• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

DFCC බැංකුව SLIM Brand Excellence Awardsහිදී කුසලතා සම්මානයකින් පිදුම් ලබයි

16 January 2024
in පුවත්, ව්‍යාපාර
DFCC බැංකුව SLIM Brand Excellence Awardsහිදී කුසලතා සම්මානයකින් පිදුම් ලබයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට හරිත ආශ්‍රිත ව්‍යාපෘති මූල්‍යකරණයේ පුරෝගාමියෙකු වන DFCC බැංකුව, SLIM Brand Excellence Awards 2023 හිදී ‘වසරේ හරිත සන්නාමය’ කාණ්ඩයේ කුසලතා සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. තිරසාර ක්‍රමවේදයන් වෙනුවෙන් කැපවීම සහ මෙරට තුළ තිරසර ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම සඳහා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකිරීම වෙනුවෙන් මෙම සම්මානය DFCC බැංකුව වෙත හිමි විය. එමෙන්ම එය පරිසර හිතකාමීත්වය සහ සමාජයීය වගකීම්සහගත භාවය සම්බන්ධ දශක තුනක මෙහෙවර උදෙසා පිදුණු උපහාරයක් ලෙසද හැඳින්විය හැකි වේ.

“මෙය අප තිරසාරත්වය සහ වගකීම්සහගත බැංකුකරණය උදෙසා දක්වන කැපවීම නිරූපණය කරන ජයග්‍රහණයක්. පරිසරයේ හා සමාජයේ යහපත වෙනුවෙන් ඉටුකළ මෙහෙවර උදෙසා වසරේ හරිත සන්නාමය කාණ්ඩය යටතේ ඇගයීමට ලක්වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. අපගේ ඉලක්කය වන්නේ, අපගේ 2030 තිරසාර ක්‍රමෝපාය පෙරදැරිව, අධ්‍යාපනය, ව්‍යවසායකත්වය, පරිසරය, ආපදා සහන, වැඩිහිටි රැකවරණ සහ ව්‍යායාම වැනි කාර්යසාධන දර්ශක රැසකට අදාළ අරමුණු සාක්ෂාත් කරගැනීමයි. මෙහිදී හරිත මූල්‍යකරණය, තිරසාර ව්‍යවසායකත්වය සහ ඩිජිටල් සවිබලගැන්වීම මූලික කරගත් ව්‍යාපාර ආකෘතියක් ඔස්සේ, රටේ හරිත ආශ්‍රිත ව්‍යාපෘති මූල්‍යකරණය සම්බන්ධ ප්‍රමුඛතම බැංකුව මෙන්ම තිරසාරත්වය උදෙසා ඉහළම දායකත්වයක් ලබාදෙන බැංකුවක් බවට පත්වීමට අප උත්සාහ කරනවා.” DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා පැවසී ය.

පරිසරය වෙනුවෙන් සක්‍රීයව කැප වූ බැංකුවක් බව යළි තහවුරු කරමින් 2023 ජූලි මාසයේදී, ශ්‍රී ලංකාවේ Green Climate Fund (GCF) වෙතින් සහතිකකරණය හිමිකරගැනීමට සමත් වූ පළමු සහ එකම බැංකුව බවට පත්වීමට DFCC බැංකුව සමත් විය. Green Climate Fund යනු දේශගුණ යහපත වෙනුවෙන් කැපවුණු විශාලතම අරමුදලයි. මෙම සහතිකකරණය හිමි වීම මගින්, ශ්‍රී ලංකාවේ දේශගුණ විපර්යාස නිසා ඇතිවන බලපෑම් අවම කිරීමේ අරමුණින් ක්‍රියාවට නංවනු ලබන ව්‍යාපෘති සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 250 ක් දක්වා අරමුදල් සැපයීමට DFCC බැංකුවට හැකියාව ලැබී තිබේ. දැඩි විශ්ලේෂණ ක්‍රියාවලියකින් අනතුරුව මෙම සහතිකකරණය හිමිකර ගැනීමත් සමග, ලොව පුරා දේශගුණ බලපෑම් අවම කරමින් තිරසාර අනාගතයක් නිර්මාණය කිරීම සඳහා කැප වී සිටින සමාගම් හා ආයතන අතරට එක්වීමට DFCC බැංකුව සමත් වී ඇත.

DFCC බැංකුව දීර්ඝ කාලයක පටන් මෙරට තිරසාර ප්‍රයත්නයන් සම්බන්ධයෙන් පෙරමුණ ගෙන සිටින අතර, 2020 වසරේදී මෙරට තුළ නිල වශයෙන් තිරසාර ක්‍රමෝපායක් ප්‍රකාශයට පත්කළ ප්‍රථම බැංකුව බවට පත් විය. 1988 වසරේ සිටම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති රාශියක් සඳහා මූල්‍ය පහසුකම් සපයමින් එම බැංකුව රටේ තිරසාර පරිවර්තනය ශක්තිමත් කිරීමට දායක වී තිබේ. සූර්ය බලශක්ති පද්ධති එකලස් කිරීමේ ව්‍යාපෘතිවල සිට ජල, සුළං, සූර්ය, ජෛවස්කන්ධ සහ අපද්‍රව්‍ය බලශක්ති ව්‍යාපෘති දක්වාම පුළුල් පරාසයක පැතිරුණු තිරසාර ව්‍යාපෘති සඳහා DFCC බැංකුවේ සහයෝගය හිමි වී ඇත. ඊට අමතරව, ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ පෙරළියක් ඇතිකිරීමට සමත් වනු ඇතැයි අපේක්ෂා කෙරෙන ව්‍යාපෘති දෙකක්, ලෝක බැංකුවේ සහ Global Environment Facility සංවිධානයේ සහයෝගය ඇතිව ක්‍රියාවට නැංවීමටද DFCC බැංකුව කටයුතු කළේ ය.

එමෙන්ම, තම මූල්‍ය ක්‍රියාකාරකම් හරහා වඩාත් පරිසර හිතකාමී තෝරාගැනීම් සිදුකිරීමට තම ගනුදෙනුකරුවන් යොමුකරවීමටත්, තිරසාර සංවර්ධනය හා ජීවන රටාවන් දිරිගැන්වීමටත් DFCC බැංකුව කටයුතු කරයි.

DFCC බැංකුවේ පරිසර හිතකාමී ගමන් මගේ එක් වැදගත් පියවරක් වන්නේ, සම්පත් කාර්යක්ෂම ලෙස භාවිතා කිරීමේ විධිවිධාන ක්‍රියාවට නැංවීම සහ කඩදාසී භාවිතය අවම කිරීම ය. බලශක්තිය හා කඩදාසි භාවිතය අවම කිරීම සඳහා තම ව්‍යාපාර ක්‍රියාවලි වෙනස් කිරීමට මෙන්ම ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් තිරසාර මාර්ගෝපදේශ හඳුන්වා දීමටත්, තම ගොඩනැගිලි මත සූර්ය බලශක්ති ජනන පද්ධති සවිකරමින් පුනර්ජනයීය බලශක්තිය භාවිතා කිරීමට යොමුවීමටත් DFCC බැංකුව පියවර ගෙන තිබේ. එමෙන්ම ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ඩිජිටල් බැංකුකරණ ක්‍රම භාවිතයට ගනිමින්, ගනුදෙනුකරුවන්ට අවශ්‍ය සියලුම සේවාවන් එකම තැනකින් ලබාගැනීමේ පහසුව සලසා දීමටද බැංකුව කටයුතු කළේ ය.

අභ්‍යන්තර වෙනස්කම්වලට සීමා නොවී පරිසර හිතකාමීත්වය මූලික කරගත් බාහිර ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීමටද DFCC බැංකුව සෑම විටම උත්සාහ කරන අතර, තිරසාර සංවර්ධන කටයුතු ක්‍රමවේදයන් වෙත යොමුවීම සඳහා සෑම විටම තම ගනුදෙනුකරුවන් හා සැපයුම්කරුවන් දිරිගන්වයි. එමෙන්ම හරිත තැන්පතු වැනි ක්‍රම හඳුන්වා දීම, සාම්ප්‍රදායික සීමාවන් ඉක්මවා යමින් පරිසරයට යහපතක් සිදුකිරීම සඳහා DFCC බැංකුව දරන ප්‍රයත්නයන් නිරූපණය කරන පැහැදිලි සාක්ෂියක් ලෙස හැඳින්විය හැකි වේ.

මේ සියලු ප්‍රයත්නයන් තුළ අත්කරගත් සාර්ථකත්වයන් හේතුවෙන් මේ ආකාරයට SLIM Brand Excellence Awards 2023 සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වීමට DFCC බැංකුව සමත් විය. ඉදිරියේදී හරිත මූල්‍ය සේවාවන් හරහා කාබන් දහනය වන ක්‍රියාකාරකම් සඳහා අවම වශයෙන් දායක වන (Carbon-neutral) බැංකුවක් බවට පත්වෙමින්, පරිසරයට, සමාජයට හා සමස්ත ශ්‍රී ලංකාවට යහපත් බලපෑමක් ඇතිකිරීම DFCC බැංකුවේ පරමාර්ථය වී තිබේ. එමෙන්ම එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක ඔස්සේ දේශගුණ විපර්යාස නිසා ඇතිවන බලපෑම් අවම කරමින්, මූල්‍ය අන්තර්කරණය ප්‍රවර්ධනය කරමින්, හරිත ආර්ථිකය උදෙසා වඩාත් පුළුල් ලෙස දායක වීමට DFCC බැංකුව සෑම විටම පියවර ගනු ඇත.

PR

Post Views: 80
Previous Post

විදුලි සැර වැදී ළමයෙකු මරුට

Next Post

ජනාධිපතිවරණයට අපෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා දැනුම් දෙනවා – මහින්ද රාජපක්ෂ

editor ttvnews

editor ttvnews

Next Post
ජනාධිපතිවරණයට අපෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා දැනුම් දෙනවා – මහින්ද රාජපක්ෂ

ජනාධිපතිවරණයට අපෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා දැනුම් දෙනවා - මහින්ද රාජපක්ෂ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved