27 April 2024
#දේශීය #පුවත්

විදුලි සැර වැදී ළමයෙකු මරුට

රත්තොට, ගම්මඩුව ප්‍රදේශයේ පදිංචි ළමයෙකු තැඹිලි ගසකට නැඟ තැඹිලි කැඩීමට යාමේදී විදුලි සැර වැදී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. ඊයේ (15) උදෑසන මෙම දරුවා තැඹිලි කැඩීමට යාමේදී තවත් ළමයෙකු ගසේ සිටි ළමයාට ලබා දුන් උණ ගසක් අධි බලැති විදුලි රැහැනක ගැටී මෙලෙස මිය ගොස් ඇති බව පොලිසිය කල මුළික විමර්ශනවලදී අනාවරණ වී ඇත.

මිය ගිය දරුවා වයස අවුරුදු 16 ක් වු කළුගල්තැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කර මාතලේ රෝහලේ මෘත ශරීරාගාරය් තැන්පත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් රත්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *