27 April 2024
#දේශීය

රටක් විදිහට සැමරිය යුතු දේවල්වලට බිල්ලෝ මවන්න එපා – අධිකරණ ඇමැති අලි සබ්‍රි 

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳ අප රටක් වශයෙන් සතුටු විය යුතු බවත් ඇතැම් පිරිස් එය බොරු බිල්ලෝ මවමින් කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ වරාය නගර ආර්ථික කොමිසමේ නීතිමය තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා අද (18) පෙරවරුවෙ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ වරාය නගර ව්‍යාපෘතියේ චීන සංවර්ධන සමාගමට අයත් භූමි කොටස බදුදීම සඳහාත් ශ්‍රී ලංකා රජයේ අනුමැතිය අවශ්‍ය බවයි. එසේම මෙම කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පත් කිරීම් මෙන්ම ඉවත් කිරිම්ද රටේ ජනාධිපතිවරයා විසින් සිදු කරනු ඇති බවත් එහි සියළු දේ ජනාධිපතිවරයා යටතේ සිදු වන බවයි.

මෙය අප රටේ හැරවුම් ලක්ෂ්‍යය වනු ඇති බවත් ඒ සම්බන්ධයෙන් අප සැමරීම සිදු කල යුතු වේ. නමුත් රටේ සිදුවන සංවර්ධන කටයුතු වලදී අදෘශ්‍යමාන බලවේගයක් විසින් එය කඩාකප්පල් කරවමින් එම සංවර්ධන කටයුතු අඩාල කරන බව හෙතෙම පැවසිය. නමුත් මෙවර එම අදෘශ්‍යමාන බලවේගයට යටත් නොවිය යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඩුබායි සහ චීනය වැනි රටවල් මෙවැනි ව්‍යාපෘති මගින් දියුණු වු බවත් එවැනි ස්වර්ණමය අවස්ථාව අපට උදා වී ඇති බව අධිකරණ අමාත්‍යවරයා මෙහිදී පැහැදිලිව පවසා සිටියේය. ඒ අනුව විපක්ෂයේ සිටින පිරිස් විසින් සිදු කරනු ලබන දේශසහගත චෝදනා ඵලක් නොමැති බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *