27 April 2024
#දේශීය

ගාලු මුවදොර භූමියට සිදුව ඇති හානිය රුපියල් ලක්ෂ 49 ක් -නාගරික සංවර්ධන අධිකාරිය

ගාලු මුවදොර ආශ්‍රිතව ගෝඨාගෝගම නමින් ස්ථාපිත කර තිබු අරගල භූමියට සිදුව ඇති හානිය රුපියල් ලක්ෂ 49 ක් පමණ වන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

එම භූමිය නැවත සැකසීම සහ මූලික කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 1 ½ ක් සහ එහි තණ පිඩලි ඇල්ලීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 47 ½ ක් වැය වන බව නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරන ලද තක්සේරු වාර්තාවෙහි සදහන් වේ.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් ගෝල්ෆේස් පිට්ටනිය ආශ්‍රිත ප්‍රදේශයට සිදුකළ හානියට වන්දි අරගලකරුවන්ගෙන් අයකර ගැනීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විෂය භාර ඇමති අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට පසුගියදා උපදෙස් ලබා දී තිබුණි.

එම භූමිය තුළ අනවසර ඉදිකිරීම් රැසක් ඉදිකර තිබීම හේතුවෙන් පොදු මහජනතාවට නිදහසේ එම ප්‍රදේශය භාවිතා කිරීමට තිබූ අයිතියටද බාධාවක් සිදුව තිබේ. මෙම සියලුම ක්‍රියාවන් නාගරික සංවර්ධන පනත උල්ලංඝනය කිරීමකි. ඒ අනුව ඊට එරෙහිව පියවර ගැනීමට නාගරික සංවර්ධන අධිකාරියට බලය පැවරී ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *