27 April 2024
#දේශීය

ආගම, ජාතික සහ භාෂාව පෙන්වා කාටවත් හිරිහැර කරන්නට එපා – අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත්

තම දේශපාලන බලය ශක්තිමත් කිරීමට උත්සහ කරනු ලැබු පිරිසක් විසින් ආගමික අන්තවාදය අතකොළුවක් කරගෙන පාස්කු ප්‍රහාරය එල්ල කළ බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුහ.

උන්වහන්සේ මේ බව පැවසුවේ අද (18) පස්වරුවේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සිහිකිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එදා පාස්කු ප්‍රහාරයෙන් පිරිස මිය යාමට හේතුව ඇතැම් පුද්ගලයින්ගේ ආත්මාර්ථකාමිත්වය නිසා බව උන්වහන්සේ අවධාරණය කලේය.

ආගම, ජාතිය භාෂාව පෙන්වා තවත් කෙනෙකුට හිරිහැර කරන්නට එපා යැයි කාදිනල් හිමිපාණෝ ඉල්ලා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *