27 April 2024
#ව්‍යාපාර

ග්‍රාමීය කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කරමින්,”TVET සම්මන්ත්‍රණය සහ සම්මාන ප්‍රදානෝත්සවය අති සාර්ථකව නිමා විය

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිපුණතා අංශයේ සංවර්ධන වැඩසටහන (SSDP), සමෘද්ධිමත් සහ ප්‍රත්‍යස්ථ (ඔරොත්තු දෙන) ආසියාව සහ පැසිෆික් කලාපයක් සඳහා වූ ජපන් අරමුදල (JFPR) සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමඟ සහයෝගයෙන්, “පුද්ගලික අංශය සඳහා නව්‍ය ප්‍රවේශයන් ප්‍රදර්ශනය කිරීම සහ ශ්‍රී ලංකාවේ TVET අංශයේ කාන්තා සවිබල ගැන්වීමේ” ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සඳහා එක්ව කටයුතු කරයි.

තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව (TVET) ලබා දීමෙන් සහ සාම්ප්‍රදායික නොවන සහ නැගීඑන අංශවල සහභාගීත්වය ප්‍රවර්ධනය කරමින් පුද්ගලික අංශය සම්බන්ධ කර ගනිමින් කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී තිබේ.

එහිදී, කාන්තා කළමනාකාරණ ආයතනය (Women in Management – WIM) සමඟ සහයෝගීතාවයෙන් යුතුව, මෙම ව්‍යාපෘතිය තුළින් දිවයින පුරා දිස්ත්‍රික්ක 14ක සිටින තරුණ ග්‍රාමීය කාන්තා ව්‍යවසායකයන් හඳුනාගැනීම සහ අගය කිරීම සම්මන්ත්‍රණ හා සම්මාන ප්‍රදානෝත්සවයන් හරහා සිදුවිය.

ඒ අනුව, මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් දිරිමත් කිරීම සහ දිරිගැන්වීම සඳහා TVET සම්මන්ත්‍රණය සහ සම්මාන ප්‍රදානෝත්සවය 2023 මාර්තු 22 වැනි දින කොළඹ ගලදාරි හෝටලයේදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී. කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, පෞද්ගලික අංශයේ ප්‍රධානීන් සහ රාජ්‍ය අංශයේ පාර්ශ්වකරුවන් මෙම අවස්ථාවට එක්වූහ. මෙම සමුළුව අතරතුර රැකියා සහ ව්‍යවසායකත්වය සඳහා වන ගෝලීය වෙළෙඳපොළ ප්‍රවණතා පිළිබඳව ප්‍රමුඛතම ව්‍යාපාර නායකයන් ගණනාවක් සාකච්ඡා කළහ. TVET වැඩසටහන යටතේ පසුගිය වසර හතර තුළ ඔවුන් ලබා ඇති ප්‍රගතිය වෙනුවෙන් TVET තරුණ ප්‍රතිලාභීන් 49දෙනෙකු මෙහිදී ඇගයීමට ලක්වීමද එහිදී සිදුවිය.

ව්‍යාපෘතිය සහ සම්මාන ප්‍රදානෝත්සවය පිළිබඳව අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේ පවසා සිටියේය., “TVET අධ්‍යාපනය, ඉල්ලුම මත පදනම් විය යුතුයි. ඒ වගේම, TVET පුහුණුව සපයන්නන් කර්මාන්තයේ ගතිකත්වයට ප්‍රතිචාර දැක්විය යුතුයි. විශේෂයෙන්ම වෘත්තිකයන්ගේ ලෝකයට ගැළපෙන වඩාත් දක්ෂ ශ්‍රම බලකායක් සැපයීම වෙනුවෙන්, පරිසරයේ වෙනස්වීම්වලට වඩා ප්‍රතිචාර දැක්වීමට පුහුණුව සපයන්නන් සඳහා අප පහසුකම් සපයනවා.” යැයි පවසා සිටියේය.

එමෙන්ම, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ මහතා අවධාරණය කළේ, “රජයේ හෝ පෞද්ගලික අංශයෙන් පන්නරය ලබා TVET උපාධිධාරියෙකු වෘත්තිකයන්ගේ ලෝකයට ඇතුළු වනවිට ඔවුන්ගේ ක්ෂේත්‍රය තුළ ඔවුන්ට ඉහළ නිපුණතාවයක් තිබිය යුතුයි. එය සාක්ෂාත් කර ගැනීම සඳහා ජාතික නිපුණතා ප්‍රමිතීන් (NCSs), විෂයමාලා සහ පුහුණු ක්‍රමවේදයන් ඒකාබද්ධ පද්ධතියක් මගින් නියාමනය කර සහතික කළ යුතුයි.” යනුවෙන් පවසා සිටියේය.

මෙවර සම්මාන ප්‍රදානෝත්සවයේදී ජාතික ජයග්‍රාහකයන් 8දෙනෙකු ඇගයීමට ලක්විය. ආරම්භක ව්‍යාපාරයන් වශයෙන්, කේ.ඒ. වාසනා සෙව්වන්දි (Seha Fashion) – රටා නිර්මාණය, ආර්.එම්.ඩී.එස්. රාජපක්ෂ (Travel Insider Sri Lanka) – සංචාරක සහ ආර්.එම්.සී.ආර්. රත්නායක (RM Shoes) – සම් නිෂ්පාදන යන අංශයන් ඇගයීමට ලක්වූහ. ව්‍යාපාරය පුළුල් කිරීම් වශයෙන්, ආර්.එස්. ඩිල්මා සාගරිකා දිසානායක (D Seams Fashion & Academy) – රටා නිර්මාණකරණය, එන්.ඩී. නිෂිකා සංජීවනී (Last Long Shoe Products) – ලෙදර් නිෂ්පාදන, අන්නම්ස් (Anams Architecture Design and Construction) – ඉදිකිරීම්, ඩෙල්සිකා සත්‍යනාදන් (Luck Architecture Development) – ඉදිකිරීම් සහ පී.ආර්. ලක්ෂිලා සඳමාලි ජයතිලක (Hi Tech Engineering) – සැලසුම්කරු යන අංශයන්ගෙන් ඇගයීමට ලක්වූහ. තවත් ආරම්භක ව්‍යාපාර ආයතන 22ක් සහ ව්‍යාපාර පුළුල් කිරීමේ දිස්ත්‍රික් ජයග්‍රාහකයින් 19දෙනෙකුද ඇගයීමට ලක්විය.

“පෞද්ගලික අංශය සඳහා නව්‍ය ප්‍රවේශයන් ප්‍රදර්ශනය කිරීම සහ ශ්‍රී ලංකාවේ TVET අංශයේ කාන්තා සවිබල ගැන්වීමේ” ව්‍යාපෘතිය විවිධ අභියෝග මධ්‍යයේ වුවද සැලකිය යුතු ජයග්‍රහණ ලබා ඇත. නිපුණතා අංශ කවුන්සිල පහක් (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, සංචාරක, ඉදිකිරීම්, නිෂ්පාදන සහ කෘෂිකර්ම) සඳහා උපාය මාර්ග සංවර්ධනය කිරීමෙන් ව්‍යාපෘතිය සාර්ථක වී ඇත. මීට අමතරව, ව්‍යාපෘතිය මගින් සාම්ප්‍රදායික නොවන අංශවල තරුණ කාන්තා ව්‍යවසායකයන් 1,486දෙනෙකුට අධික සංඛ්‍යාවකට ව්‍යවසායකත්ව පුහුණුව සහ මූල්‍ය ආධාර ලබා දී ඇත. ව්‍යාපාර ආරම්භ කිරීම සහ පුළුල් කිරීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 700ක් සඳහා රුපියල් මිලියන 165කට අධික ප්‍රදාන ලබාදීමද සිදුකර ඇත.

මෙහි විශේෂත්වයන් වන්නේ, ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් කැපී පෙනෙන සහ නව්‍ය ව්‍යාපාරික ප්‍රවේශයන් සහ අදහස් ප්‍රදර්ශනය කිරීම සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බොහොමයක් තිරසාර ආදර්ශ බවට පත්ව තිබීමය. එසේම, ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට ආශ්වාදයක් ලෙස ඔවුන්ගේ සාර්ථකත්වයේ ගමන්මගද ප්‍රදර්ශනය කිරීමද සිදුකර ඇත. එහිදී, මේ හා සම්බන්ධ වූ තරුණ කාන්තා ව්‍යවසායකයන් ක්ෂේත්‍ර ගණනාවක ව්‍යාපාර ආරම්භ කර ඇත. ඒ සිමෙන්ති ගඩොල් සෑදීම, සම් සපත්තු සෑදීම, ගෘහ නිර්මාණ ශිල්පය සහ ඉංජිනේරු, ඉදිකිරීම්, විදුලි වැඩ, පරිගණක දෘඩාංග, වානේ වැඩ, මෝටර් රථ සහ ගරාජ් සේවා, වඩු වැඩ සහ වෙනත් ආදී වශයෙනි. එහිදී, සහයෝගයෙන් එක්ව කටයුතු කරමින්, ව්‍යාපෘතියේ නායකයන් සහ ප්‍රවර්ධකයන් ශ්‍රී ලංකාවේ අඩු වරප්‍රසාද ලත් තරුණ තරුණියන්ගේ ජීවිත පරිවර්තනය කිරීමට සහ ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් සඳහා ඇති බාධක බිඳ දැමීමට අඛණ්ඩව අපේක්ෂා කරන බව වැඩිදුරටත් පවසා සිටියි.

 

TVET Conference & Awards 2023 – Promoting Rural Female Entrepreneurship Across Sri Lanka

The Skills Sector Development Program (SSDP) of the Ministry of Education, in collaboration with the Japan Fund for a Prosperous and Resilient Asia and the Pacific (JFPR) and the Asian Development Bank (ADB), are working together to implement the “Demonstrating Innovative Approaches for Private Sector and Women’s Empowerment in the TVET Sector in Sri Lanka” project. The Project aims to empower women economically by providing Technical and Vocational Education and Training (TVET) and engaging the private sector by promoting participation in non-traditional and emerging sectors. In partnership with Women in Management, the Project hosted the TVET Conference and Awards 2023, across 14 districts, to recognize and value young rural female entrepreneurs from across the Island.

The TVET Conference & Awards were held on the 22nd March 2023 at the Galadari Hotel, Colombo to inspire and motivate the beneficiaries of this project. Industry-experts, private sector leaders, and state sector stakeholders were present. A number of key leaders discussed global market trends for employment and entrepreneurship during the conference. 49 TVET Youth Beneficiaries were recognized at the event, for the progress they have achieved during the past four years under the TVET program.

Commenting on the project and the awards programme, the Hon. Susil Premajayantha, Minister of Education said, “TVET Education should be demand driven and TVET training providers must respond to the dynamics of the industry. We are facilitating training providers to be more responsive to the change in the environment in order to provide more skilful workforce who can fit in with the world of works.”

Meanwhile, Secretary to the Ministry of Education, Mr. M N Ranasinghe emphasized that, “a TVET Graduate produced by either Government or Private Sector has to be highly competent in their field when they enter the world of works. To achieve that, the National Competency Standards (NCSs), Curricular, and the Training methodologies need to be regulated and certified by a unified system”

8 National Winners emerged as follows: For Business Startups – Ms. K.A. Wasana Sewwandi (Seha Fashion) – Pattern Designing, Mr. R.M.D.S. Rajapaksha (Travel Insider Sri Lanka) – Tourism, and Mr. R.M.C.R. Rathanayake (RM Shoes) – Leather Products. For Business Expansion – Ms. R.S. Dilma Sagarika Dissanayaka (D Seams Fashion & Academy) – Pattern Designing, Ms. N.D. Nishika Sanjeewani (Last Long Shoe Products) – Leather Products, Ms/Mr. Annams (Annams Architecture Design and Construction) – Construction, Ms. Delsika Sathiyanathan (Luck Architecture Development) – Construction, and Ms. P.R. Lakshila Sandamali Jayathilake (Hi Tech Engineering) – Draftsperson. 22 other Start-ups and 19 Business Expansion District Winners were also recognized.

The “Demonstrating Innovative Approaches for Private Sector and Women’s Empowerment in TVET Sector in Sri Lanka” project has made significant accomplishments despite various challenges. The Project has been successful in developing strategies for five Skills Sector Councils (ICT, Tourism, Construction, Manufacturing and Agriculture), guiding them towards sustainability, and supporting the creation of more industry employment for youth, with a focus on females. Additionally, the Project has provided entrepreneurship training and financial support to over 1,486 young female entrepreneurs in non-traditional sectors, disbursing over 165 million rupees in grants to 700 SMEs for business start-up and expansion.

The Project’s beneficiaries have demonstrated outstanding and innovative business approaches and ideas, and most of these SMEs have become sustainable role models, showcasing their success stories as an inspiration for youth in Sri Lanka. Young female entrepreneurs have started businesses in a range of sectors, including cement brickmaking, leather shoemaking, architecture and engineering, construction, electrical work, computer hardware, steelwork, automobile and garage services, carpentry and others. Working together in collaboration, the principals and promoters of the Project look forward to continuing to transform the lives of underprivileged youth in Sri Lanka, and break barriers for Sri Lanka’s female youth.

 

පිටපත -PR

Leave a comment

Your email address will not be published. Required fields are marked *