දිවුලපිටිය පොලිස් වසමේ, උල්ලලපොල ප්‍රදේශයේදී 2026 ජූනි 04 වන දින සිදුකළ වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් ලීටර් 75ක් (බෝතල් 100ක්) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37ක් වන මදල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා දිවුලපිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
















