පමුණුගම පොලිස් වසමේ, උස්වැටකෙයියාව ප්‍රදේශයේදී 2026 ජූනි 04 වන දින සිදුකළ වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් ලීටර් 67.5ක් (බෝතල් 90ක්) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පමුණුගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 32ක් වයසැති උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් පමුණුගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















