• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home වෙනත්

DFCC බැංකුවෙන් ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට

23 March 2023
in වෙනත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

DFCC බැංකුව රටේ තරුණ පරපුරේ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය සහ වෘත්තීමය ජීවිතයට අවශ්‍ය කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් වසර කීපයකට පෙර ආරම්භ කළ දීපව්‍යාප්ත ප්‍රජා සත්කාර වැඩසටහනක් වන ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන අඛණ්ඩව 5 වන වරටත් ක්‍රියාත්මක කර තිබේ.

ප්‍රධාන අංශ 6 ක් යටතේ DFCC බැංකුවේ ප්‍රජා සත්කාර වැඩසටහන් ක්‍රියාත්මක වන අතර, ‘සැමට ඉංග්‍රීසි’ යනු ඒ අතරින් ‘අධ්‍යාපන’ අංශය යටතේ ක්‍රියාත්මක වන වැඩසටහනකි.
මෙම වසරේ ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන යටතේ, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක වල වයස අවුරුදු 18 ත් 25 ත් අතර තරුණ තරුණියන් පිරිසකට තම ඉංග්‍රීසි භාෂා හා ඔවුන්ගේ කුසලතා සංවර්ධනය කරගැනීමට අවස්ථාව හිමි විය.

‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන හේතුවෙන් 2017 වසරේ සිට 2021 වසර දක්වා ගම්පහ, කළුතර, මහනුවර, කුරුණෑගල, ගාල්ල, අම්පාර, රත්නපුර, පොළොන්නරුව, යාපනය, බදුල්ල, අනුරාධපුර සහ වවුනියාව යන දිස්ත්‍රික්කවල තරුණ තරුණියන් 350 කට අධික පිරිසකට අවස්ථාව ලබා දුන් අතර, DFCC බැංකුවේ දීර්ඝකාලීන තිරසාර සංවර්ධන ක්‍රමෝපාය යටතේ, අභියෝග වලට ඔරොත්තු දිය හැකි ශක්තිමත් ප්‍රජාවක් නිර්මාණය කිරීමේ අරමුණින් මෙය ක්‍රියාවට නංවනු ලැබේ.

“ශ්‍රී ලංකාවේ මෙන්ම පිටරටවලත් රැකියා සඳහා, ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කර තිබීම ප්‍රධාන සුදුසුකමක් ලෙස සැලකෙනවා. එම නිසා මෙරට තරුණ පරපුරට තම ඉංග්‍රීසි දැනුම වැඩිදියුණු කරගැනීමට අත්වැලක් වීමට අප තීරණය කළා. එමගින් ඔවුන්ට තම පෞද්ගලික හා වෘත්තීය දියුණුව ළඟාකර ගැනීම සඳහා අවස්ථා රාශියක් උදාවෙනවා. එමෙන්ම ඉංග්‍රීසි භාෂාව දැන සිටීම මගින් ඔවුන්ට අන්තර්ජාලය ඔස්සේ තමන්ට කැමති පරිදි තොරතුරු ලබාගෙන දැනුම වැඩිදියුණු කරගැනීමටත්, නව දැක්මකින් යුතුව ලෝකය දෙස බැලීමට අවස්ථාව ලැබෙනවා. අඛණ්ඩව 5 වන වසරටත් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීමට හැකි වීම අපට මහත් සතුටක්.” DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා පැවසී ය.

මාස 4 ක කාලසීමාවක් පැවැත්වෙන ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන DFCC බැංකුව වෙනුවෙන් මෙහෙයවනු ලබන්නේ Gateway Language Institute මගිනි. වැඩසටහනට එක්වන තරුණ තරුණියන්ට අනාගතයේ රැකියා සොයාගැනීමට ලැබෙන අවස්ථාවන් තවදුරටත් වැඩි කිරීමේ අරමුණින් වෘත්තීමය කුසලතා සංවර්ධනයද එහි විෂය මාලාවට ඇතුළත් කර ඇත. පාඨමාලාවේ කථන ඉංග්‍රීසි පුහුණුව මාස තුනක කාලයක් සිදුකරනු ලබන අතර ඊට රැකියා වෙළඳපොළට අවශ්‍ය සන්නිවේදනය, මූලික ව්‍යාකරණ හා වාක්‍ය ව්‍යුහය, සවන්දීම, කියවීම සහ ලිවීම යන කුසලතා වැඩිදියුණු කිරීම ඇතුළත් වේ. මීට අමතරව දෙදෙනෙකු හෝ කණ්ඩායම් වශයෙන් සිදුකරන සාමූහික ක්‍රියාකාරකම්ද ඊට ඇතුළත් ය. මාසයක කාලයක් පැවැත්වෙන වෘත්තීමය කුසලතා සංවර්ධනය යටතේ කණ්ඩායමක් ලෙස එක්ව වැඩ කිරීම, කාලය කළමනාකරණය, කථනය, ඉදිරිපත් කිරීම, ලිවීම සහ සම්මුඛ සාකච්ඡා වලට මුහුණ දීම වැනි කුසලතා වැඩිදියුණු කෙරේ. DFCC බැංකුවේ ශාඛා පිහිටා ඇති ප්‍රදේශ ආසන්නයේ මෙම පාඨමාලාවන් පැවැත්වෙන නිසා, අයදුම්පත් කැඳවීමේ දැන්වීම් අදාළ ශාඛාවල ප්‍රදර්ශනය කෙරුණු අතර, මූලික ඇගයීමකින් අනතුරුව පාඨමාලාවන්ට සුදුස්සන් තෝරාගන්නා ලදි.

පාඨමාලාව සහ එය හැදෑරීමේදී අවශ්‍ය වන ලිපිද්‍රව්‍ය ආදිය නොමිලේ මෙහිදී පිරිනමනු ලබන අතර, පාඨමාලාව සාර්ථකව නිමකරන තරුණ තරුණියන්ට DFCC බැංකුව සහ Gateway Language Institute වෙතින් වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ. මීට අමතරව එම තරුණියන්ට, DFCC බැංකුව විසින් සිදුකරන ලද මූලික තැන්පතුවක් සහිත ඉතිරි කිරීමේ ගිණුමක්ද නොමිලේ හිමි වේ. පාඨමාලාව අතරතුර ඉහළම දක්ෂතා පෙන්නුම් කරන තරුණ තරුණියන්ට DFCC බැංකුවේ සීමාවාසික පුහුණු අවස්ථා හිමි වීම තවත් විශේෂත්වයකි.

 

 

DFCC” Samata English” CSR initiative continues supporting Youth with English Language and Soft Skills Training across the country

Guided by its wide-reaching sustainability strategy, DFCC Bank continues its Samata English, “English for Everyone,” social support and development programme for the 5th consecutive year, which is the Bank’s flagship project under the “Education” pillar, one of the 6 cross-cutting themes under the Bank’s sustainability vision, contributing towards resilient communities.

This year, the ongoing programmes will also empower a broad spectrum of youth aged 18-25 who have completed the GCE Advanced Level Examination in the Hambantota, Trincomalee and Nuwara Eliya Districts through the promotion and development of English language and soft skills.

Over the past years, from 2017 to 2021, DFCC Bank’s Samata English programme has directly benefited over 350 young people across the Island in Gampaha, Kalutara, Kandy, Kurunegala, Galle, Ampara, Rathnapura, Polonnaruwa, Jaffna, Badulla, Anuradhapura and Vavuniya. This programme is part of DFCC Bank’s long-term sustainability strategy and focuses on one of its core pillars, Developing Resilient Communities.

 

 

 

පිටපත – PR

Post Views: 1
Previous Post

ග්‍රාමීය කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කරමින්,”TVET සම්මන්ත්‍රණය සහ සම්මාන ප්‍රදානෝත්සවය අති සාර්ථකව නිමා විය

Next Post

පාසල් සිසුන් විවිධ කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත්වීමට ඉඩ දෙන්නේ නෑ – ජනපති

editor

editor

Next Post

පාසල් සිසුන් විවිධ කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත්වීමට ඉඩ දෙන්නේ නෑ - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved