power Breakfast’ වැඩසටහනක් සංවිධානය කරයි

2 November 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

DFCC බැංකුව ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියතු තම ගනුදෙනුකරුවන් සවිබලගැන්වීම සඳහා ගෝලීය වාණිජ මණ්ඩලයේ ගෝලීය සභාපතිනිය සමග ‘Power Breakfast’ වැඩසටහනක් සංවිධානය කරයි.

DFCC බැංකුව ජාත්‍යන්තර වෙළඳ කටයුතුවල නියුතු ගනුදෙනුකරුවන් වෙනුවෙන් විශේෂ ‘Power Breakfast’ වැඩසටහනක් සංවිධානය කිරීමට පසුගියදා කටයුතු කළේ ය. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය සමග එක්ව සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ කථිකයෙකු ලෙස ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ගෝලීය සභාපතිනිය වන මරියා ෆර්නැන්ඩා ග(ර්)සා මහත්මිය සහභාගී වූවා ය. 

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපති ධූරයට පත් වූ ප්‍රථම කාන්තාව වන මාරියා ෆර්නෑන්ඩා ගර්සා මහත්මිය මේ වනවිට Orestia සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙසද කටයුතු කරයි. මෙක්සිකෝවේ පිහිටි නිවාස සංවර්ධනය කිරීමේ විසඳුම් සම්පාදන සමාගමක් වන Orestia, USMCA කලාපයට, ලතින් ඇමරිකාවට සහ ආසියාවට තම නිෂ්පාදන අපනයනය කරයි. තම රටේ මෙන්ම ලොව පුරා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් සෑම විටම පෙනී සිටි මාරියා ෆර්නෑන්ඩා ගර්සා මහත්මිය වසර 19 ක කාලයක් මෙක්සිකානු සේවායෝජකයින්ගේ සංගමයේ (Mexican Employers’ Association – COPARMEX) සාමාජිකත්වය දරා ඇති අතර, වසර 4 ක් එහි උප සභාපතිනිය ලෙසද කටයුතු කර තිබේ. ‘ජාත්‍යන්තර වෙළඳ පහසුකම්වල ගෝලීය ප්‍රවණතා’ යන මැයෙන් DFCC බැංකුවේ Power Breakfast හිදී සිදුකළ දේශනය තුළදී ඇය තාක්‍ෂණයේ මෑතකාලීන දියුණුව සහ ජාත්‍යන්තර වෙළඳාමේ වර්ධනයන් පිළිබඳ පුළුල් හා සාර්ව ඉදිරි දර්ශනයක් ඉදිරිපත් කළා ය. 

මෙම වැඩසටහන සම්බන්ධයෙන් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා මෙසේ අදහස් පළකළේ ය. “මාරියා ෆර්නෑන්ඩා ගර්සා මහත්මිය ඇතුළුව ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ දේශීය හා ජාත්‍යන්තර නියෝජිතයන් මෙම අවස්ථාවට සහභාගී වීම අපට ගෞරවයක්. එමෙන්ම, අපගේ ජාත්‍යන්තර වෙළඳ ගනුදෙනුකරුවන්ට මෙම අවස්ථාව ලබාදීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. ශ්‍රී ලංකාව ආර්ථික පුනර්ජීවනයක් කරා ගමන් කරමින් සිටි අවස්ථාවේදී, අපගේ ප්‍රධාන අරමුණ වූයේ ජාත්‍යන්තර වෙළඳ කටයුතුවල නියුතු අපගේ ගනුදෙනුකරුවන්ට නොසැලෙන අත්වැලක් ලබාදීමයි. ආර්ථික දර්ශකයන් තුළ සුභවාදී ප්‍රතිඵල වාර්තා වෙමින් පවතින මේ මොහොතේ, මෙය තිරසාර ආර්ථික පුනර්ජීවනයක් බවට පත්කරමින් ආර්ථික වර්ධනය ළඟා කරගැනීම සඳහා ජාත්‍යන්තර වෙළඳාම ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරනු ඇතැයි අප විශ්වාස කරනවා. මෙය ජාත්‍යන්තර වෙළඳාම් ක්ෂේත්‍රයේ ගනුදෙනුකරුවන් සමග එක් වී ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදයට දායක වීම සඳහා අප දරන සාමූහික උත්සාහයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්වීමට පුළුවන්.” 

2023 ඔක්තෝබර් 20 දින කොළඹ Movenpick Hotel හිදී පැවති මෙම උත්සවයට DFCC බැංකුවේ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර වෙළඳ ගනුදෙනුකරුවන් අතරින් 75 දෙනෙකු මෙන්ම, ආරාධිත අමුත්තන් සහ DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. මෙය ප්‍රණීත උදෑසන ආහාර වේලක රස බලන අතර, අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ සලසන ඵලදායී සාකච්ඡාවන්හි නිරත වීමට ලැබුණු අගනා අවස්ථාවක් විය. 

මාරියා ෆර්නෑන්ඩා ගර්සා මහත්මිය මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළකළා ය. “විශේෂයෙන්ම වර්තමානයේ ජාත්‍යන්තර වෙළඳ කටයුතු දිරිගන්වන පසුබිමක් තුළ, ජාත්‍යන්තර වෙළඳාම තුළින් ශ්‍රී ලංකාව වැනි රටකට ලැබිය හැකි ප්‍රයෝජන අසීමිතයි. මෙමගින් ශ්‍රී ලංකාවට තම වෙළඳ කටයුතු ගෝලීය වශයෙන් ව්‍යාප්ත කිරීමටත්, ඒ ඔස්සේ රටේ විවිධ ක්ෂේත්‍ර තුළ ක්‍රියාත්මක වන සමාගම්වලට ලොව විවිධ කලාපවල වෙළඳපොළවල් විවෘත කර දීමටත් හැකියාව ලැබෙනවා. DFCC බැංකුව වැනි ඉදිරිගාමී ආයතන මේ සඳහා පෙරමුණ ගැනීම සතුටට කරුණක්.” 

Power Breakfast වැඩසටහන තුළදී කේන්ද්‍රීය වශයෙන් සාකච්ඡා වූයේ ජාත්‍යන්තර වෙළඳ කටයුතු සඳහා පහසුකම් සැලසීමේ වැදගත්කම, ඊට අදාළ රාමු සහ ඒ සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් අත්කරගෙන ඇති ප්‍රගතිය යන මාතෘකා ය. ජාත්‍යන්තර වෙළඳ කටයුතු සම්බන්ධ ක්‍රියාවලිය සැලකිය යුතු දුරකට නවීකරණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වී ඇති නමුත්, ඒ සම්බන්ධයෙන් තවදුරටත් වැඩිදියුණු කිරීම් සිදුකළ හැකි බව මෙහිදී පෙන්වා දෙන ලදි. එමෙන්ම වෙළඳ ගිවිසුම් සහ වෙනත් සුදුසු යාන්ත්‍රණයන් ස්ථාපිත කිරීම මගින් ගෝලීය වෙළඳ සම්බන්ධතා වැඩිදියුණු කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් සිදුකිරීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරිණි. 

“අපගේ ප්‍රධාන අරමුණ වන්නේ ව්‍යාපාර, රාජ්‍ය ආයතන සහ ජාත්‍යන්තර සංවිධාන අතර සහයෝගීතාව වර්ධනය කිරීම තුළින්, ශ්‍රී ලංකාවේ ආනයන හා අපනයන ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමයි. එම අරමුණ වෙනුවෙන් DFCC බැංකුව සමග එක් වී මෙවැනි වැඩසටහනක් සංවිධානය කිරීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙමගින් අපට යහපත් ප්‍රතිඵල රැසක් අත්කර ගැනීමට අපට හැකිවනු ඇතැයි කියා අප විශ්වාස කරනවා.” ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපති ශනිල් ප්‍රනාන්දු මහතා පැවසී ය. 

අපනයන ක්ෂේත්‍රය කෙරෙහි විශේෂ අවධානයකින් යුතුව DFCC බැංකුව දශක 7 කට අධික කාලයක් තිස්සේ මෙරට ජාත්‍යන්තර වෙළඳ කටයුතුවල උන්නතිය වෙනුවෙන් කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකර තිබේ. පුළුල් පරාසයක පැතිරුණු වෙළඳ මූල්‍ය සේවාවන් සපයමින්, මෙරට ආර්ථික වර්ධනය හා ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා බැංකුව පුළුල් මට්ටමකින් දායක විය. මෙරට ව්‍යාපාරවලට ජාත්‍යන්තර වෙළඳපොළ තුළ සාර්ථක වීමට අවශ්‍ය ශක්තිය ලබාදීම සඳහා, අපනයන ක්ෂේත්‍රය වෙනුවෙන් තරගකාරී පොලී අනුපාත සහ නම්‍යශීලී ආපසු ගෙවීම් ක්‍රම සහිත ණය පහසුකම් හඳුන්වා දීමටද DFCC බැංකුව කටයුතු කර තිබේ. ණයවර ලිපි සහ අපනයන බිල්පත් ඇතුළුව DFCC බැංකුව පිරිනමන වෙළඳ මූල්‍ය සේවාවන්, ජාත්‍යන්තර ගනුදෙනු පහසු කරන අතරම ආනයනකරුවන් හා අපනයනකරුවන් මුහුණ දෙන අවදානම් කාර්යක්ෂම ලෙස කළමනාකරණය කරගැනීමට උපකාරී වෙයි. එමෙන්ම විදේශ විනිමය හුවමාරු සහ ජාත්‍යන්තර වෙළඳපොළ සම්බන්ධයෙන් DFCC බැංකුව සතු පුළුල් දැනුම, වඩාත් දැනුවත් ලෙස තීරණවලට එළඹීම සඳහා ගනුදෙනුකරුවන්ට මහෝපකාරී වන සාධකයකි. මේ ආකාරයට මෙරට ආනයන හා අපනයන කටයුතුවල දියුණුව වෙනුවෙන් DFCC බැංකුව දක්වන කැපවීම නිසා, මෙරට ආර්ථික සමෘද්ධියට දායක වන ආකාරයේ ජාත්‍යන්තර වෙළඳ පහසුකම් සැපයීමට එම බැංකුවට හැකියාව ලැබී තිබේ. 


 

පිටපත – PR

Post Views: 5
Previous Post

ESHA EURO PARTS නව ප්‍රදර්ශනාගාරය දෙහිවලදී විවෘත කෙරේ

Next Post

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුමේ 12 වැනි සාකච්ඡා වටය කොළඹ දී

editor

editor

Next Post

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුමේ 12 වැනි සාකච්ඡා වටය කොළඹ දී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

යළිත් ලොක් ඩවුන් යුගයක් ? තීරණය අද

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved